Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
16
මහ රෑ හොල්මන් චිත්‍රපටයක් බලපු මිතුරියන් දෙදෙනා මුහුණදුන් බියකරු අත්දැකීම

- මහ රෑ හොල්මන් චිත්‍රපටයක් බලපු මිතුරියන් දෙදෙනා මුහුණදුන් බියකරු අත්දැකීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

අපරාධයක් පසුපස හඹායෑම, සැඟවුණ අපරාධකරුවකු අල්ලා ගැනීම වගේම අපරාධයක් වළක්වා ගැනීම කියන්නෙත් වැදගත් සැලකිය යුතු වෘත්තියක්. එහි අනෙක් වෘත්තීන් තුළ මෙන් සිත් නිවන, පිනවන ස්වභාවයක් නම් නැති වෙන්න පුළුවන්. එහෙත් යම් අපරාධයක් වැළැක්වීමෙන්, වරදකරුවකු නීතිය ඉදිරියට රැගෙන ඒමෙන්, පුරවැසියන් වෙත ආරක්ෂිත සමාජයක් බිහි කිරීමෙන් ලද හැකි ආත්ම තෘප්තිය නම් අසමසමයි.



මන්ද සමාජය තුළ ආරක්ෂාව, සාධාරණය සහ යුක්තිය පතුරුවාලීම යනු ඉතා උත්කෘෂ්ට අනුපමේය රාජකාරියක් වනු නියතයි. එය ඉතාමත් කාර්යබහුල දුෂ්කර වෘත්තියක් වුණත් ඒ තුළින් අගනා කාර්යභාරයක් ඉටුකළ නිලධාරීන් බොහෝමයි.

සුලබ සාමාන්‍ය වෘත්තීය ක්ෂේත්‍රයක් නොවුණත් දක්ෂ නිරීක්ෂකයකුට අපරාධයක් තුළ ඇති සැඟවුණ සිදුවීම දැකගැනීමේ අපූර්ව හැකියාව තිබෙනවා. අපරාධයක් කව්වම අපට නම් ඉතින් තවත් එක මිනීමැරුමක්, මංකොල්ලයක්, පැහැර ගැනීමක් විතරයිනේ. එහෙමත් නැත්නම් භීතියක්, තැතිගැන්මක් ජනිත වීමක්ම පමණයි. නමුත් අපරාධයක් කියන්නේ එතරම් සරල සාමාන්‍ය දෙයක් නම් නෙවෙයි.

යම්කිසි අපරාධයක් තුළින් නිරීක්ෂණය කළ හැකි කරුණු රාශියක්ම තියෙනවා. ඒ තුළ මීට කාලාන්තරයකට පෙර සැඟවුණ අපරාධයන් ගැන වගේම ඉදිරියට සිදු කිරීමට සූදානම් වන අපරාධයන් පිළිබඳ තොරතුරුත් ගැබ්වෙලා තිබෙන්න පුළුවන්. ඒ නිසාම තමයි ඒ ක්ෂේත්‍රයට අදාළවත් වෘත්තිකයෝ, දක්ෂයෝ ලෝකය පුරාම බිහිවෙලා තිබෙන්නේ. ඔවුන්ගේ අන්න ඒ දක්ෂතා වගේම සූක්‍ෂ්මභාවය නිසාම තමයි සමහර අපරාධ, වංචා, මිනීමැරුම් රැසක් හෙළිදරව් වෙලා තිබෙන්නේ.

අපරාධ විද්‍යාව කියන පුළුල් විෂය බිහිවෙන්නත් හේතු වෙලා තියෙන්නේ ඔවුන්ගේ මේ සූක්‍ෂ්මභාවයම තමයි. අපරාධයක් තුළ තිබෙන සැඟවුණු රහස්, ඉතාමත් කුඩා නමුත් සියල්ලම කණපිට පෙරළිය හැකි හෝඩුවාවන් දකින ඇහැක් අපට නැති වුණත් අපරාධ විද්‍යාව පිළිබඳ දැනුමක් තිබෙන අදාළ ක්ෂේත්‍රවල පළපුරුද්දක් ලබපු අයට නම් මේවගේ සූක්‍ෂ්ම රටාවන්, හෝඩුවාවන්, සැලසුම් හඳුනාගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා.

මේ සැලසුම්, රටාවන් තුළින් ඔවුන් නිර්මාණය කරගන්නා උපකල්පන ඔස්සේ ක්‍රමානුකූලව ඔවුන් අපරාධකරුවන් හඹා යනවා. කාලයේ වැලි තලාවන්ගෙන් වැසී ඔවුන්ගේ සූක්‍ෂ්ම දෑස්වලින් ගිලිහී යන අපරාධත් නැතුවම නොවේ. අන්න ඒ වගේම තමයි ඔබ විශ්වාස නොකළත් මේ අතිදක්ෂ නිලධාරීන් පවා උභතෝකෝටික ගැටලුවලට ඇද දමන්න සමත් වුණ අපරාධත් මේ ලෝකය තුළ සිද්ධ වෙලා තිබෙනවා. අද අපි මේ කතා කරන්න යන්නෙත් අන්න ඒ වගේ අවසානයක් නොදැක ප්‍රශ්නාර්ථයක් ඉතුරු කළ අබිරහසක් පිළිබඳවයි.

මේ සිදුවීම සිද්ධ වෙන්නේ මීට අවුරුදු 10කට කලින්. ඒ කියන්නේ 2012 අවුරුද්දේ ඉන්දියාවේ “බැන්ගලූර්” කියන ප්‍රාන්තයේ. “The room made” කියලා නම් කරපු මේ කතාව එක්තරා අමනුෂ්‍ය කතාවක්.

ඉන්දියාවේ වෙනත් ප්‍රාන්ත දෙකක සිට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා බැන්ගලූර්වල තිබෙන එක්තරා විශ්වවිද්‍යාලයකට පැමිණෙන තරුණියන් දෙදෙනෙක් තමයි මේ සිදුවීමට මුහුණදී තිබෙන්නේ. එකිනෙකට වෙනස් ප්‍රාන්තවලින් පැමිණියත් මොවුන් ඉගෙන ගත්තේ එකම පාඨමාලාවක්. මින් පෙර මුණගැසී නැති වුණත් විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පස්සේ මොවුන් අතර හිතවත්කමක් ගොඩනැඟෙනවා.

කොහොම වුණත් මේ දෙන්නටම නවතින්න තැනක් ඒ වෙනකොටත් තිබුණේ නැහැ. මේ නිසාම අදාළ ප්‍රදේශයෙන් නවාතැනක් සොයා බලන්නට මොවුන් දෙදෙනාම කටයුතු කරනවා. එවිට ඔවුන්ට හුදකලා වූ එක්තරා නිවෙසක් හමුවෙනවා. ගෙදර කුලිය දෙන්නම බෙදාගෙන මේ ගෙදර නවතිමු කියල කතා කරගන්න යාළුවෝ දෙන්න අවුරුදු 02ක කාලයකට මේ ගෙදර කුලියට ගන්නවා. ඒ කියන්නේ ඔවුන්ගේ පාඨමාලාව අවසන් වනතුරුම මෙහි නවාතැන් ගැනීමට ඔවුන් තීරණය කරනවා.

විශ්වවිද්‍යාලයට පැමිණෙන්නට පෙර සිට හඳුනගෙන නොසිටියත් මේ දෙදෙනා ඉතා කෙටි කාලයකින් හොඳම යහළුවන් බවට පත්වෙනවා. එනම් මාස 06ක කාලයක් ඇතුළත මොවුන්ගේ ජීවිතවල සිද්ධ වුණ හොඳ, නරක සෑම දෙයක්ම, සෑම පෞද්ගලික දෙයක්ම දෙන්නට දෙන්නා හුවමාරු කර ගන්නවා. කාන්සිය, විඩාව නැතිවෙන්නත් එක්ක හැමදාම රෑට චිත්‍රපටයක් නැරඹීමට මේ දෙදෙනාම පුරුදු වී සිටියා. ඉතිං තරුණියන් දෙදෙනම එක් කාමරයකට ගොස් එක් තරුණියකගේ පරිගණකයෙන් සෑම රාත්‍රියකම චිත්‍රපට බලනවා. මෙහෙම චිත්‍රපට බලලා අවසානයේ රෑ 12.00 – 1.00 විතර වුණාට පසුව අනෙක් තරුණිය ඇගේ කාමරයට ගිහින් නිදාගන්නවා. මේ දෙන්නාගේ කාමර අතර මැද හෝල් එකක් පිහිටා තිබෙනවා. එක කාමරයක සිට අනෙක් කාමරයට පැමිණෙන්න මේ හෝල් එක පසුකළ යුතුයි.

එහෙම නිදාගෙන මේ දෙන්නා හැමදාම උදේ 7.00ට විතර අවදි වෙනවා. උදෑසන අවදි වූ සැණින් කිරි එකක් බොන එක මෙයාලාගේ දෛනික පුරුද්දක්. හැබැයි ඉන්දියාව වගේ රටවල අපේ රටේ වගේ කිරිපිටි නම් භාවිත කරන්නේ නැහැ. බොහෝ දුරට නැවුම් දියර කිරි තමයි ඔවුන් භාවිත කරන්නේ. ඒ නිසාම මේවා බෙදාහරින්න වෙනම පිරිසක් එහි සිටිනවා. එයාලා හැමදාම උදේට ඇවිත් මේ කිරි පැකට් එකක් ගෙදරටම දීල යන සිරිතක් එරට සමාජයේ නිරන්තරයෙන් දකින්න ලැබෙන දර්ශනයක්. ඇතැම් අය මේ සඳහා මාසෙටම ගෙවීම් කරනවා.

ඉතිං මේ දෙන්නගේ ගෙදරටත් හැමදාම උදේ 07ට විතර මෙහෙම කිරි පැකට් ගෙනත් දෙන්න පුද්ගලයෙක් එනවා. ඔහු හැමදාම මේක දීල යනවා. ඔවුන් ඊට පස්සේ තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශ්වවිද්‍යාලයට පිටත් වෙලා යනවා. මේ දෛනික සුපුරුදු ක්‍රියාවලිය කාලයක් තිස්සේ මේ විදිහටම සිදුවුණා.

මෙලෙස මාස 06ක් පමණ ගත වුණාට පසුව එක් දිනක් මේ දෙන්නා සුපුරුදු පරිදි චිත්‍රපටයක් බලන්න සූදානම් වෙනවා. හැබැයි මේ චිත්‍රපටය අමනුෂ්‍ය කතාවක් පාදක කරගත්ත චිත්‍රපටයක්. චිත්‍රපටය භාගයක් විතර බැලුවට පස්සේ එක තරුණියක් කියනවා “මට ටිකක් බඩගිනියි මං මගේ කාමරේට ගිහින් මොනවහරි කාල එන්නම් එතකන් මේක පොඩ්ඩක් නවත්තල තබන්න කියලා.”

මෙහෙම කියල ඇයගේ කාමරයට යන්න පිටත් වෙනවා. ඈ ගියා ගියාමයි එතැන් සිට කිසිදු තොරතුරක් නැතිව ටික මොහොතක් ගතවෙනවා. එහෙත් ඇය ආයෙමත් ආවේ නැහැ. ඉතිං ඔය විදිහට වේලාව ගෙවී ගොස් රාත්‍රි 12.45ත් පසු වෙනවා. තවමත් ඇය නැහැ. බොහෝ රෑ බෝවී තිබුණ නිසාම ඇයට නින්ද යන්නට ඇතැයි සිතන අනෙක් තරුණිය ඇයට දුරකථන ඇමතුමක් ලබාගන්නවා. ඒහෙත් ඒ වෙලාවේ ඇයගේ දුරකථනයත් ක්‍රියා විරහිතවයි තිබිල තියෙන්නෙ. ඇය නිදි ඇති කියල සිතා පසුව මේ තරුණියත් පරිගණකය ක්‍රියා විරහිත කරල නිදාගන්න තීරණය කරනවා. හැබැයි ඇයට නින්ද යන්නෙ නම් නැහැ.

මෙහෙම ටික වෙලාවක් යද්දි ඇයට මේ ගෙදර කවුරුහරි හයියෙන් ඇවිදින ආකාරයේ ශබ්දයක් ඇසෙන්න පටන් ගන්නවා. ඒකත් අඩි උස පාවහන් දාලා ඇවිදින ආකාරයේ ශබ්දයක්. ඇය සිතනවා ඒ තමන්ගේ යාළුවා කියලා. මොකද ඇයත් තරමක් මිටි යුවතියක් නිසා නිතරම ඉන්නේ අඩි උස පාවහන් දාගෙනම තමයි. එහෙත් ඇය කල්පනා කරනවා මේ වෙලාවේ ඇය එහෙම හයියෙන් එහාටයි මෙහාටයි ඇවිදින්නේ ඇයි? කියලා.

අන්න ඒ සැකය නිසාම ආයෙමත් ඇය ඇමැතුමක් අරගෙන බලනවා. එහෙත් ඒ වෙද්දිත් දුරකථනය ක්‍රියා විරහිතයි. ටික වෙලාවක් යනකොට අර ශබ්දය පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙන්න පටන් ගන්නවා. මේ වෙද්දි අලුයම එකේ කණිසමත් පසුවී හමාරයි. ඇයට තවමත් සිතාගන්න බැහැ මිතුරිය මේ වෙලාවේ මෙහෙම ඇවිදින්න හේතුවක් නම්. ඒ නිසාම එයා කාමරේ දොර ඇරගෙන හෝල් එකට ගිහින් බලනවා. ඒත් ශාලාවේ කවුරුත්ම නැහැ. ඇය තවත් පුදුමයට පත් වෙනවා.

නැවතත් කාමරයට ගිහින් නිදාගන්න උත්සාහ කළත් ඇයට නින්ද යන්නෙම නැහැ. ආයෙමත් මෙහෙම විනාඩි 15ක් පමණ ගතවුණාට පසුව හෝල් එකෙන් කවුරුහරි කෙනෙක් කෑගහන ශබ්දයක් මැයට ඇසෙනවා. ඇයට දැන් මේක විශාල ප්‍රශ්නයක්. කවදාවත් නැතුව මොකක්ද මේ ගෙදර මේ වෙන්නේ? කියලා ඇය යම් තැතිගැන්මකින්ම කල්පනා කරනවා. මේ ශබ්ද එන්නේ දිග ශාලාවෙන් කියලත් ඇයට හොඳටම විශ්වාසයි. එහෙත් ගිහින් බැලුවම කවුරුත් ඇත්තෙත් නැහැ. හැබැයි දැන් ඇයට තේරෙනවා මොකක්මහරි දෙයක් මේ ගෙදර සිදුවෙනවා කියලා.

ඒ නිසාම ඇය සිතනවා මොනදේ වුණත් ඇය කාමරෙන් පිටට නම් නොයා යුතු බව. මෙහෙම හිතාගෙන ඇය තමන්ගේ කාමරේටම වෙලා ඉන්නවා.

දැන් මේ ඇහෙන ශබ්දය ටික ටික ඇගේ කාමරය ළඟටම ළංවෙනවා. මේ වෙලාවෙදී ඇතිවෙන බයටම ඇයට හිතාගන්න බැරි වෙනවා මොකද කරන්නෙ කියලා. මේ ශබ්දය පවා එයාගෙ යාළුවගේ කටහඬ වගේම තමයි ඇහෙන්නෙ. තමන්ගේ යාළුවා කාත් එක්ක හරි කතා කරන ශබ්දයක් තමයි ඇයට ඇහිල තිබෙන්නේ. ඒ නිසාම නැවතත් දොර විවෘත කරගෙන ශාලාව ළඟට ගොස් බැලුවත් එවෙලෙත් කවුරුත් එහි දක්නට ලැබිලා නැහැ. මිතුරියගේ කාමරයත් වසා තිබෙන බව ඇය දකිනවා. එතකොට කවුද මේ කෑගහන්නෙ? ඇයට මේ කිසිම දෙයක් හිතාගන්න බැරි තැන ඇය නැවතත් වහාම කාමරයට පැමිණ දොර වසාගන්නවා.

හැබැයි එහෙම ඇවිත් නිදාගන්න හැදුවත් එවෙලෙත් ඇයට නින්ද ගියේ නැහැ. නිහඬව ගෙවුණ සුළු වෙලාවකට පස්සේ කවුරුහරි දෙන්නෙක්ගේ බහින්බස් වීමක් නැතහොත් වේගවත් වචන හුවමාරුවක් සිදුකරන ආකාරයේ විශාල ශබ්දයක් ඇයට ඇසෙන්න පටන් ගන්නවා. මේකත් ඇහෙන්නේ අර ශාලාවෙන්මයි. මේ සිදුවන දේවල් නිසා ඇයගේ බයත් ටිකෙන් ටික වැඩි වෙනවා විතරක් නෙවෙයි හෘද ස්පන්දනය පවා වේගවත් වෙන බව ඇයට හොඳටම තේරෙනවා.

දැන් ඇයට හොඳටම විශ්වාසයි මේ ගෙදර ඇතුළේ මොකක්මහරි අද්භූත සංකීර්ණ දෙයක් වෙනවා කියලා. එපමණක් නෙවෙයි මේ ඇහෙන ශබ්දය මුලින් හෝල් එකෙන් පටන් අරන් ඉන්පසුව ටිකෙන් ටික ඇයගේ කාමරය ළඟටම ඇවිත් ඉතාමත් හයියෙන් ඇහෙනවා. ඒ කියන්නේ එයාගේ කාමරේ දොර ළඟම කවුරුහරි දෙන්නෙක් විශාල වශයෙන් ශබ්ද නඟා වචන හුවමාරු කරන ආකාරයක් ඇයට හොඳටම තේරෙනවා. තියෙන බයත් එක්ක කරන දෙයක් හිතාගන්න බැරි නිසාම ඇය කෑ ගහල අහනව ‘කවුද මේ ගෙදර ඉන්නේ’ කියල. එතකොට එකපාරම ඒ ඇසෙන ශබ්දය නතර වෙනවා.

ශබ්දය නැවතුණාට පස්සේ මෙයාට හිතෙනවා යාළුවගේ කාමරේට ගිහින් එයා කාමරේ ඉන්නවද කියල බලන්න ඕනෙ කියල. මෙහෙම හිතල කාමරේ දොරත් විවර කරගෙන ශාලාවත් පසුකරගෙන යාළුවගේ කාමරේ තියෙන පැත්තට යනවා. මෙහෙම යද්දී යාළුවගේ කාමරේ ළං වෙනවිටම ළඟම තිබුණ කොස්සක් බිමට වැටෙනවා. මේක අහම්බෙන් වුණා වෙන්නත් පුළුවන්. නොවන්නත් පුළුවන්. නමුත් මේ තරුණිය හිටපු තත්ත්වයත් එක්ක ඇය මේ ශබ්දයට හොඳටම බිය වෙලා ආයෙමත් තමන්ගේ කාමරේට ගිහින් ‍ෙදාර වසාගන්නවා. හැබැයි විනාඩි 10ක් වත් යන්න ලැබෙන්නේ නැහැ. ආයෙමත් ඇයට තමන්ගේ යාළුවා හයියෙන් හඬන විධියේ ශබ්දයක් හොඳටම ඇසෙනවා. මෙවර යාළුවාම තමයි අඬන්නේ කියල ඇයට හොඳින්ම දැනෙනවා.

මේ වෙද්දී ඔරලෝසුවේ පාන්දර දෙවැනි පැයත් පසු වෙලා. ඒත් මේ කාමරේ ඇතුළේ ඉන්න තරුණිය හිතනවා දැන් නම් මොනදේ සිද්ධ වුණත් මං මේ කාමරෙන් එළියට යන්නේ නම් නැහැ කියලා. නොසෑහෙන්න බියට පත්වෙලා හිටපු නිසාම ඉහින් කනින් දාඩිය ගලනවා. මොකුත්ම හිතාගන්නත් බැහැ. මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සේ කවුරුහරි කෙනෙක් බිත්තිය හූරනව ඇයට ඇහෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි තවත් ටික වෙලාවකින් ඇගේ කාමරේ ‍ෙදාරත් කවුරුහරි හූරනව කියල ඇයට හොඳටම තේරෙනවා. මේ ගෙදර මොනවහරි දෙයක් අද වෙනව මගෙ යාළුවටත් මොනවහරි දෙයක් වෙනව ඇති හැබැයි මං එළියට යන්නේ නැහැ කියල තමන්ටම සපත කරගන්නා ඇය කෙසේ හෝ නිදාගන්න උත්සාහ කරනවා. මෙහෙම ඉද්දි පාන්දර තුනේ කණිසමට පමණ ඇය තද නින්දකට වැටෙනවා.

මෙහෙම නින්ද ගිහින් ඉද්දි උදෑසන හතට පමණ කවුරුහරි කෙනෙක් ‍ෙදාරට තට්ටු කරන ශබ්දයෙන් ඇය ගැස්සිලා අවදි වෙනවා. මේ හදිසි අවදි වීමත් එක්ක ඇයට විශාල සැකයක් ඇතිවෙනවා තමන් ඊයේ රෑ දැක්ක, ඇහුණ දේවල් ඇත්තටම වුණාද එහෙමත් නැත්නම් ඒ හැමදෙයක්ම සිහිනයෙන් දුටු දේවල්ද කියලා. මේ සැකය නිසාම කවුද දොරට තට්ටු කරන්නේ කියල ඇය තමන්ගේ කාමරේ ඇතුළෙ ඉඳන්ම අසනවා. ඒ වෙලාවේ එළියේ ඉඳන් දොරට තට්ටු කරපු කෙනා කියනවා මම කිරි අරගෙන ආවෙ.

‍දොර ඇරල තිබුණත් කවුරුත් එළියට ආවෙ නැහැ. ඒකයි මම ඇවිත් ඔයාගෙ දොරට තට්ටු කළේ කියල. එවිට කිරි පැකට් එක එළියෙන් තබා යන ලෙස ඇය ඔහුට පවසනවා. එහෙත් එම පුද්ගලයා එයට එකඟ නොවී ඔහු පවසන්නේ නැහැ, ඔබ ඇවිත් කිරි පැකට් එක අරගෙන මට මේ මාසෙ කිරි පැකට්වල සල්ලි දීල යන්න ලෙසයි. මන්ද, මොවුන් සාමාන්‍යයෙන් මසකට වරක් තමයි කිරි සඳහා මුදල් ගෙවීම් සිදුකර තිබුණේ. ඉන්පසු ඇය ඔහුට විනාඩි කිහිපයක් ශාලාවේ රැඳීසිටින ලෙස පවසා ඉක්මනින් මූණ ටිකක් සෝදගෙන කාමරේ දොරත් ඇරගෙන හෝල් එක ළඟට ගිහින් බලනවා.

එහෙත් ඇය එහිදී දකින්නේ සිහිනෙකින්වත් බලාපොරොත්තු වුණ විධියේ දර්ශනයක් නම් නෙවෙයි. ගෙදරට කිරි රැගෙන පැමිණි පුද්ගලයා හෝල් එක මැද මැරිල වැටිලා ඉන්නව තමයි ඇය දකින්නේ. ඔහුගේ බඩවැල් පවා එළියට ඇවිල්ල තිබෙනවා. ඇයට කාමරේ ඉඳලා මෙතනට එන්න ගියේ විනාඩි 05යි. හැබැයි බැලූ බැල්මටම දක්නට ලැබුණේ ඔහු මියගොස් පැය කිහිපයක් පමණ ගතව ඇති බවයි. මොකද ඒ තරම් හැම තැනම ලේ විසිවෙලා තිබුණා. තමන් මීට විනාඩි පහකට කලින් කතා කළ මනුස්සයා මේ විධියට මියගොස් සිටිනවා දැක්කම ඇයට කිසිම දෙයක් සිතාගන්න බැරි වුණා. කර කියා ගන්න දෙයක් නැති තැන කෑගහගෙන අනිත් පැත්ත හැරෙන කොට ඇය දකින්නේ ඇයව සිහිසුන් වන ආකාරයේ ඉතාමත් බිහිසුණු දර්ශනයක්.

කිරි රැගෙන එන පුද්ගලයා මියගොස් සිටිනවා මෙන්ම ඇගේ මිතුරියත් මියැදිලා බිම වැටිල ඉන්නවා ඇය දකිනවා. ඒ මරණය කෙතරම් බිහිසුණුද කියනව නම් එයාගේ යාළුවගේ ඔළුව තිබිල තියෙන්නේ ඔළුව තියෙන්න ඕන තැනනම් නෙවෙයි. ඒ කියන්නේ ඇයගේ ඔළුව තිබිල තියෙන්නේ ඇයගෙම අතේ. ඒ තරම්ම භයානක විදිහටයි ඇය මැරිල ඉඳලා තියෙන්නේ. මේ වගේ දෙයක් දැක්කම අර තරුණියට මොනව හිතෙන්න ඇතිද? මොනතරම් බයක් දැනෙන්න ඇතිද? කොහොම වුණත් සිහිසුන් නොවී කෑගහගෙන ශාලාවෙන් පිටත පැනල එළියට දුවගෙන ගිහින් වටපිටාවේ මිනිස්සු හැමෝටම ඇයට මේ මුහුණ දෙන්න වුණ සිද්ධිය ගැන කියනවා. වහාම පොලිසියටත් මේ ගැන දැනුම් දෙන්න ඔවුන් කටයුතු කරනවා.

පොලිසිය ඇවිත් මේ ස්ථානයේ සියලුම සෝදිසි කිරීම් කටයුතු කරනව. මෙහෙම සෝදිසි කරල බලනකොට මැරුණ කාන්තාවගේ අතේ ඇඟිලිවල සෑහෙන්න සලකුණු තිබිල තිබෙනව. ඒ කියන්නේ බිත්ති සූරපු විදිහට. මේ සලකුණු නිසාම පොලිසිය ඒ ස්ථානයේ බිත්ති දොරවල් ආදියත් පරීක්ෂා කරල බලනවා. ඒ අවස්ථාවේදී බිත්තිවලත් අනිත් කාන්තාවගේ කාමරේ දොරෙත් මේ සීරීම් ලකුණු නිරීක්ෂණය කරන්න හැකි වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ කාන්තාව මැරෙන්න කලින් යාළුවගේ දොර මේ විදිහට සීරුවද?

ඉතින් පොලිසියත් හැම කෝණෙකින්ම තමන්ගේ විමර්ශන කටයුතු සිදුකරනවා. බැලූ බැල්මටම කාගෙත් වගේම පොලිසියේ සැකයත් මුලින්ම එල්ල වෙන්නේ මියගිය කාන්තාව සමඟ බෝඩිමේ හිටිය අනෙක් කාන්තාව වෙතයි. ඒ නිසාම පොලිසිය ඇයගෙන් දීර්ඝ කට උත්තරයක් ගන්නවා. එතනදී ඇය කියන කට උත්තරය තමයි අපි මෙතෙක් වෙලා මේ ඔබ සමඟ බෙදාගත් කතාව. ඇත්තටම ඒ කතාව ටිකක් විශ්වාස කරන්න අමාරුයිනෙ. අනික පොලිසියටත් මෙතන පැහැදිලි සාක්ෂි කිසිවක්ම නැහැ. ඒ නිසාම මේ කාන්තාවගේ කතාවත් පිළිගන්න ඔවුන් පැකිළෙනවා. ඒ නිසාම පොලිසිය ඇයව අත්අඩංගුවට අරගෙන පොලිග්‍රැෆි පරීක්ෂණයක් කරනවා. ඒ කියන්නේ ඇය ඇත්ත කියනවද බොරු කියනවද කියල දැනගන්න පරීක්ෂණයක් ඔවුන් සිදු කරනවා. එදා රෑ පිළිබඳව ඇය කියපු සෑම දෙයක්ම ඇත්තක් කියල මේ පරීක්ෂණයේදී සනාථ වෙනවා

පොලිසිය සෑම පැත්තෙන්ම සොයල බලනව ඒ මොහොතේ කවුද මේ ගෙදරට ඇතුළු වුණේ, කවුද මේ ගෙදරින් පිට වුණේ කියල. එහෙත් කිසිදු හෝඩුවාවක් ලබාගැනීමට පොලිසියත් අපොහොසත් වෙලා තිබෙනවා. ඒ පමණක් නොවෙයි. පොලිසිය ඒ ප්‍රදේශයේ තියෙන හැම CCTV කැමරාවක්මත් පරීක්ෂා කරල බැලුවත් සැක සහිත කිසිම දෙයක් එතනදිත් නිරීක්ෂණය වෙලා නැහැ. එතකොට ඇත්තටම මෙතන මොකද වුණේ?

මේ දෙන්න අතර මොකක්හරි රණ්ඩුවක් වෙලා මේ දෙන්න ගහගත්තත් මේ විදිහට මැරෙන්න විදිහක් නැහැ. මොකද අර කාන්තාවගේ බෙල්ල කපල ඇයගෙම අතේ තිබෙනවා. අනෙක් පුද්ගලයගේ බඩවැල් ඔක්කොම එළියට ඇවිත් තිබෙනවා. ඉතින් කොච්චර කල්පනා කළත් මේ අපරාධය ගැන අදහසක්වත් පොලිසියට ලබාගන්න බැරි වෙනවා. ඒ නිසා පොලිසිය අමනුෂ්‍ය ආත්මයන් ගැන පරීක්ෂණ කරන පිරිසකට මේ සිදුවීම භාරදෙනවා. ඔවුන් මේ ගෙදරට ඇවිත් පරීක්ෂණ කරල පොලිසියට වාර්තාවක් දෙනවා.

ඔවුන් පවසන ආකාරයට එදා රෑ ඉතාමත් භයානක අමනුෂ්‍ය ආත්මයක් මේ ගෙදරට ඇවිල්ල මේ දෙන්නව මරල තිබෙනවා. මේ මැරුණ කාන්තාව හා කිරි ගේන පුද්ගලයා අතර ආදර සම්බන්ධතාවක් තිබිල තිබෙනවා. ඉතිං මෙයාල හැමදාම රෑට බෝඩිමේදී මේ විදිහට මුණගැහිල තිබෙනවා. එදත් මේ දෙන්න සුපුරුදු විදිහට මුණගැහෙනවා. අන්න ඒ වෙලාවේ මෙයාල නොහිතපු විදිහට අමනුෂ්‍ය ආත්මයක් ඇවිත් මේ දෙන්නට පහර දීල ගියා කියල තමයි ඔවුන් ඒ වාර්තාවෙන් පැහැදිලි කරල තිබෙන්නේ. ඔප්පු කළ හැකි පිළිගත් ප්‍රායෝගික කරුණු ඉන් අනාවරණය නොවන නිසා පොලිසියේ විමර්ශන කටයුතුවලට ඇත්තටම මේ වාර්තාවෙන් නම් එතරම් සහයෝගයක් ලැබෙන්නේ නැහැ.

ඇත්තටම මෙතන මොකද වුණේ? අමනුෂ්‍ය ආත්මයක් ඇවිත් මේ දෙන්නව මරණයට පත් කළාද? එවැන්නක් සිදුකිරීමට තරම් අමනුෂ්‍ය ආත්මෙකට ශක්තියක් තිබෙනවද? එහෙම කළා නම් උදේ ‍ෙදාරට තට්ටු කරල අනිත් කාන්තාවට කතා කළේ කවුද? මේ අපි දකින සීමිත දැක්ම වෙනස් කරන්න කාලයද?

අමනුෂ්‍යය කතාවක් වුණාට මේක ඉන්දියාව පුරාම පැතිරුණු කතාවක්. The Room Made India Story කියලා අන්තර්ජාලයෙන් බැලුවා නම් ඔබටත් මේ පිළිබඳ ලියැවුණු ලිපි රාශියක්ම සොයා ගන්නට පුළුවන් වේවි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top