Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
15
විශ්වාස කරන්න පුළුවන්ද මේ තරම් කුරුල්ලො ගොඩක්? උතුරුකරයට එන පක්ෂීන් ගැන කෙරෙන විශේෂ හෙළිදරව්ව

- විශ්වාස කරන්න පුළුවන්ද මේ තරම් කුරුල්ලො ගොඩක්? උතුරුකරයට එන පක්ෂීන් ගැන කෙරෙන විශේෂ හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

රත් වු උණුසුම් වාතයේ ඇති පීඩාකාරී බව මඳකට හෝ සමනය වන්නේ හමනා මද සුළඟ නිසාවෙනි. ඇරත් මේ ප්‍රදේශයට නම් අව්වේ ඇති රුදුරු බව කෙසේ දැයි විස්තර කිරීම අවශ්‍ය නැත. අප මේ රැඳී සිටින්නේ අපේ රටේ ව්‍යාප්ත සෙසු පාරිසරික කලාපයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ උණුසුම් දේශගුණික තත්ත්වයන් හමුවේ කටුක පාරිසරික කලාපයක් ආශ්‍රිතවයි.



සෑම අතම රජයන්නේ දැඩි හිරු රැස් අභිමුව දැවී, තැවී, කර වූ වටපිටාවක්. මේ ඇසුරේ දිවි ගෙවන මිනිසුන්ගෙන් පවා දිස් වන්නේ ඒ බවට විද්‍යාමාන වන රූ සෝබාවන්. කරදිය මුසු ජලය සිප ගනිමින් ඇදී යන සුළඟින් පවා තව තවත් වේලුම් කන වියළි තණ පත් බුදිමින් කේඩෑරි වුණු අත් පා අවසඟව විසි කරමින්, තම විසල් බංඩි ගෙඩි දරා ගෙන හතර අතේ නිදහසේ ඇවිද යන බූරුවන් නම් බැලූ සෑම පැත්තකම වාගේ දැක බලා ගත හැකියි. ඒ දැකුම දකින සිතක නම් ඇති වන්නේ මේ පාරිසරික කලාපයන්ට උචිතම සහ අනුවර්තනය වී ඇති සුවිශේෂි සත්ත්ව විශේෂය වන්නේ මේ බූරුවන් බවයි.

නෙතට රසඳුනක් දිය නොහැකි ඒකාකාරී පාරිසරික නිරීක්ෂණ අතරට නවමු බලාපොරොත්තුවක් එක් කරමින් මන්නාරම් පුරවරය විචිත්‍රත්වයෙන් පිරවීමට සමත්කම් පානා දසුන් බොහොමයක්ම මේ උණුසුම් වටපිටාවට එක් කරන්නේ සිසිලස මුසුවු හැඟුමක්. මන්ද, හාත්පස දසුන කෙතරම් ප්‍රබල ද යත් වැඩිමනත්ම කුරුලු ලෝලීන්ගේ පාරාදීසයක් බවට කටුක දේශගුණික කලාපයක පිහිටි මන්නාරම පරිවර්තනය වීමට ගත වන්නේ නිමේෂයක් නිසා. එයට හේතුව වන්නේ අපේ රටට පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙන් මන්නාරම අවට තෙත් බිම් හා කලපු පාරිසරික කලාප පිරී ඉතිරී යෑමයි.

අපි මන්නාරම ඉඳන් වෙරළ දිගේ ඉහළට යාපනය දක්වාත්, යාපනය ඉඳන් වෙරළ දිගේ පහළට මුලතිව් දක්වා ඇති සියලුම කලපු කලාප අපේ ගැවසුම් කලාප බවට පත් කර ගත්තේ ද පර්යතනික පක්ෂීන් ගැන බොහෝ කරුණු කාරණා රැසක්ම අධ්‍යනයට බදුන් කළ යුතුව ඇති නිසාවෙන්. පර්යතනික පක්ෂීන් අරබයා සිදු කළ අධ්‍යයන කටයුතු නම් වශයෙන් කියනවා නම් නයාරු කලපුව, කෝකිලායි කලපුව, නන්දිකඩාල් කලපුව, චුණ්ඩිකුලම් කලපුව, අලිමංකඩ, නගර්කෝවිල්, සරසාලේ, ඩෙල්ෆ් දූපත, කයිට්ස්, මණ්ඩතිව් දූපත්, කරෙයිනගර්, ඩෙවිල්ස් පොයින්ට්, වෙඩිතලතිව්, වාන්කාලෛයි, පේසාලෛයි, ඌරු මලේ, කෝපායි, කන්කසන්තුරේ ආශ්‍රිත සියලුම ජලජ පරිසර පද්ධති ආශ්‍රිතව සිදු කිරීමෙන් පර්යටනික පක්ෂීන් සම්බන්ධව බොහෝ දෑ දැන කියා ගත හැකි වුණා.

පර්යතනික පක්ෂීන්ගේ හැසිරීම් රටා අපූර්වත්වයෙන් පරිපූර්ණයි. විස්මයජනකයි. ඒ හැම දෙයක්ම පරිසරයට ආදරය කරන ඔබ වෙත ගෙන ඒම අපේ යුතුකමක්. මන්ද යත් පරිසරය යනු ජීවිතයට බද්ධ වූ විෂයක්. පරිසරය විඳින්න නම් පරිසරයේ නිහඩ බසට ඇහුම්කන් දෙන්න සවන්පත් පුරුදු කළ යුතු බවත් සටහන් තැබිය යුතුයි.

සංක්‍රමණික විහඟින් යනු සැතපුම් දස දහස් ගණනක් වුව ද පියාසර කළ හැකි දක්ෂ පියාසැරියක් හිමි වන කුරුලු විශේෂයන් වශයෙන් හැඳින්විය හැකියි. ඔවුන් ද ස්වකීය ජන්ම බිම් ආශ්‍රිතව පවතින අහිතකර පාරිසරික සාධක මඟිහරිමින් එම තත්ත්වයන් පහව යනතුරු තම ප්‍රධාන සංක්‍රමණික ඉලක්කය වන ගොදුරු බිම් සොයා සිදු කරනා ගමන් සංචාරයේදී අවසන් නැවතුම වශයෙන් තෝරා ගනු ලබන්නේ සමකාසන්න උණුසුම් රටවල්ය. ඒ අතරේ ශ්‍රී ලංකාවට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්.

අවමය තුන් දහසේ සිට උපරිමය විසිදහසක් තිස් දහසක් වුව ද විය හැකි සියක්කාරයින් සෑම විටෙකදීම විසල් වූ රංචු වශයෙන් ගැවසීමටම ප්‍රිය කරයි. තමන් උපන් බිමේ සිට පර්යටන බිම් සොයා මේ අය ඇදී එන්නේ ද මේ ආකාරයේ විසල් රැළ ලෙසටයි. ඒ අතරේ තම නිජබිම මතදී කැදලි තනා බිජු දමා පැටවුන් තනා උස් මහත් කර ගත් වැඩිවියට පත් නොවූ ගැටවරයිනුත් සිටිනවා.

ලොව වෙසෙන එකොළොස් දහසක් පමණ වන කුරුලු විශේෂ අතරින් පන්සියයක් පමණ ශ්‍රී ලංකාවේදී දැක ගත හැකියි. කුරුලු විශේෂ 250ක් පමණ අප රටෙහිම ඉපිද, කැදලි තනා බිත්තර දමා අවුරුද්ද පුරාම මෙහි ජීවත්වන දේශීය පක්ෂීන්. භාවිතය පහසු නිසා ඔවුන් නිවැසි කුරුල්ලන් විදියට නම් කළ හැකියි. ඉන් විශේෂ 34 ක් පමණක් ලෝකයේ වෙනත් කිසිදු දේශයක දක්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් නිරීක්ෂණය කිරීමේ භාග්‍යය ඇත්තේ අපේ රට තුළ පමණයි. එබඳු පක්ෂීන් ආවේණික පක්ෂීන් ලෙස නම් කළ හැකියි. අප රට තුළ වාර්තා වන සමස්ත කුරුලු විශේෂ 500 කට ආසන්න සංඛ්‍යාව අතරින් විශේෂ 250 ක්, එනම් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් සංක්‍රමණික පක්ෂීන් විදියට පැමිණ ශීත සෘතුව අපේ රට තුළ ගත කරලා ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා අප රට තුළ නතරව හිද (වසරින් හරි අඩක් පමණ) නැවත ඔවුන්ගේ බිජු ලන කලාප වෙත සංක්‍රමණය සිදු කරනවා.

සොබාදහමේ සොදුරු පණිවිඩයන් ලොව පුරා රැගෙන යන දූතයන් වැනි සංක්‍රමණික සියොත් කැල කෙරෙහි අවධානය යොමු කරවන ලෝක සංක්‍රමණික පක්ෂීන්ගේ දිනය සෑම වසරකම මැයි මස දෙවන සෙනසුරාදා සහ ඔක්තෝබර් මස දෙවන සෙනසුරාදාට යෙදී තිබෙනවා. එක් වසරක් තුළ එකම කරුණ මුල් කර ගත් දින දෙකක් ප්‍රකාශයට පත් කිරිමේලා මුල් වු සාධක කෙරෙහිත් අපගේ අවධානය යොමු කළ යුතුයි. වසරේ දින දෙකක්, එනම් වසර ඇරඹුමේ පස් වන මාසයේ හා වසර අග දස වැනි මාසයේ එක් දින බැගින් දින දෙකක් ලෝක සංක්‍රමණික පක්ෂීන්ගේ දිනය ලෙස නම් කිරීම තුළින් මෙම විෂය හා බැදුණු පාරිසරික වැදගත්කම ඉස්මතු කරමින් එයට ඇති බාධා හඳුනාගැනීම සහ එවැනි බාධා නැති කරමින් සමස්ත පක්ෂී වර්ගයාටම මහීතලය එක් නිවස්නයක් සේ ගෙන වාසය කිරීමේ ඇති වැදගත්කම කෙරෙහි ලෝ වැසියන්ගේ අවධානය යොමුකරවා ගැනීම මෙහි මුඛ්‍ය පරමාර්ථය ලෙසත් සඳහන් කළ හැකියි.

සංක්‍රමණික වන සත්ත්ව විශේෂයන් සංරක්ෂණය පිළිබඳ සම්මුතියේ පාර්ශවකරුවකු ලෙස අප රට නියෝජනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව සිටිනවා. වර්ෂ 1979 නැඟෙනහිර ජර්මනියේ බොන් නගරයේ අත්සන් තබන ලද සංක්‍රමණික වන සත්ත්ව විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතිය (Convention On The Conservation Of Migratory Species Of Wild Animals - Bonn Convention) බොන් සම්මුතිය යන කෙටි යෙදුමෙනුත් හඳුන්වනවා. වර්ෂ 1983 සිට ක්‍රියාත්මක මෙම සම්මුතිය තුළින් මෙබදු සත්ත්වයින්ගේ වාසස්ථාන සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීම හා සත්ත්වයින්ට සංක්‍රමණය සඳහා ඇති බාධා අවම කරමින් එබඳු සත්ත්වයින්ගේ පැවැත්මට තර්ජනයක් වන සාධක පාලනය කිරීමත් අවධානයට යොමු වන කරුණු අතරට අයත්. ඒ අනුව භෞමික, ගුවන සහ සමුද්‍රීය නියෝජනයන් සහිත සංක්‍රමණික සත්ත්ව විශේෂ ඔවුන්ට ජීවත් වන නිජ බිම් සහ සංක්‍රමණික බිම් යන සමස්ත විසුම් පරාසයන් තුළදීම සංරක්ෂණයට ප්‍රමුඛතාවය දීම සිදු වෙනවා.

මෙවර ලෝක සංක්‍රමණික පක්ෂි දින තේමාව බවට පත්ව ඇත්තේ "සංක්‍රමණික පක්ෂින්ගේ ගමන් පථයන් අවුල් වියවුල් තත්ත්වයට පත් කරනා ආලෝක දූෂණය කෙරෙහි අවධනය යොමු කරමු" යන අරුතැති තේමාවක්. එය කාලීන තේමාවක් බව නොරහසක්. මන්ද යත් බොහෝ සංක්‍රමණික පක්ෂීන් පර්යතනය සදහා තෝරා ගන්නේ නිසසල රාත්‍රී කාලයයි.

රාත්‍රී සංක්‍රමණයට හුරුව සිටිනා පර්යතනික විහඟුන්ගේ ගමන් පථයන් අවුල් සහගත වීම, තම සුපුරුදු ගමන් පථයෙන් පරිබාහිර වූ සංක්‍රමණික ගමනාන්තයක් වෙත යොමු වී අතරමං වීම, සංක්‍රමණය හා බැඳුණු ඔවුන්ගේ ජීවී ක්‍රියාවලිය ව්‍යාකූල තත්ත්වයට භාජනය වීම, කෘත්‍රිම ආලෝක පසුපස හඹා ගොස් විවිධ අනතුරුවලට හෝ ජීවිතක්ෂයට පත් වීම ද කෘත්‍රිම ආලෝකය හේතුවෙන් පර්යටනික පක්ෂීන් මුහුණ දෙන ගැටලු අතරට අයත්.

වසරේ දින දෙකක් හෝ එක් දිනක් හෝ එම දිනය සංක්‍රමණික පක්ෂින් නමින් නම් කිරීම හරහා බලාපොරොත්තු වන්නේ එම සත්ත්වයින් තම උපන් බිම්වලින් පිටත එනම් සංක්‍රමණික පක්ෂි සමය තුළදී ගත කරනා භූමිය ඇසුරේදීත් අවැසි ආරක්ෂාව සැලසීමයි. එය රටක් ලෙස අප සතු වගකීමක්. නේක විද වූ වර්ණ සංකලනයෙන් සමන්විත පිහාටු ගොමුවෙන්, නාද සංකලනයෙන් සහ ක්‍රියාශීලීත්වයෙන් මිනිස් සිත් සතන් සජීවී බවින් පිරවීමට සමස්ත සත්ත්ව වර්ගයා අතුරින් සියොත් කැල සුවිශේෂී සමත් බවක් පාන බව නොරහසක්. අවැසි මෙබඳු සත්ත්වයින් සතු ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරනු වස් කළ යුතු දේ නොපමාව ඉටු කිරිමයි.

සටහන සඳමල් රශ්මී .ශ්‍රී. බුද්ධික
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top