Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
15
“...දැන් මට මගෙ දරුවන් දකිද්දි ඒ සිද්ධි එක පෙළට මැවෙනවා. තනි මම මොනව කරන්නද කියලා කල්පනා කරද්දි මට මතක් වුණා..” - ගායිකා දීපිකා ප්‍රියදර්ශනිගෙන් අතිශය වේදනාබර සටහනක් - Photos

- “...දැන් මට මගෙ දරුවන් දකිද්දි ඒ සිද්ධි එක පෙළට මැවෙනවා. තනි මම මොනව කරන්නද කියලා කල්පනා කරද්දි මට මතක් වුණා..” - ගායිකා දීපිකා ප්‍රියදර්ශනිගෙන් අතිශය වේදනාබර සටහනක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

'බොරළු ඇනෙන පය රිදවන'
'කවිය ඔබ'
'සරෝජා මගේ දෝණියේ'
වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ දීපිකා ප්‍රියදර්ශනී ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

අතිදක්ෂ ගායන ශිල්පිනියක් වන දීපිකා මුහුණු පොතෙත් බොහෝම සක්‍රීය චරිතයක්.


පසුගිය දවසක ඇය සංවේදී සටහනක් ඇගේ මුහුණු පොතේ පළ කර තිබුණේ ඇය ගැයූ ගීයක් ගැනද කියමිනුයි.

මගෙ දරු දෙන්න වඩාගෙන හුරතල් කරද්දී, කෑම කවා ගන්න බැරිව වද වෙද්දී, අසනීපයකදී දුක් වෙද්දී, අතොරක් නැතිව උන්ව ආදරෙන් ඉඹ ගනිද්දි මට මුළු ලෝකයම අමතක වෙනව. ඒක හරිම ආත්මාර්ථකාමී හැඟීමක් කියල මම දන්නව. ඒක කොච්චරක් විශාලද කියනවනං, ලෝකයේම දරුවන්ට සිදුවන අසාධාරණ, දූෂණ, අකටයතුකම්, විඳින අනේක විධ දුක් කම්කටොලු අඩත්තේට්ටන් දකිද්දි ආයෙත් මට මතක්වෙන්නේ මගෙ දරුවො දෙන්නව.

පහුගිය දෙසතියේත් ලංකාවේ ප්‍රදේශ දෙකකින් දරුවන්ට සිද්ධවූ අමානුෂික සිදුවීම් දෙකක් කණවැකුණා. ඒව විස්තර කරල ලියන්නවත් හිත නෑ. දැන් මට මගෙ දරුවන් දකිද්දි ඒ සිද්ධි ප්‍රවෘත්ති එක පෙළට මැවෙනව. තනි මම මොනව කරන්නද ඒ දරුවන් වෙනුවෙන් කියල කල්පනා කරද්දි මට මතක් වූණා මම එවන් දැරියක වෙනුවෙන් ගැයූ ගීයක්.

කෑ ගසා පවසාවී
හිරුට හැකි වේ නම්
සිය නෙතින් දුටු දේ
ඉකි ගසා මුමුනාවී
මිතුරු වන සියොතුන්
යෙහෙළියට වූ දේ

ගීතය ලියන්න හේතුවෙන්නෙ 1995 වසරේ සිදුවූ එක්තරා සිද්ධියක්. ඒ දැරිය පිළබඳ පළවූ පුවත් තවම මට මතකයි. කුලේ අය්යා මෙම සිදුවීම ගැන මොනතරම් කම්පන වූයේද (කුලරත්න ආරියවංශ ) මේ සිදුවීම පිළිබඳ ලියල දුන්න ගීතය එදා මම ගැයුවෙත් ඇතුළතින් දැවී දැවී. රෝහණ වීරසිංහ ආචාර්ය තුමන්ගේ සංගීතයත් මා කම්පණය කළා. එදත් එම දැරිය ආදාළ අමානුෂික ඝාතනයකට මුහුණ දෙන්නේ අම්මා හදා දුන් කඩයප්පන් කඩේට ගොස් බාර දී යද්දී. එතෙකාට ඇගේ වයස අවුරුදු නමයක්. මේ ගීය අසා කම්පිත වූ මවක් තමන්ගෙ තනි කැමරාවෙන් කළ රූප රචනය දකිද්දි තුවාල වූ සිත් යළිත් පෑරෙන තරම්. මම එය මෙහි අමුණන්නේ ඒ මව - දිලනි අමරිසිංහට මගේ ආදරයත් පිරිණමමින්.

දැවී ලිප ළග වේල සරිකර
කඩ පිලටදී අලුයමින්
අදුරු ළඳු මග ගෙවා අකුරට
දිවූ මුව පැටවී
කුරා කුහුබුවෙකුටවත් වරදක්
නොකළ දියණියනේ
නුඔට සිදු වූ දේ…

මෙරට දරුවන් පිළිබඳ ඇත්තේ මොනවගේ ජාතික ප්‍රතිපත්තියක්ද? ඔවුන් ආරක්ෂා කරන්න රජයකට විතරක්ම පුලුවන්ද? මුනුස්සයින් හැටියට අපට මේවා සිදුවෙද්දි අහක බලාගෙන ඉන්න පුලුවන්ද? අපි අපේ දරුවකුට මෙහෙම දේ වුණොත් ඉවසාගෙන හිඳීවිද? එවිට ලෝකයේ අනෙක් අය අපි මෙතෙක් නිහඬව සිටියා සේ දිගටම නිහඬව නොසිටීවිද? ඉතින් අප කළ යුත්තේ ඕනෑම අසාධාරණයකදී වින්දිතයා වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ට රැකවරණය දීම නොවේද?

ළපළු පත් බිද කුරුළු නෙත් සිඳ දැමූ
අසරණ අඩවියේ
රුදුරු නොමිනිස් දැලක සිරවී හැඩූ
අසරණියේ
අතු පැලේ පණ නලයි සිදුණේ
දිරිය දියණියනේ
නුඔට සිදු වූ දේ…

කෑ ගසා පවසා පළක් නැති බව දනිමි. එහෙත් නිහඬව වුවද මේ අසත්පුරුෂයින්ට එරෙහි වෙන්න. අසත්පුරුෂකම් ඔබ තුළ ඇත්නම් වහ වහ දුරු කරගන්න. එච්චරයි මට කිව හැක්කේ.
මුළු මහත් ලෝකයම දරුවන් සුරක්ෂා වෙත්වා!
-දීපිකා-
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top