Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
15
"අපිට අතීතය හංගන්න ඕනේ නැහැ" "ආරාධනා කවදාහරි අපි ගැන ඇත්ත දැනගන්න ඕනේ" චතුරිකා පීරිස් කියයි

- "අපිට අතීතය හංගන්න ඕනේ නැහැ" "ආරාධනා කවදාහරි අපි ගැන ඇත්ත දැනගන්න ඕනේ" චතුරිකා පීරිස් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

කලක් රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රියම රංගන ශිල්පිනියගේ ස්ථානය දිනාගෙන තවමත් තම ජනප්‍රියත්වය එලෙසටම පවත්වාගන්නා රංගන ශිල්පිනියක් චතුරිකා පීරිස්. චතුරිකා පීරිස්ගේ සහ ගයාන් වික්‍රමසිංහගේ කැදැල්ලට දැන් තවත් අලුත් අමුත්තියක් ඇවිත්. ඒ ඔවුන්ගේ කුළුඳුල් දියණිය "ආරාධනා". සිඟිති දියණියගේ සුරතල් සමඟ ආදරණීයව ගත කරන මේ කාලය ගැන වතගොත අහන්නට අපි චතුරිකාව සම්බන්ධ කරගත්තා.




ආරාධනා එක්ක ගත කරන ජීවිතය කොහොමද?

ඒක හරිම සුන්දරයි. අපේ ජීවිතය දැන් හරිම උද්‍යෝගිමත්. උදේ අවදි වුණ වෙලාවේ සිට රෑට නින්ද යන තුරාවටම හරිම සතුටින් එයා එක්ක ගත වෙනවා. දුවගේ නම ආරාධනා හංසධ්වනී වික්‍රමසිංහ. එයා එක්ක අපේ ජීවිතය හරිම කාර්යබහුල වෙලා. අපි කොහේ ගියත් එයාගේ ආරක්ෂාව ගැන වැඩිපුර හිතනවා. හරිම සුන්දර හරිම ආදරණීය කාලයක් මේ ගත වෙන්නේ.

දුවට නම දැම්මේ කවුද?

"ආරාධනා" කියලා නම දාමු කියලා ගයාන් නිකමට කිව්වේ. අපි ආරාධනා චිත්‍රපට ගීතයත් නිතරම ඇහුවා. එයා බඩේ ඉන්න කාලෙත් මම ඒ ගීතය ඇහුවා. "හංසධ්වනී" කියලා නම දැම්මේ එයාගේ බාප්පා පේෂල. හංසධ්වනිය කියන්නේ හංසයාගේ නාදය කියන එක. ඒක රාගධාරී සංගීතයේ එන රාගයක්.

චතුරිකා දරු සුරතල් බලන්න පමා වුණා කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. මට හිතෙනවා මම දුවව හැදුවේ හරිම කාලයේ කියලා. ජීවිතයේ මුලින්ම දරුවෝ හදලා ඒ කලබැගෑනි එක්ක ආතතියට පත් වෙච්ච යාළුවෝ ගොඩක් මට මුණගැහිලා තියෙනවා. එහෙම පීඩනයට පත් වුණාම පවුල් ජීවිතය පවා එපා වෙනවා. මම හරිම කාලයේ, හොඳම අවස්ථාවේ, නිදහසේ ඉන්න ඕනේ කියලා හිතුණු කාලයේ දුවව හැදුවේ. මගේ වෘත්තිය මට්ටමෙන් මම හොඳ කාලයක් පසු කළා. මේක තමයි මම සතුටින් ගොඩක් විවේකීව ඉන්න කාලය.

දුවෙක් කියන්නේ අම්මා කෙනෙක්ට ලොකු වගකීමක් නේද?

අනිවාර්යයෙන්ම. ඒ වගකීම දැන් මට දැනෙනවා. දුවෙක් ගෙන් සමාජය ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. පුතෙක් නම් ලොකු වෙලා රැකියාවක් කරලා පවුල් ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා හිතන්නේ. ඒත් කාන්තාවකගෙන් සමාජය ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. හොඳ දුවෙක්, හොඳ පෙම්වතියක්, හොඳ බිරිඳක්, හොඳ මවක් වගේම හොඳ ගෘහණියක් වෙන්න ඕනේ. ඒ වගේම කාන්තාව මේ රටට සේවය කරන්න ඕනේ. ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. ගෙදර පාලනය කරන්නත් ඕනේ. මේ වගේ කාන්තාවගේ සමාජ කාර්යභාරය පිරිමි පාර්ශ්වයට වැඩිය හරි පුළුල්. මම මගේ දුවව හදන්නෙත් මේ සියලුම වගකීම් ඉෂ්ට කරන්න පුළුවන් මේ රටට එයාගෙන් වෙන්න ඕන සේවයත් කරන්න පුළුවන් හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක් විදියට. ඒ වගේම ගැහැණිය බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ තැන තියලා තමයි මං මගේ දුවව හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම හැමදාම හෙවනැල්ල වගේ එයාගේ පස්සෙන්ම ඉන්නවා.

දුවෙක්ට උගන්වන්න ගොඩක් දේවල් අම්මා කෙනෙක්ට තියෙනවා?

ගොඩක් දේවල් තියෙනවා. මේ මේ දේවල් කියලා කියන්න අමාරුයි. ආරාධනා හරිම සංවේදී කෙනෙක්. ඒ සංවේදීකම එක්ක මට ටිකක් බය හිතෙනවා. මොකද එයා ඒ තරම් සංවේදී. මේ සමාජයේ අපි දකින හැම දෙයක්ම ඇත්ත නෙමෙයි මවාපෑම් තියෙනවා, බොරු තියනවා. මේ හැම දේකින්ම අපි පරිස්සම් වෙන්න ඕනේ කියලා මං එයාට කියලා දෙනවා. ඒ වගේම එයාට හොඳ අධ්‍යාපනයක් ලබදෙන්නත් ඕනේ. පොතේ පතේ අධ්‍යාපනය වගේම සමාජීය දැනුමකුත් දෙන්න ඕනේ. ඒ නිසයි මම කිව්වේ එයාගේ ජීවිතයේ හැම අවස්ථාවකදිම එයාගේ පස්සෙන්ම ඉන්නවා කියලා.

දුවගේ හුරතල් බල බලා දෙන්නා එයාගේ අනාගතය ගැන දැන් හීන දකිනවා ඇති නේද?

ඔව් එයා හරිම හුරතල්. හරිම දඟයි. එයා කැමති නැහැ කවුරුවත් එයාට රිද්දනවාට. එයා බිත්තියේ වැදිලා වැටුණොත් එයා ගිහින් බිත්තියට ගහනවා. එයාට තවම අවුරුද්දයි මාස හතරයි. එයාට හොඳ පෞරුෂයක් තියෙනවා. හැම දෙයක්ම හොඳට අවබෝධ කරගන්නවා. ගීතයක් වුණත් එයා හොඳින් සවන් දෙනවා. ගොඩක් දේවල් එයා ඉක්මනට ඉගෙන ගන්නවා ඉතින් එයා ගැන අපිට හරිම සන්තෝසයි. අපිට ගොඩක් හීන තියෙනවා එයා ගැන. ඒත් එයාගෙ බලාපොරොත්තුවලට හානියක් නොවෙන්න අපේ බලාපොරොත්තු අපි ඉෂ්ට කරගන්නවා කියලා හිතාගෙන ඉන්නවා.

ආරාධනා චතුරිකා වගේද ගයාන් වගේද?

ගොඩක් අය කියන්නෙ දුව ගයාන් වගේ කියලා. සියයට විස්සක් විතර කියනවා ගයාන් මම වගේ කියලා. මටත් හිතෙනවා ගොඩක් දුරට එයා අප්පච්චි වගේ කියලා. ඒත් පොඩි පොඩි දේවල් තියෙනවා මම වගේ. එයාගේ තොල් දෙක. එයාගේ සමේ පාට, නහය පොඩ්ඩක් මං වගේ.

ආරාධනාගේ අම්මයි තාත්තයි දෙන්නම කාර්යබහුලයි. දුව එක්ක ඉන්න කොහොමද කාලය හොයාගන්නේ?

අපි දෙන්නා ආරාධනාව ගෙදර තියෙන යන රූගත කිරීම්වලට යනකොට විතරයි. මම නම් වැඩ බාරගන්න මාසෙකට දවස් උපරිම දහයක් හෝ පහළොවක් විතරයි. ඉතුරු දවස් ටික කොහොමහරි ගෙදර දුවත් එක්ක ගත කරනවා. මම රූගත කිරීම්වලට යනකොට ගොඩක් දුරට ගයාන් ගෙදර ඉන්නවා. අපි දෙන්නම වැඩවලට එකට එළියට යන්නේ හරිම අඩුවෙන්. ඒ වගේම එයාව බලාගන්න එයාගේ ආච්චි සීයා ඉන්නවා. අපේ අම්මට දෝණි හරිම එකතුයි. මමයි ගයානුයි දෙන්නම නැතිනම් අම්මා එයාව බලාගන්නවා. සමහර වෙලාවට නංගිත් (පූර්ණිකා පීරිස්) දෝණිව බලාගන්නවා. දෝණි නංගිටත් කියන්නේ "අම්මා" කියලා. අපි යන හැම තැනකටම වගේ දුවත් එක්කරගෙන යනවා. දුවත් ගේ ඇතුළටම වෙලා ඉන්න කැමති නැහැ. ඒ නිසා අපි එයාව හැමතැනම එක්කරගෙන යනවා. කොරෝනා නිසා විශේෂයෙන් සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරලා යන්නේ.

දුවගේ වැඩකටයුතු කරන්න සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ලොකු සහයෝගයක් ගයාන්ගෙන් ලැබෙනවා. ගෙදර ඉන්න වෙලාවට දුවගේ වැඩ ඔක්කොම වගේ කරන්නේ ගයාන්. ඒ කාලයේදී ගෙදර වැඩකටයුතු මම කරනවා. අපි දෙන්නා කතාබහ කරලා සහයෝගයෙන් වැඩ කරගන්නවා. හැමෝම කිව්වාට අම්මෝ දරුවෙක් එක්ක බැහැ අමාරුයි කියලා මට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.

ආරාධනා මුලින්ම කිව්වේ අම්මා කියලද තාත්තා කියලද?

"අම්මා" කියලා කිව්වේ. දැන් දුව ඉන්න බහ තෝරන වයසේ. අම්මා, අප්පයි (අප්පච්චි), අච්චා, සීයා, අයියා, අක්කා, ඇල්ෆා (බල්ලා), වෝටර්, කුක්කා වගේ වචන පහළොවක් විතර දැන් කතා කරනවා.

දැන් නවීන පන්නයේ මාපියන් දරුවන්ව හදන්නේ තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව. චතුරිකාත් එහෙමද?

මම තාක්ෂණයෙන් දරුවාව හදන්න උත්සාහ කරන්නෙත් නැහැ. සාම්ප්‍රදායිකව දරුවාද හදන්න උත්සාහ කරන්නෙත් නැහැ. දරුවාට දරුවාගේ ජීවිතය නිදහසේ ගත කරන්න ඉඩදෙනවා. එයාට කළ නොකළ යුතු දේවල් කියලා දෙනවා. මම වෛද්‍ය උපදෙස් ඕනේ අවස්ථාවලට වෛද්‍යවරයා මුණගැහිලා උපදෙස් ගන්නවා. මම අතීත සම්ප්‍රදායන්ට ගරු කරනවා. ඒත් අසීමිත ලෙස ඒවායේ එළඹගෙන නැහැ. අම්මා කිව්වොත් ඇස්වහ පුච්චන්න කියලා ඒකත් කරනවා. වෛද්‍යවරයා කිව්වොත් බෙහෙත් දෙන්න කියලා ඒකත් කරනවා. ඕනාවට වැඩිය ගොඩක් දේවල්වල් හඹාගෙන යන්නේ නැහැ.

ආරාධනා කියන්නේ කලා පවුලක තෙවැනි පරම්පරාවේ සාමාජිකාවක්. කවදාහරි දුවත් ක්ෂේත්‍රයට එන්න ඕනේ කිව්වොත්?

දැන් ක්ෂේත්‍රය ගොඩක් වෙනස් වෙලා. අපේ කාලය වගේ නෙමෙයි. අපේ කාලේ ක්ෂේත්‍රයට ආපු අයට හොඳ වටිනාකමක් තිබුණා. දක්ෂ රංගන ශිල්පී, ශිල්පිනියන් නිවේදිකාවන් බිහි වුණා. ඒත් අද වන විට ජනප්‍රියම නළුවා, නිළිය කවුද කියලා ඇහුවොත් මිනිස්සු නොදන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. රංගන ශිල්පියෙක්ට තියෙන වටිනාකම දැන් නැතිවෙලා. අප්පච්චි (ගයාන් වික්‍රමසිංහ) අධ්‍යක්ෂවරයෙක් මම නිෂ්පාදිකාවක් විදියට වැඩ කරන නිසා අපි ආරාධනාට කියනවා කැමති නම් විනෝදාංශයක් විදිහට ක්ෂේත්‍රයේ වැඩ කළාට කමක් නැහැ. නමුත් මම විශ්වාස කරන විදිහට කාන්තාවක් වුණාම ස්ථාවර වෙන්න ඕනේ. ස්වාමි පුරුෂයාට, පවුලට ලැදි ගැහැණියක් වෙන්න ඕනේ. එතකොට තමයි වටිනාකමක් තියෙන්නේ. මේ වෙද්දි අපේ ක්ෂේත්‍රයේ එහෙම ස්ථාවර වෙන්න බැහැ.

ඒකට හේතුව මොකක්ද?

කලාවට කලාකරුවන්ට හරි ක්‍රමවේදයක් නැහැ. ප්‍රතිපත්ති මාලාවක් නැහැ. විවිධ අයට ඕන විදිහට ක්ෂේත්‍රය පාලනය වෙන්නේ. රංගනය ඉගෙන ගන්න විදිහක් නැහැ. මම ආධුනිකයෙක් විදිහට ආපු කාලේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ගණනාවකගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් අයට ඒව ගැන ඉගෙන ගන්න උවමනාවක් නැහැ. වෙලාවක් නැහැ. කවුරුත් කියල දෙන්නෙත් නැහැ. ක්ෂේත්‍රයට එනවා ටෙලිනාට්‍යයක දෙකක රඟපාල යනවා. මම විශ්වාස කරන්නේ ක්ෂේත්‍රය තවමත් ස්ථාවරත්වය පවත්වාගෙන යන්නේ 2005ට කලින් ක්ෂේත්‍රයට පැමිණි අය. ඉන්පසුව පැමිණි අයට රංගන ශිල්පීන් විදියට ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්න වගේම ආර්ථිකය ශක්තිමත් කර ගන්නත් අමාරුයි. දුවගේ කාලය වන විට එක තවත් අපහසු වෙයි. ඒ නිසා එයා වෙනත් රැකියාවක් කරනවා නම් අපි දෙන්නම කැමතියි.

දුව මොන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යවන්න ද බලාපොරොත්තු වෙන්නේ?

අපි දෙන්නම කැමති දුව Air Craft Engineering පැත්තෙන් ඉස්සරහට යනවා නම්. නැති නම් එයා ගුවන් නියමුවරියක් වෙනවා නම් අපි කැමතියි. ඒ වගේ කාන්තාවන් ලේසියෙන් නොයන ක්ෂේත්‍රයකට එයා යොමු වෙනවා නම් කැමතියි.

කවදාහරි දවසක ආරාධනාට ඔය දෙපළගේ අතීතයේ යම් යම් අඳුරු වතගොත ආරංචි වුණොත් ඒ ගැන දුවට අවබෝධ කරන්නේ කොහොමද?

දැන් ඉන්න දරුවෝ සෑහෙන්න බුද්ධිමත්. ඒ වගේම හරිම නිදහසේ හිතනවා. ඒ නිසා අපේ දේවල් ඒ අයගේ ජීවිතවලට ප්‍රශ්නයක් කරගනීවී කියලා මම හිතන්නේ නැහැ. අපේ පරම්පරාවේ අයගෙත් මවුපියන්ගේ යම් යම් ගැටලු තිබුණා. ඒවා දරුවෝ ජීවිතයට ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. දැන් පරම්පරාවේ දරුවන්ට මවුපියන්ගේ අතීතය අදාළම නැහැ. ඒ වගේම අපිට අපේ අතීතය ඒ අයගෙන් සඟවන්න හේතුවක් නැහැ. ආරාධනා කවදාහරි දවසක අපි ගැන ඇත්ත දැනගන්න ඕනේ. අන්තර්ජාලයේ ඇත්ත බොරු ඔක්කොම තියෙනවා. එයා හොඳ බුද්ධිමත් දරුවෙක්. එයා අපෙන් කවදාහරි ඇහුවොත් අපි හරියටම ඇත්ත එයාට කියනවා.

දරුවෙක්ට ජීවත් වෙන්න පුළුවන් සමාජ වටපිටාවක් ලංකාව වගේ රටක තියෙනවාද?

ඇත්තටම නැහැ. හරිම අඩුයි. ඒකයි අපි හරිම අවදානයෙන් ඉන්නෙත්. ඒකට වගකියන්න ඕනේ වැඩිහිටි පරම්පරාව. පසුගිය කාලේ අපි දැක්කා පොඩි දරුවන් ප්‍රචණ්ඩකාරී විදිහට හැසිරෙනවා. මම රූගත කිරීම් කරන්න දුෂ්කර පාසලකට ගියා. ඒ පාසලේ පළමු වසරේ දරුවෝ අනෙකාට කතා කරන්නේ අසභ්‍ය වචනවලින්. ඔවුන්ගේ පූර්වාදර්ශය මමුපියන්. ඒ නිසා මේ රට හදනවා නම් වර්ථමාන පරම්පරා කීපයේ සිට හදන්න ඕනේ. මේ වනවිට නම් එහෙම හැදෙන පාටක් නැහැ. අන්තර්ජාලයෙන් ඒක හොඳටම පේනවා. හරිම අසහනකාරී මානසික ලෙඩ්ඩු අද සමජයේ ඉන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේම පවතින ගැටලුවක් ඒක.


නිර්මාණි බණ්ඩාරනායක

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top