මඟතොට හමුවී, දුරකථන අංකද හුවමාරු කරගෙන එක් දිනක් පමණක් හාදකම් පැවැත්වූ පාසල් සිසුවියක කැළෑවකට රැගෙන ගොස් ලිංගික අතවර කල දඹුල්ල ගම්උදාව පදිංචි 36 හැවිරිදි එක්දරු පියකු සීගිරිය පොලිසිය ඊයේ (29) දින සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 16 හැවිරිදි මෙම සිසුවිය පසුගිය 27 දින දඹුල්ල නගරයේදී සිද්ධියට අදාල තරුණයා හමුවී දුරකථන අංකය ලබාදී මිතුරු වී තිබෙනවා.
පසුව දුරකතනයෙන් පැයකීපයක් දෙදෙනා කතාබහ කොට සෙනසුරාදා (28) සිසුවිය හමුවී කතා කිරීමට වුවමනා බව පවසා අදාල පුද්ගලයා වැව් තාවුල්ලකට ඇයව කැදවාගෙන ගොස් තිබෙනවා.
එහිදී සිසුවියට අතවර කල සැකකරු පලා ගොස් ඇති අතර මේ පිලිබදව ඔවුන් සීගිරිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති නමුත් මේ තරුණයා කව්ද කොහෙද කියා නොදන්නා බවද පැමිණිල්ලේ සඳහන්වී තිබෙනවා.
පසුව සීගිරිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අයි .එච් .එම් .එස් .හේරත් මහතා රෝහලට ගොස් සිසුවියට ලබාදී තිබූ දුරකථන අංකයට එම සිසුවිය හරහාම ඇමතුමක් ගෙන පෙර පැමිණි ස්ථානයටම එන ලෙස කිසිදු සැකයක් ඇති නොවන්නට පවසා තිබෙනවා.
සැකකරුට සතුට දනවන විදිහට ඇමතුම ලබාදීමට හේරත් මහතා උපදෙස් ලබාදී ,සැකකරු පැමිණෙන ස්ථානයේ පොලිස් කණ්ඩායමක් රහසිගතව තැබීමට පියවර ගෙන තිබිණි. හේරත් මහතා රෝහලේ සිට සිසුවිය හරහා සැකකරුට දිගින් දිගට ඇමතුම් ගනිමින් එම තොරතුරු සැගව සිටින නිලධාරීන්ට දැනුම් දී ඇති අතර පැයක පමණ කාලයක් ගතවෙද්දී සැකකරු එතනට පැමිණ සිසුවියට ඇමතුමක් ගනිද්දී පොලිස් නිලධාරින් සැකකරු අල්ලාගෙන තිබෙනවා.