Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
18
"මෙහෙම හිටියාට මගේ ළඟ එයා නැහැනේ" කියලා මට හිතෙනවා. එතකොට ලොකු දුකක් දැනෙනවා..." - විජය නන්දසිරි ගැන දේවිකා මිහිරාණිගේ ආදරණීය මතක සටහන්

- "මෙහෙම හිටියාට මගේ ළඟ එයා නැහැනේ" කියලා මට හිතෙනවා. එතකොට ලොකු දුකක් දැනෙනවා..." - විජය නන්දසිරි ගැන දේවිකා මිහිරාණිගේ ආදරණීය මතක සටහන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"ඒ වෙලාවට අපි හරිම අසරණ වෙනවා..."

"මම නැතුව විජය හුස්ම ගන්න ටික විතරයි කළේ.."

අවුරුදු පහක් කියන්නේ ලොකු කාලයක්. කාලය යනවා අපට තේරෙන්නේ නැහැ. විජය අපෙන් සමුගත්තාට මම නම් හිතන්නේ එයා අපෙන් ඔය කලාවෙන් සමුගත්තේ නැහැ කියලා. මොකද එයා ගියේ එයාගේ නම තියලා. විජය අදටත් ඔහුගේ නිර්මාණ තුළින් රසිකයන් පිනවනවා. ජීවත් වෙන මැරෙන මිනිස්සු අතර සදා මතකයේ රැඳෙන මිනිස්සු ඉන්නෙ අඩුවෙන්. විජයත් ඒ වගේ කෙනෙක්. චිත්‍රපට තුළින් හෝ ටෙලිනාට්‍ය තුළින් විජය තවමත් මිනිස්සු එක්ක ඉන්නවා. මට දැනෙනවා එයා නැහැ කියලා. ඒත් ප්‍රේක්ෂකයන්ට නම් දැනෙන්නේ නැහැ. ඔහු රඟපාපු චිත්‍රපට දෙකකුත් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතව තියෙනවා.


මේ අවුරුදු පහ ගත වුණේ කොහොමද?
ඒ ගැන නම් කියන්න වචන නැහැ. කොහෙ ගියත් අපි හතරදෙනා එකට යන්නේ. දුව විවාහ වෙලා ගියාට පසුව වුණත් තාක්ෂණය තියෙන නිසා ඒ පාළුව දැනුණේ නැහැ. ඒත් විජය හදිසියේම අපි අතරින් ගියාට පසුව ඒ දැනෙන පාළුව කියලා නිම කරන්න බැහැ. විජය මට හරිම සමීපයි. විජය වේදිකාවේ රඟපාන පැය දෙක විතරයි මගෙන් ඈත් වෙලා ඉන්නේ. එතැනත් මම තිරෙන් පිටුපස ඉඳලා එයාව බලනවා. මම මගේ රැකියාවට තිත තිබ්බේ මගේ පවුලේ අය නිසා. විජය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මම මුළු ජීවිතයම කැප කළා. මම නැතුව විජය හුස්ම ගන්න ටික විතරයි කළේ. එයා මේසේ වාඩිවුණාමයි දන්නේ කන්නෙ මොනවාද කියලා. ගමනක් යන්න අතට ඇඳුම දුන්නාමයි දන්නේ මොනවාද අඳීන්නේ කියලා. මම තනිකරම එයාව ගෙදර වගකීම්වලින් නිදහස් කළා. ඉතාම ආදරයෙන් සහ ළෙන්ගතුවකින් හැම වැඩක්ම කළා. දැන් එයා නැති වුණාම ඒ දැනෙන හුදෙකලාව මට වචනවලින් විස්තර කරන්න බැහැ. ඒකට කරන්න දෙයකුත් නැහැ.

මේ වසර පහ තුළ ඔහුව අත්‍යවශ්‍යම විශේෂ අවස්ථාවලදි ඔහු නැති අඩුව දැනෙන්න ඇති?
අනිවාර්යයෙන්ම. ඒ අඩුව සියයට දෙසියයක් තුන්සීයකට එහා දැනෙනවා. හැමෝම ඔහු නැති අඩුව හිත්වල පුරෝගෙන ඒ අවස්ථාවලට මුහුණ දෙනවා. අපි මොකද කරන්නේ ඉතින්? ආයෙමත් එයා එන්නේ නැහැනේ. විජය ඉන්න තැන කොයි විදිහෙද කියලා මම අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැනේ. ඒක විජයව දන්න හැමෝම දන්නවා. නිතරම විහිළු කරගෙන සිනාමුසු මුහුණින් ඔහු ඉන්නේ. ඔහු ඉන්න තැන රස ගුලාවක්. විජය කවදාවත් කිසිම ප්‍රශ්නයකට කාගෙවත් හිත රිද්දලා නැහැ. එයා එයාගේ හිත රිද්දගන්නෙත් නැහැ. විජය නිතරම සුබවාදීව හිතන කෙනෙක්. එයාගේ දකුණු අතින් දෙන දෙය වම් අත දන්නේ නැහැ. මිනිස්සුන්ට නිහඬව උදවු කරනවා. ඔහු උදවු උපකාර කරපු සමහර දේවල් මම දන්නේ ඔහු නැති වුණාට පසුවයි. කලා ක්ෂේත්‍රයේ හිතමිතුරන් සමීපතමයින් මුණගැහුණම නිතරම විජය නැති අඩුව පුරවාගන්න බැරි බව කියනවා. ඒ වගේම විශේෂයෙන් රසිකයෝ ඔහුව නිතරම සිහිපත් කරනවා. සමහර රංගන ශිල්පීන්ට කැමැති තරුණ අය විතරයි. සමහර රංගන ශිල්පීන්ට කැමැති වැඩිහිටියෝ විතරයි. ඒත් වයස් භේදයකින් තොරව විජය නන්දසිරි කියන නමට තවමත් හැමෝම ආදරය කරනවා. ඔහු රඟපාපු නිර්මාණ ටෙලිවිෂන් එකෙන් නැවත විකාශය වෙද්දි "මෙහෙම හිටියාට මගේ ළඟ එයා නැහැනේ" කියලා මට හිතෙනවා. එතකොට ලොකු දුකක් දැනෙනවා. ඒත් මගේ දුක මම දරුවන්ට දෙන්නෙ නැහැ. මම එයාලට ඒ දුක පෙන්වන්නේ නැහැ.

දරු මුණුබුරන්ටත් විජය කොයිතරම් සමීප කෙනෙක්ද?
විජය එයාගේ ළමයින්ට විතරක් නෙමෙයි හැම ළමයෙක්ටම ආදරෙයි. ඒ වගේම නිතරම ටෙලිවිෂනයෙන් ඔහු දිහා බලලා හිනාවෙන පොඩි දරුවො හැමෝම විජයට පුදුම විදිහට ආදරේ කළා. දරුවන්ටත් ඔහු නැති අඩුව සිය දහස් වාරයක් දැනෙනවා ඇති. ඒ වෙලාවට මම හරිම අසරණයි. තාත්තාව මතක් කරලා එයාලගේ මූණෙන් මැවෙන ප්‍රශ්නාර්ථයට මට දෙන්න උත්තර නැහැ. දුවගේ දුවත් දැන් ලොකුයි එයාට වයස අවුරුදු පහකට වැඩියි. දුවට සීයාව ඒ තරම් මතක නැති වුණාට නිර්මාණවලින් සීයාව දකිනවා ගෙදරත් ෆොටෝ එකට සීයාට වඳීන නිසා. "සීයා තාත්තා කෝ" කියලා අහනවා අපෙන්. ඒ වෙලාවට අපි හරිම අසරණ වෙනවා. එයා සීයාව අහනකොට එක එක වෙලාවට දුව එක එක උත්තර දෙනවා. එයාට තවම සීයා මැරුණා කියන එක තේරුම් ගන්න බැහැ. රූපවාහිනියේ විජයව දකිනකොට එයා අනිත් අයටත් සීයා තාත්තාව පෙන්වනවා.

විචාරක මතය අනුව විජය නන්දසිරි කියන්නේ කඩවසම්ම මනමේ කුමාරයා. ඔහු වේදිකාවත් සමඟ ගත කළ අතීතය ගැන මතක් කරමු?
මනමේ නාට්‍යයේ "මනමේ කුමරු පැමිණේ" කියලා කියනකොට කඩුවත් අරගෙන විජය වේදිකාවට එන දිහා හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඔහු උත්තුංග දේහදාරී පැහැපත් කෙනෙක්. ඒ හා සමානවම ලස්සනට රංග වස්ත්‍ර දාලා වේශ නිරූපණය කරලා වේදිකාවට එනකොට මුළු ප්‍රේක්ෂාගාරයේම අවධානය දිනාගන්නේ විජය. විජය කියන්නේ ඇත්තටම වේදිකාවට කුමාරයෙක් වගේම තමයි. වේදිකාවේ ඉඳලා ප්‍රේක්ෂකාගාරයේ ඈත කෙලවරේ ඉන්න කෙනාට ඇහෙන්න කතා කරන්න පුළුවන්, ගායනා කරන්න පුළුවන් හොඳ ගැඹුරු කටහඬක් විජයට තියෙනවා. ඔහුගේ ඒ රංගනය තුළින් ප්‍රේක්ෂකයන් පුදුමාකාර වින්දනයක් ලබනවා. පසුගිය දවසකදී ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා කියලා තිබුණා, මනමේ කුමාරවරු දැක්කා නමුත් විජය තමයි දැකපු හොඳම මනමේ කුමාරයා කියලා. ඒක ඊට කලින් මහාචාර්ය සරච්චන්ද්‍රත් කියලා තිබුණා.

ඒත් පසුකාලීනව ඔහු ප්‍රහසන රංගනය තුළ රාමුගත වුණා කියලා හිතෙන්නේ නැද්ද?
විජයට තියෙන්නේ අමුතුම රඟපෑම් ශෛලියක්. එයා හැම තිස්සෙම රංගනයෙන් ආමන්ත්‍රණය කළේ පවුලට. ලොකු කුඩා භේදයක් නැතුව හැමෝම එයා නිසා හිනා වුණා. එයාව ප්‍රහසන නළුවෙක් විදිහට මිනිස්සු දැක්කාට ශෛලීගත වේදිකා නාට්‍ය පවා කරන්න පුළුවන් හොඳ රංගන ශිල්පියෙක්. එයාගේ රංගනය මම දකින්නේ කාසියක දෙපැත්තක් වගේ. කාසියේ කොයිපැත්ත පෙරළුවත් වටිනාකමෙන් අඩුවක් වෙන්නේ නැහැ. ඔහු මනමේ වගේ උසස් නිර්මාණවලට රංගනයෙන් සහාය දෙනවා වගේම "යර්ස් බොස්" වගේ ප්‍රහසන නාට්‍යවලටත් ඒ හා සමානම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් රංගන ශිල්පියෙක්. රංගනයේදී කවදාවත් විජය තමන්ගේ සීමාවෙන් පිට යන්නේ නැහැ. විජයගෙන් අධිරංගනයක්කවදාවත් දකින්නේ නැහැ. ඒක අධ්‍යක්ෂවරු පවා කියනවා. අවසාන කාලය වන විට ඔහුට ලැබුණේ ප්‍රහසන රංගන තමයි. ඒත් ඔහු කවදාවත් වේදිකාව අත්හැරියේ නැහැ. මැරෙන්න කලින් දවසෙත් වේදිකාවේ තමයි විජය හිටියේ. විජය වේදිකා නාට්‍ය නිර්මාණ හතරක් අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කළා. ඒවා කුස පබා, වෘෂභරාජ, හාරත රැජිණ, ශ්‍රී ගජබා. ඒවා සෑහෙන්න සාර්ථක වුණා. කුසපබා දර්ශන වාර දෙදාහකට ආසන්න ප්‍රමාණයක් රට පුරා සහ ලෝකේ පුරා අපි පෙන්නුවා.

ඒ කාලේ ක්ෂේත්‍රයට එන තරුණයෝ ගැන ඔහුට තිබුණේ කොයිවගේ අදහසක්ද?
විජය නවකයන්ට ගොඩක් උදව් කරපු කෙනෙක්. එයා එයා එක්ක වැඩ කරන හැම කෙනෙක්ටම ඔවුන්ගේ පිටුපස ඉඳලා සෑහෙන්න උදව් කළා. විජය ඔවුන්ගේ හොඳත් කියනවා. අඩුපාඩු හදලා දෙනවා. ක්ෂේත්‍රයේ ස්ථාවර වෙන හැටි විජය නවකයන්ට කියලා දුන්නා. කලාව වෘත්තියක් විදිහට කරනවා නම් ඒකට කොයිතරම් ආදරේ කරන්න ඕනෙද කියලා නවකයන්ට පහදල දුන්නා.

කලාව ගැන ඔහු කොයිවගේ හීන දැක්කේ?
විජය චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න සූදානමින් හිටියා. තව අලුත් වේදිකා නාට්‍යයක් කරන්න සැලසුම් කරලා තිබුණා. එයාගේ වසර හැත්තෑව පිරීම නිමිත්තෙන් නාට්‍ය උලෙළක් කරන්න හිතාගෙන හිටියා. ඒ කිසිවක් කරගන්න බැරි වුණා. විජයට නිතරම ඕනේ වුණේ කලාවත් එක්ක ජීවිතේ ගත කරන්න. රංගනය ගැන තමයි විජය වැඩියෙන් හීන දැක්කේ. ලංකාවේ කලා ක්ෂේත්‍රය පවතිනවාට වඩා ඉහළ තැනකට ගෙන යන්න තමයි විජය නිතරම වැඩ කළේ.

රසාංජනත් (පුතා) රංගන ක්ෂේත්‍රයට ඇවිත්?
ඔව්. පොඩි කාලේ ඉඳලාම දුවටයි පුතාටයි හොඳට රඟපාන්න පුළුවන්. රඟපානවාට අමතරව ගායන වාදන හැකියාවත් තියෙනවා. ඒ වගේම ඒ දෙන්නටම වේදිකා පරිපාලනය, ආලෝකකරණය ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ලංකාවේ වේදිකා නාට්‍යයක් කරන්න නම් කාර්ය මණ්ඩලය විසිපහක්වත් අවශ්‍ය වෙනවා. ඒ විදේශ සංචාරවලදි සියලුම දෙනාව අපිට අරගෙන යන්න අපහසුයි. විදේශ සංචාරවලට සහභාගි වෙන්නේ ශිල්පීන් ඉතාම අවම ප්‍රමාණයක්. ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ තමන් කරන කාර්යය වගේම අනිත් හැමදෙයක්ම කරන්න. එතැනදි දුවයි පුතයි දෙන්නම ලොකු දායකත්වයක් දෙනවා. දුව රඟපාන ගමන් වේශ නිරූපණය කරනවා. වේශ නිරූපණය කරන ගමන් ශබ්ද පරිපාලනය කරනවා. පුතා රඟපාන ගමන් බෙර ගහනවා. රඟපාන ගමන් ආලෝකකරණය කරනවා. පොඩි කාලේ ඉඳලාම දරුවෝ දෙන්නාම හැම දෙයක්ම ඉගෙනගත්තා. රසාංජන ඉගෙනගත්තේ ගුවන් නියමුවෙක් වෙන්න. ඔහු ඒ රැකියාව කරන ගමන්ම රඟපානවා. මමත් ආසයි කවදා කවදා හරි තාත්තා වගේ පුතාත් කලාවේ හොඳ නමක් දිනා ගන්නවා නම්. රසාංජන චිත්‍රපටියකත් රඟපෑවා. චිත්‍රපටයේ නම කතුරු මිතුරු. ඒක තවම ප්‍රදර්ශනය කළේ නැහැ. ඒත් දර්ශන වාර කිහිපයක් තිබුණා. ඒක බලපු අය කිව්වේ තාත්තා වගේම රංගන හැකියාව පුතාටත් තියෙනවා කියලා.

මුළු ලෝකෙම වසංගතයකින් පීඩා විඳීන, කලාව එක් තැනක නතර වුණු මේ වගේ කාලයක ඔහු හිටියා නම්?
මට හිතාගන්න බැහැ විජය මොනව කරයිද කියලා. ඒත් මම දන්නවා එය මොකක්හරි ක්‍රමයකින් මිනිස්සු අතරට යයි. අන්තර්ජාලය පාවිච්චි කරලා හරි විජය මිනිස්සුන්ව පිනවයි. එයාට රඟපාන්නේ නැතුව ඉන්න බැහැ. කලාවට පුදුමාකාර විදිහට ආදරය කරන කෙනෙක් එයා. විජය එයාගේ තෙවැනි ඇසෙන් හොඳට ප්‍රයෝජන ගත්ත කෙනෙක්. ඕනෑම ප්‍රශ්නෙකදි වුණත් අපි තෙවැනි පාර්ශ්වය විදිහට උපදෙස් ගන්නේ විජයගෙන්. ඒ හැම ප්‍රශ්නෙකට විජයට හොඳ උත්තරයක් තියෙනවා. දැන් බොහෝ කලාකරුවන් යූටියුබ් නාළිකා හදාගෙන ඔවුන් දන්න දේවල් රසිකයන් එක්ක බෙදාගන්නවා වගේ විජයත් මොකක්හරි දෙයක් කරයි ජීවතුන් අතර හිටියා නම්. කලාව කරද්දි විජයට අව්වද වැස්සද වසංගතද ඒ මොකක්වත් අදාළ නැහැ. විජය රංගනය ඇදහුවේ දේවත්වයෙන්.

කලාවේ නි‍රත වෙන තරුණ පරම්පරාවට විජය නන්දසිරි නම් රංගන ශිල්පියාගේ කාර්ය සාධනයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද?
හරියටම අධ්‍යයනය කළොත් කලාකරුවෙක් විදිහට ජීවත් වීමේ කලාව එයාගෙන් ඉගෙන ගන්න පුළුවන්. කලාකරුවෙක් වෙන්න කලින් මනුස්සයෙක් වෙන්න ඕනේ. මනුස්සකම තියෙන්න ඕනේ. නව පරපුරට විජය නන්දසිරිගේ චරිතයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කලාව කරද්දි තමන් කරන්නේ කුමක්ද"? කාටද ඒක කරන්නේ? ඒ වෙනුවෙන් එකතු කරගන්න ඕනේ දේවල් මොනවාද? බැහැර කරන්න ඕනේ දේවල් මොනවාද? කියලා විජයගෙන් ඉගෙන ගන්න පුළුවන්. විජය නිතරම හැමෝටම කියන්නේ තමන් කරන කලාව හරියට හදාරන්න කියලා. පතපොතින් වගේම අත්දැකීම්වලින් හදාරන්න ඕනේ.

විජය නන්දසිරිගේ නිර්මාණ සංරක්ෂණය කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය දේවල් එකතු කරමින් පවතිනවා. විජයගේ නාට්‍ය පිටපත්, රංග වස්ත්‍ර, රංග භාණ්ඩ, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය මේ සියල්ලම මම එකතු කරනවා. ඒ සඳහා මට කාලයක් අවශ්‍යයි.

නිර්මාණි බණ්ඩාරනායක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top