Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
05
"බේබදු තාත්තාගෙන් මාව පිළිසිඳ ගන්න යනවා කියලා දැන ගත්තම අම්මා මාව නැති කරන්න හදලා.." - සුපිරි පාපන්දු තරුව, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සංවේදී කතාව

- "බේබදු තාත්තාගෙන් මාව පිළිසිඳ ගන්න යනවා කියලා දැන ගත්තම අම්මා මාව නැති කරන්න හදලා.." - සුපිරි පාපන්දු තරුව, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views

"වයස 15 දී හෘද සැත්කමකට මුහුණ දුන්නා.."

"කුඩා කාලය ගත කළේ අක්කලා දෙන්නා සහ අයියා සමග පල්ලියේ කුඩා කාමරයක.."

"වයස 18 දී යුරෝපීය ක්‍රීඩා සමාජයකට ගිවිසුම්ගත වුණේ ඩොලර් මිලියන 22කට.."

ලොවක් වසඟයට පත්කළ පාපන්දු ක්‍රීඩකයා ඔහුම වෙයි. ඔහු පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය. පෘතුගීසි ජාතික මේ ක්‍රීඩකයා හට මුළු ලෝකයම වගේ ආදරය කරන්නේ ඔහු පාපන්දු පිටියේදී අසාහය දක්‍ෂතා පෙන්වන දක්‍ෂයකු නිසාම නොවේය.


ඔහුගේ ඇවතුම් - පැවතුම් සහ හැසිරීම් රටාව ඇතුළු රොනාල්ඩෝගේ ජීවිතය වෙතින් ගත හැකි හොඳ දේ බොහෝ නිසාය. ලෝ ප්‍රකට ෆෝබ්ස් සඟරාව ඇතුළු වාණිජමය පුවත් පළකරන අනෙකුත් සඟරා සඳහන් කරන පරිදි ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා වන්නේ මේ කඩවසම් රොනාල්ඩෝය.
 
2021 වසරේ ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු මෙලෙසින් මුල්තැනට පැමිණ සිටින්නේ, පාපන්දු ක්‍රීඩකයකු ලෙස හරි හම්බ කරන මහා ධනස්කන්ධය නිසා නොවේ. ලෝක පාපන්දු පිටියේදී- පාපන්දු ක්‍රීඩාව වෙතින් ධනය උපයන ක්‍රීඩක ලැයිස්තුවේ තවමත් ඔහු සිටින්නේ, ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීට පසු පසිනි. එසේ වූවද ලොව ධනවත්ම ක්‍රීඩකයා ලෙස මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුකර යාමට ලයනල් මෙසීට තියා අනෙකුත් සුපිරි තරුවලට නොහැකි වී තිබේ. එසේ නම්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක පාපන්දු තරුව, ලෝකයේ ධනවත්ම චරිතයක් වූයේ කෙසේද? 

‘සී-ආර්’ ගේ සම්පූර්ණ නම වන්නේ, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඩස් සැන්ටෝස් ඇවෙයිරෝය. 1985 පෙබරවාරි 5 වැනිදා පෘතුගාලයේ දූපතක් වන මැඩෙයිරාහි ෆන්චාල් යනු මේ සුපිරි තරුව උපන් ස්ථානය වේ. හරියටම කිවහොත් සාවෝවේද්රෝ යනු ඔහු උපන් ස්ථානයට කියන නාමයයි. ජෝස් ඩිනීස් ඇවෙයිරෝ ක්‍රිස්ටියානෝගේ පියාය. මරියා ඩොලර්ස් ඩස් සැන්ටොස් ඔහුගේ මවය. ක්‍රිස්ටියානෝගේ පවුල එකල වත්පොහොසත්කම් තිබූ පවුලක් නොවීය. තාත්තා කටයුතු කළේ නගර සභාවේ උද්‍යානකරුවකු සහ පාපන්දු පිටියේ ආම්පන්න භාරව කටයුතු කළ පුද්ගලයකු ලෙසය. මව ඉවුම්- පිහුම් කටයුතු වලට දක්‍ෂ වූවාය. වැඩිමහල් පුතු සහ දියණියන් දෙදෙනකු ක්‍රිස්ටියානෝට පෙර පවුලට එක්ව සිටි අතර ක්‍රිස්ටියානෝ, පවුලට එක්වූයේ හතරවැනි හෙවත් පවුලේ බඩපිස්සා ලෙසය. එලෙසින් ඉපදීම එකතකට අරුමයකි. ඊට හේතුව නම් ක්‍රිස්ටියානෝගේ පවුල එකල දිවි ගෙවුවේ දැඩි ආර්ථික අපහසුතා මැද්දේය.

ඒ මදිවාට ලැබූ සොච්චම ඔහුගේ පියා වියදම් කළේ බීමටය. බේබදුකමින් ඉහවහා ගිය සැමියාගෙන් තවත් දරුවකු පිළිසිඳ ගෙන ඇති බැව් දැනගත් මරියා දරුගැබ නැති කර ගන්නට උත්සාහ කළේ, දරිද්‍රතාවයෙන් පෙළීම නිසාමය. එහෙත් මේ දරුවා ලෝකයට අයිති නිසා ස්වභාවධර්මය එය වළක්වා ඇතැයි අපට විශ්වාස කළ හැකිය. පුංචි රොනාල්ඩෝ හට තාත්තා රොනාල්ඩෝ යන නම තැබුවේ එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයකුව සිටි ​රොනල්ඩ් රේගන් කෙරෙහි දැක්වූ ආසාව නිසාය. එනම් රොනාල්ඩොගේ පියා, නළුවකුව සිටි රොනල්ඩ් රේගන්ගේ ප්‍රියතම රසිකයකු විය. රොනාල්ඩෝ යනුවෙන් නම් තැබීමට හේතුව ලෙස සඳහන් වන්නේ, ඒ හේතුවය. දරිද්‍රතාවයෙන් පෙළී සිටි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු ඔහුගේ සහෝදරියන් දෙදෙනා සහ අයියා හට කුඩා කාලය ගත කිරීමට සිදුවූයේ, අඩු ආදායම්ලාභීන් සඳහා පල්ලියේ වෙන්ව තිබූ ස්ථානයක සිටය. එකල කෑම-බීම්-ඉදුම්-හිටුම් ලැබුණේ පල්ලියෙනි. එදා ඔහු ඇතුළු සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා දිවි ගෙවුවේ එක් කාමරයකය. එය කාමරයක් කියනවාට වඩා පුංචිම කූඩුවක් යැයි සඳහන් කළ හැකිය. බේබදුකම තිබුණද තාත්තාගේ මග පෙන්වීම නිසා ‘සී.ආර්.’ පාපන්දු පිටියට අවතීර්ණ වූයේ වයස අවුරුදු 10ට පෙරදීය. ඉගෙනීමට එතරම් දක්‍ෂතා නොපෙන්වූ අතර, පංතියේ කට්ටි පැනීම වෙනුවෙන්, ගුරුතුමිය ක්‍රිස්ටියානෝගේ මව ගෙන්වා පුතුගේ නොසැලකිල්ල ගැන කීවාය. මේ සියල්ලට හේතුව හෘදයේ අසමාන්‍ය ස්පන්දනය නිසා යැයි ඔහුගේ මව්පියන්හට දැන ගන්නට ඉඩ ලැබිණි. ඉන්පසුව වයස 15 දී ක්‍රිස්ටියානෝ හට හෘද සැත්කමකට මුහුණ දීමට සිදුවූ අතර, එය සාර්ථක වූවා පමණක් නොව යළිත් පාපන්දු පිටියට ඇවිත්, වැඩ පෙන්වීමට ඔහුට අවස්ථාව උදාවිය.

වයස අවුරුදු 16 දී රටේ තරුවක් වූ ‘සී.ආර්.’ වයස අවුරුදු 18දී යුරෝපයේ ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයකට එක්වූයේ ඩොලර් මිලියන 22කට ආසන්න ගිවිසුමකට අනුවය. ස්වකීය දිවිය රනින් සහ රන්කහවණු වෙතින් ස්වර්ණ-වර්ණ වෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. තවත් වසර දෙකක් ගිය පසු, ඉතාලියේ ජුවෙන්ටස් පිලට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු ගිවිසුම්ගත වූයේ ඩොලර් මිලියන 133ක මුදලකටය. මේ විදියට යුරෝපයේ මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් හා කලින් කලට ගිවිසුම් ගතව ලැබූ මුදල ඩොලර් මිලියන ගණනින් ඔහුගේ වත්කම් වලට බැරවුණි. නමුත් ඊට වඩා මුදලක්, උපයන්නට ඔහුට හැකිවූයේ, ලෝ ප්‍රකට වෙළෙඳනාම යටතේ, ප්‍රචාරණ, ප්‍රවර්ධන දැන්වීම්වලට පෙනී සිටීම නිසාය. පාපන්දු පිටියේ ශූරයක වූ ‘සී.ආර්.’ නිරූපණයට සුදුසු වඩාත් හැඩකාරයකු වූයේ කඩවසම් පෙනුම නිසාමය. අඩි හයකුත් අඟල් දෙකක් උසැති වූ ‘සී.ආර්.’ හට ඇත්තේ හොලිවුඩ් නළුවකුට එහා ගිය පෙනුමකි.

‘සී.ආර්. 7’ වූ හැටි
ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ හට ‘CR7’ යන නාමය ලැබුණේ, මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හා එක්වීමත් සමගය. පාපන්දු ක්‍රීඩාවේදී යම්කිසි කණ්ඩායමකට හෝ රටට ක්‍රීඩා කරද්දී ‘අංක 7’ පිළිගැනෙන්නේ වාසනාවන්ත අංකයක් ලෙසය. එමෙන්ම කණ්ඩායමේ දක්‍ෂතම ක්‍රීඩකයකු හට එම අංකය හිමිවේ. මැන්චෙස්ටර් යුනයිටඩ් හා එක්වීම සමග ‘අංක 7’ සඳහන් ජර්සිය ලැබුවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය. එතැන් සිට බොහෝ දෙනා ඔහු නම් කළේ 'CR7' යන කෙටි නාමයෙනි.

'CR 7' වෙළෙඳනාමය යටතේ ඇති ව්‍යාපාර.
‘සී-ආර් 7’ (CR7) යන කෙටි නාමය ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ හට කෙතරම් නම් ගැලපීද යත්, එය වෙළෙඳ නාමයක් බවට පත්විණි. ඉනික්බිතව 'CR 7' යටතේ, විලාසිතා ලෝකයට අනර්ඝ විලාසිතා පෙළක් හඳුන්වාදීමට මේ සුපිරි ක්‍රීඩකයා හට හැකිවිය. ඒ යටතේ යට ඇඳුම් විලාසිතා, සපත්තු, ජීන්ස් (කලිසම්), පිරිමි අත්බෑග්, කොලෝන් ආදී නිෂ්පාදන ඇතුළත්ය. ‘CR 7’ ඩෙනිම් ජීන්ස් සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළය. 'CR 7' බ්ලැන්කට් නිපදවන්නේ ‘ඩෙනාලි’ නාමය සමග ඒකාබද්ධ විලාසිතා නිෂ්පාදනයක් ලෙසය. බ්‍රිතාන්‍යයේ බ්‍රිටිෂ් විලවුන් සමාගම හා එක් වූ ඊඩන් ෆර්ෆියුම් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ෆ්‍රැග්රාන්ස් නමින් එළි දැක්වූ ‘විලවුන්’ වලට ඇත්තේද ඉහළ ඉල්ලුමකි.

'CR 7' අවන්හල්
‘සී.ආර්. 7’ අවන්හල් ක්ෂේත්‍රය අවතීර්ණ වූයේ ලෝ ප්‍රකට ටෙනිස් ශූර- රෆායෙල් නඩාල්, ලෝ ප්‍රකට දැල්පන්දු ක්‍රීඩක පාවෝ ගැසොල් සහ ලෝ ප්‍රකට ගායකයකු වන එන්රික් (ඉග්ලේෂියස්) සමග එක්ව Grupo Mable Capital සමාගම බිහි කිරීමත් සමගය. ඒ යටතේ සේලා (Zela) නමින් ස්පාඤ්ඤයේ lbiza හි සහ ලන්ඩනයේ අවන්හල් ස්ථාපිත කර තිබේ.

ශාරීරික යෝග්‍යතා ස්ථාන
CR 7 නාමය යටතේ 2016 දී ක්‍රන්ච් ෆිට්නස් හා එක්ව 'CR 7 ක්‍රන්ච් ෆිට්නස්’ නමින් ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් සඳහා ස්ථානයක් ස්ථාපිත කළ අතර, ඔහුගේ අරමුණ එම ‘ෆිට්නස් සෙන්ටර්ස්’ ශාඛා ජාලයක් ලෙස ව්‍යාප්ත කිරීමය. කොහොමටත් ‘මැඩ්රිඩ්’ නගරයේදී මෙම ස්ථානයට ඇත්තේ විශාල ඉල්ලුමකි.

පෞද්ගලික ගුවන්යානා
2017 දී ගල්ෆ්ස්ට්‍රීම් (Gulfstream) නමින් ජෙට් යානයක් මිලදී ගත්තේ ඩොලර් මිලියන 20ක මුදලකටය. එය අහසේ පාවෙන මාළිගයක් බඳුය. තමාගේ පෞද්ගලික පරිහරණය සඳහා එය මිලදී ගත්තද 'CR' එය ගමන්යාම සඳහා නිතර භාවිත නොකරන නිසා, ධනකුවේරයින් සඳහා සංචාර යාම පිණිස කුලී පදනමට ලබා දීමට සැලැස්වීය. එයින් විශාල ආදායම් ලබන බවද සඳහන් වේ.

කේශාලංකරණය සඳහා චිකිත්සාගාරයක්
'CR 7' හෙවත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම පෙම්වතිය වන ජෝර්ජියානා රොඩ්රිගුස් හට සුපිරි කේෂාලංකරණ චිකිත්සාගාරයක් පෘතුගාලයේදී ස්ථාපිත කර දුන්නේය. Insparya fucuses නම් වූ එහි ශාඛා කීපයක් තිබේ.

මේ සියල්ල වෙතින් ලබන මහා ධනස්කන්ධයට අමතරව ඉහත සඳහන් කළ ආකාරයෙන්, ‘සී-ආර්’ අතිවිශාල ධනයක් උපයන්නේ වෙළෙඳ දැන්වීම් හා නිරූපණ කටයුතු වලිනි. ලෝ ප්‍රකට 'Nike' නාමය යටතේ නිරූපණය සඳහා ඔහු ගිවිසුම් ගත වූයේ, ජීවිත කාලය සඳහාමය. ඒ වෙනුවෙන් ලද මුදල ඩොලර් බිලියනයකි. 'CR 7' නමින් 'Nike' සමාගම 2017 දී පාවහන් නිෂ්පාදනයක් හඳුන්වා දුන් අතර, උණුකැවුම් ලෙස එය අලෙවි විය.

වතාවක වෙන්චර්ස් ක්‍රීඩා සමාජය ඔහුගේ නමින් ‘ජර්සිය’ක් නිෂ්පාදනය කළ අතර, පැය 24කදී ජර්සි 5,20,000ක් අලෙවි විණි. ඒ මගින් ලද මුදල ඩොලර් මිලියන 63ක් පමණ විය. මේ අයුරින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට විවිධ ඉසව් ඔස්සේ ලැබෙන ආදායම ඉතා ඉහළය. හරියටම ඒ ගැන වාර්තා නොවූවද, ඔහු සතු සමස්ත ආදායම ලෙස මෙම වසරේ සඳහන් වූයේ ඩොලර් මිලියන 500ක් ලෙසය.

ලබන ආදායම්වලට අනුව බදු ගෙවීම් පැහැර හරින ලදැයි යන්න විටෙක ඔහුට එලල් වූ චෝදනාය. ඒ කෙසේ වෙතත්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු අත දිග හැර සමාජ සත්කාර සඳහා මුදල් පරිත්‍යාග කරන පරාර්ථකාමී චරිතයකි. ළමා ලෝකයේ බොහෝ කටයුතු සඳහා විශාල ලෙස මුදල් පරිත්‍යාග කරන තරුවකි.

පවුල් ජීවිතයට කැමති CR
වත්මන් ලෝකයේ ඕනෑම අංශයකදී සුපිරි තරුවක ලෙස පස්වැනියට පොහොසත් ස්ථානයේ පසුවන CR හෙවත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු පවුල් ජීවිතයට වඩාත් කැමති චරිතයක් වග සඳහන් වේ. ඔහුගේ පෙම්වතිය, නැතහොත් විවාහ නොවූවද ඔහු එකට දිවි ගෙවන්නේ, සුරූපී ​ජෝර්ජියානා රොඩ්රිගුස් සමගය. දරුවන් 4 දෙනෙකුට මේ දෙදෙනා හිමිකාරීත්වය දරයි. කනිෂ්ඨ රොනාල්ඩෝ හෙවත් CR ගේ පුංචි පුතුද තාත්තා මෙන් පාපන්දු ක්‍රීඩාවට දක්‍ෂයකු වග දැනටමත් ඔප්පු කර හමාරය.

දනට-පිනට කැමති 'CR සිරුරේ’ පච්ච කොටා නැත්තේ ලේ දන්දීම නිරන්තරයෙන් සිදු කරන බැවිනි.

‘මැඩ්රිඩ්’ නගරයේ මිලියන 14ක් වටිනා මන්දිරයක් ඔහු සතු අතර, 2017 දී පමණ ඔහු සතුව සුපිරි මෝටර් රථ 20ක් තිබිණි. ලැම්බෝර්ගිනි, ෆෙරාරි, මර්සිඩීස් බෙන්ස්, රෝල්ස් රොයිස් ඇතුළු ලෝ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන ඊට ඇතුළත්ය. එහි වටිනාකම ලෙස සඳහන් වූයේ ඩොලර් මිලියන 5කි.
නිව්යෝර්ක් නගරයේ ට්‍රම්ප්ටවර්හි ඔහු සතු මන්දිරයෙහි වටිනාකම ඩොලර් මිලියන 20කට ආසන්නය.

මෙම ලෝක තරුව ගැන තව තවත් බොහෝ විස්තර කිව හැකිය. සුපිරි ජීවිතයක් ගත කරන අතරේ, සමාජය ගැන පරාර්ථකාමීව හිතන නිසා, සමාජය පෙරලා ඔහුට ආදරය කරන බව පෙනේ. සැබැවින්ම CR යනු සැබෑම තරුවකි.

සඳුන් ගමගේ
ලංකාදීප
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top