යකදුරෙකු විසින් ලබාදුන් තැඹිලි වතුර පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වූ පියෙකු සහ දියණියක මියයාමේ පුවතක් පුත්තලම - අට්ටවිල්ලූව ප්‍රදේශයෙන් වාර්තාවුණා.
අපල උපද්‍රව පහකර ගැනීම සඳහා සහ නිරෝගී සුවය පතා සීදූව - බණ්ඩාරවත්ත - රාජපක්ෂපුර පදිංචි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ යකදුරා පැවැත්වූ ශාන්ති කර්මයකට පෙරේදා සහභාගි වී තිබෙනවා.
එහිදී ලබාදුන් තැඹිලි වතුර පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්වූ 40 හැවිරිදි දියණිය සහ 60 හැවිරිදි පියා රෝහල් ගතකර තිබෙනවා. දියණිය හලාවත මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පියා පෙරේදා දිනයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ අදාළ පියා සහ දියණිය කළක පටන් ඇදුම රෝගී තත්ත්වයෙන් පෙලූනු අය බවයි.