Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
27
"මම මේ දුවගෙන් දරුවෙක් බලන්න ආසාවෙන් හිටියේ. ඒත් ඊට කලින් මම මැරුණා. මම මැරුණට පස්සේ කලින් තිබුණු ආසාව නිසා දුවගෙ බඩේ උපදින්න හිතුණා. මම දුවගේ ගැබ ළඟට වෙලා හිටියා."

- "මම මේ දුවගෙන් දරුවෙක් බලන්න ආසාවෙන් හිටියේ. ඒත් ඊට කලින් මම මැරුණා. මම මැරුණට පස්සේ කලින් තිබුණු ආසාව නිසා දුවගෙ බඩේ උපදින්න හිතුණා. මම දුවගේ ගැබ ළඟට වෙලා හිටියා."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

ප්‍රේතියකට මිනිස් කුසක උපදින්න බැහැ. 
ඔබ දුවගෙ ගර්භාෂයේ උපදින්න ආසාවෙන් ගර්භාසය ළඟට වෙලා හිටියා.
 
මිනිහා ස්වකීය පංචස්කන්ධය තුළ “මම” යැයි කෙනෙක් ඇතැයි සිතා සිටී. සම්මුති වශයෙන් ජීවත් විමේදී අයිතිය හා යුතුකම් වගකීම්වලදීද “මම” යැයි භාවිත කරයි.
 
ඔවූහු ජීවත් වීමේදී “මම” යැයි “මගේ” යැයි භාවිතා කරති. ඉඩකඩම් දේපළ ආදිය සඳහා ඔප්පු තිරප්පු ලියන්නේ ද “මගේ” නමටය.
 
“මගේ” අයිතිය අනුන්ට පවරන්නේ ද “මම” ය.
 
එහෙත් පරමාර්ථ සත්යයේදී ක්ෂණිකයක් පාසා ඉපද නිරුද්ධ වන, බිඳී බිඳී යන නාම රූප පරම්පරාවෙන් මිස නිත්ය වූ “මම” කෙනෙක් නැත.
 
මේ “මම” පවතින තුරු සංසාර ගමන දිගින් දිගට ඇදී යයි. ඒ නිසා “මම” සිටින තුරු නිවන් දකින්නට නම් නොහැකි වේ.


ප්රීතිකා පාදුක්කේ පදිංචි තිස් හත් හැවිරිදි පාසල් ගුරුවරියකි.
ඇගේ දියණිය සේපාලි ය. සේපාලිගේ වයස අවුරුදු හතරකි. සේපාලි හිටි හැටියේ සිහි සුන්ව වැටෙන්නට වූවාය.
 
එසේ වැටෙන ඇගේ ශරීරය ගැහෙන්නට පටන් ගනී. විනාඩි පහකට හෝ දහසකට පසු ප්රකෘති සිහිය ලබා සාමාන්ය තත්ත්වයට පත්වන්නීය.
 
මේ තත්ත්වයෙන් මුදා ගන්නට ප්රතිකාර සඳහා ඇය ළමා රෝහලට ගෙන ගියාය.
 
දැනට අවුරුද්දක් පමණ වූ මේ රෝග තත්ත්වය සඳහා විශේෂඥ වෛද්යවරයෙකු පරීක්ෂණ පැවැත්විය. විවිධ පරීක්ෂණය කළත් සේපාලකාට කිසිදු රෝගයක් නැතැයි සනාථ විය. එහෙත් වෛද්යවරයා බෙහෙත් නියම කරයි.
 
අවුරුද්දක් පුරා මේ සිව් හැවිරිදි දැරිය උදේ සවස බෙහෙත් බීවාය.
මව්පියන්ගේ පෙරැත්තය නිසා අඬ අඬා බෙහෙත් බීවාය. ඒ ගැන කෙනෙක් විමසූ විට ඇගේ මව්පියෝ කියන්නේ “වෙන මොනවා කරන්නද?” කියාය.
වෛද්ය ප්රතිකාරවලට අමතරව වත් පිළිවෙත් ශාන්ති කර්ම කළත් එයින් ද සහනයක්, සුවයක් ලැබුණේ නැත.
 
අවසානයේ ඥාතිවරයෙකුගේ උපදෙසක් මත දැරිය ගුප්ත ගවේෂණ මධ්යස්ථානය වෙත මව්පියෝ ඇය කැඳවාගෙන ගියහ.
 
ඔවූහු අධ්යාත්මීය උපදේශකවරයා මුණගැසී සේපාලිගේ රෝග විස්තරය පැහැදිලි කළහ.
ගවේෂකවරයා අධ්යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට වරින් වර මවත් දුවත් දෙදෙනාම වෙවුලන්නට වූහ.
 
මෙතැන අමනුෂ්යයෙකුගේ බලපෑමක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා ගමේ පන්සලේදී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි ඔවුන්ට අවශ්ය උපදෙස් දුන්නේය. ඊට අමතරව දැරියගේත් මවගේත් අවුල් වී දුර්වලව පැවති චක්ර පද්ධති සකස් කළේය.
බෝධි පූජා අවසන් කළ ඔවූහු ප්රතිකාර සඳහා නැවත පැමිණියහ.
 
එදින රෝග පරීක්ෂාවේ මවත් දියණියත් ගැහෙන්නට වූ අතර සේපාලි දියණිය තුළින් භූතාත්මයක් අවදි වී කතා කරන්නට විය.
ගවේෂකවරයා වහාම එය වැළැක්වීය. ඒ සිව් හැවිරිදි ළදැරියක් තුළින් භූතාත්ම ගවේෂණ කිරීම නුසුදුසු නිසාය. ඒ භූතාත්මය මවගේ ශරීරයට දිෂ්ටි ගන්වා ගවේෂකවරයා භූතාත්මයෙන් ප්රශ්න කරන්නට විය.
 
“කවුද මේ ශරීරවලට බලපෑම් කරන අමනුෂ්යයා?”
“මම ආච්චි” භූතාත්මය උත්තර දුන්නාය
“කාගෙ ආච්චිද?”
 
“මේ පොඩි දැරිවිගෙ ආච්චි. ප්රීතිකාගේ අම්මා”
“මොකක්ද නම?”
 
“කුසුමාවතී”
“මොනවා වෙලාද මැරුණේ?”
“පපුවෙ ඇම්මක් වගේ ආවා. එකෙන් මළා.”
 
“කොයි කාලෙද?”
“අවුරුදු පහකට කලින්”
“කොහෙදිද මැරුණේ?’
 
“ඉස්පිරිතාලේදි”
“ඒ කියන්නේ කුසුමාවතී ඉස්පිරිතාලෙදි මැරුණා කියලා නේද?”
 
“ඔව්”
“ඊට පස්සේ?”
“ඊට පස්සෙ ගෙදරට ගෙනැත් භූමදාන කළා.”
“මැරුණ නම් භූමදාන කළා නම් කුසුමාවතී දැන් කොයින්ද?”
 
“ම්….ම්…. ඒ වුණාට මම ඉන්නවා.”
“ඇයි මේ මිනිපිරිට කරදර කරන්නේ?”
 
“මම කරදර කරන්නේ නැහැ මහත්තයා”
“නැත්තෙ මොකද? ඔබට මරණයෙන් පසු මොකද වුණේ කියන්න”
 
“මහත්තයා මේ ප්රීතිකා මගේ බාල දුව. මම මේ දුවගෙන් දරුවෙක් බලන්න ආසාවෙන් හිටියේ ඒත් ඊට කලින් මම මැරුණා. මම මැරුණට පස්සේ කලින් තිබුණු ආසාව නිසා දුවගෙ බඩේ උපදින්න හිතුණා. ඉතින් මම දුවගෙ ගැබ ළඟට වෙලා හිටියා.”
 
“ඊට පස්සෙ මොකද වුණේ?”
“දන්නේ නෑ මහත්තයා, මට මොකවත් තේරෙන්නේ නෑ.”
“හොඳට කල්පනා කරන්න. සුමානයක් කල් දෙනවා. හොඳට කල්පනා කරන්න. මම දුවට කියනවා තවත් සතියක් බෝධි පූජා පවත්වන්න කියා. මේ අය බෝධි පූජා පවත්වන්න යන කොට ඔබත් පන්සලට යන්න ඕනෑ. ගිහින් ඒ බෝධි පූජාව සම්බන්ධ වෙන්න ඕනෑ.”
 
ගවේෂකවරයා භූතාත්මයට නියම කළේය.
තවත් සතියක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි පීරතිකාට ද උපදෙස් දුන්නේය.
 
බෝධි පූජා පැවැත් වූ සතිය තුළ සේපාලි දුව අසනීප නොවූ බවත් දැන් සාමාන්ය පරිදි හැසිරෙන බවත් වසරක් පුරා දීගෙන ආ බෙහෙත් දීම ද නතර කළ බවත් නැවත පැමිණි දිනයේ පීරතිකාත් සැමියාත් ගවේෂකවරයාට විස්තර කළහ.
 
එදින ද ප්රීතිකාට කුසුමාවතීගේ ප්රාණකාරයා දිෂ්ටි ගන්වා ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.
“නමුත් දූලත් එක්ක බෝධි පූජාවලට ගියාද?”
“ඔව්. ගියා මහත්මයා.”
 
“මොනවද එතනදි ඔබට දැනුණේ?”
“එතැන ඉන්න කොට මම ඉස්සර කරපු පින්කම් මතක් වුණා. එනකොට මට සතුටක් සහනයක් දැනුණා.”
 
“එහෙම නම් දැන් මේ ටික අහගන්න. ඔබට දුවගෙ බඩේ උපදින්න ආසා හිතුණා. ආසාව කියන්නේ ලෝභය. ලෝභය මතුවෙන්නේ මෝහයත් එක්ක. ලේභයත් මෝහයත් දෙකම අකුසල මූල අකුසල් සිත්වලින් උපන් නිසා ඔබ ප්රේතියක්.
 
ප්රේතියකට මිනිස් කුසක උපදින්න බැහැ. ඔබ දුවගෙ ගර්භාෂයේ උපදින්න ආසාවෙන් ගර්භාසය ළඟට වෙලා හිටියා.
 
ඔය අතරේ දුවගෙ බඩේ කර්මානු රූපව ගන්ධබ්බයෙක් ඇවිත් පිළිසිඳ ගත්තා. ඔබ හිතාගන්නේ ඒ “මමය” කියලා.
 
ඒක මහ මුලාවක්. දුවගෙ ගර්භාෂයේ පිළිසිඳගත් ගන්ධර්බයා වෙන කෙනෙක්. ගර්භාෂය ළඟ සිටිය ඔබ තවත් වෙන කෙනෙක්. හොඳට කල්පනා කර බලන්න. ඔබ පීරතිකාගෙ දුව සේපාලි නම් දැන් කොහොමද පීරතිකාගෙ ශරීරයෙ ඉඳගෙන මා එක්ක කතා කරන්නේ? ප්රීතිකාගේ ශරීරයෙන් මතු වෙන්නේ කොහොමද? සේපාලි දුව මේ පැත්තකට වෙලා හොඳට ඉන්නේ?”
 
“ම්…. ම්… ම්…. ඔව් නේ. ඇත්තනේ මහත්තයා මට දැන් තේරුණා. මට දැන් තේරුණා. මම මෙච්චර දවස් කරලා තියෙන්නේ වැරදි වැඩක් නේ. මට සමාවෙන්න පුතේ” කුසුමාවතීගේ ප්රාණකාරිය ප්රීතිකාගේ ස්වාමිපුරුෂයා දෙස බලමින් කීවාය.
 
“හොඳයි ඔබට බෝධි පූජාවෙදි කරපු පින් මතක් වුණා කීවානෙ. තවත් පින් කර ගෙන දිව්ය ලෝකයට යන්න අධිෂ්ඨාන කරන්න. ඒකට හොඳ සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට අත හිත දෙන්න.”
ගවේෂකවරයා භූතයාට කීවේය.
 
“හොඳයි මහත්මයා. මම හරිම ආසයි අනුරාධපුරයට යන්න.”
 
මේ වනවිට සේපාලි සම්පූර්ණ සුවය ලබා සිටින බැවින් ඊළඟ සතියේ නිවසේ සංඝික දානයක් පිරිනමා කුසුමාවතීගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසත් දානයෙන් පසු දිනක අනුරාධපුරයට යෑමට සූදානම් වී සුදු මල් වට්ට්යක් ද රැගෙන එන ලෙසත් ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දෙමින් කීවේය.
 
ඒ අනුව ඔවුන්ගෙන ආ මල් වට්ටියට භූතාත්මය සම්බන්ධ කළ ගවේෂකවරයා එය ඔවුන් සමඟම අනුරාධපුරයට යැවීය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top