16 Views
සීසන් එකට ගාණ අඩුවෙනවා වෙනුවට වැඩිවෙන එකම දේ තමයි රෝස.අද නම් 150කට වැඩියෙන් මිසක් අඩුවෙන් හොයනවා බොරු.ආදරේ කරන කොල්ලෙක් නම් අද දවස ඇතුලත අනීවා කෙල්ලට රෝස මලකුයි චොකලට් එකකුයි දෙනවා.නොදුන්නොත් එතන ආදරයක් තිබිලා නෑ.ඔය ලංකාවේ ආදරේ විකුණන්න ගොතපු ලස්සන කතා.කොච්චරද කියලා හිතාගන්න පුළුවන්වෙන දවසකට රුපියල් 30ට විකුණුවට, වැඩි පුරම විකිණෙන අද දවසේ ලංකාවේ ඕන තැනක රෝස මලක ගාණ 150 යි.ඒක ඉතිං රෝස මලේ වරදක් නෙවෙයි.
හැබැයි නෑ බෑ කියන්නේ නැතුව අද හැමෝම රෝස මල් ගන්නවා.ඔබත් ඒ අතර කෙනෙක් කියලා අපි දන්නවා.සමහර විට ආදරවන්තයට ආදරවන්තියටමත් නෙවී හොද යාළුවෙක්ට වුනත් අද ඔබට රෝස මලක් දෙන්න පුළුවන්. ඒ හිංදයි මේ කතාව අපි කියන්නේ.මල් ගන්න ගියාම පෙනෙයි පාට පාට රෝස මල් එතන තියෙනවා.
ඔබ පණ වගේ ආදරේ කරන කෙනාට දෙන්න නම් ගන්න ඕන රතු පාට රෝස මලක් ...
ඔබ ගොඩාක් කැමති,සමහර විට කියාගන්න බැරුව හිතින් ආදරේ කරන කෙනෙක්ට දෙන්න නම් ගන්න ඕන රෝස පාට රෝස මලක්...
හැමෝටම හොරා, දෙන්නට දෙන්න ආදරෙයි නම් එයාට දෙන්න ගන්න තැඹිලි පාට රෝස මලක්...
ඔබේ හොදම යාළුවට දෙන්න නම් ගන්න කහ පාට රෝස මල්ක්...
මොනවම හරි දෙයකට එයාව අගය කරන්න ඕන නම් ගන්න සුදු පාට රෝස මලක්...
කාරණාවට ඕන විදිහට රෝස මල තෝර ගන්න එක දැන් තියෙන්නේ ඔබේ අතේ.ඒ වගේම අද ඔබට දන්න කෙනෙක් හරි නොදන්න කෙනෙක් හරි රෝස මලක් ගෙනත් දුන්නම, ඇයි මේ රෝස මල දුන්නේ කියලා අහන් නැතුව තේරුම් ගන්න එක තියෙන්නෙත් ඔබේ අතේ.අද මේ වැලන්ටයින් දවසේ තේරුම් කරලම දුන්න එකේ ඔබට පුළුවන්ද රෝස මල් අතර අතරමං නොවී ඉන්න?

