රඹුක්කන, කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයේදි පසුගිය 15වනදා දුම්රියට ගෙල තබා ජිවිතය අහිමි කර ගත් දෙදරු පියා සිය දිවි අහිමි කර ගෙන ඇත්තේ දියණිය තමාට හොර රහසේ පෙම්වතෙකු සමඟ පැන යාමේ සිද්ධියක් මුල්කරගෙන බවට පොලිස් පරික්ෂණ වලදි අනාවරණ වී තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බලන කඩුගන්නාව උඩදෙනියේ ගෙදර පදිංචි සරත් උඩුගම (43) නැමති පුද්ගලයෙකි. මෙම පුද්ගලයාගේ සිය බිරිඳ මීට වසර ගණනාවකට ඉහතදි එක් දියණියක් ද කැටුව එම නිවසින් වෙන් වි ගොස් ඇත.
පසුව 18 හැවිරිදි වැඩිමහල් දියණිය සමග තම කුඩා පැල්පතේ දිවි ගෙවමින් සිය දියණියට සිය යුතුකම් ද ඉටු කරමින් අධ්‍යාපන කටයුතු සඳහා උස්සාපිටිය ප්‍රදේශයේ උසස් පාසලකට යවා ඇත්තේ කුළි වැඩ කරමින් සොයා ගන්නා මුදල් වලිනි.
නිවසේ එදිනෙදා අවශ්‍යතාවයන් හා දරුවාගේ අධ්‍යාපන කටයුතු පෞද්ගලික පන්ති වලට අවශ්‍ය මුදල් ඔහු විසින් කුළි වැඩ මගින් සොයා ගත් මුදල් වලින් විය හිය දම් කරන ඇති අතර මෙවැනි දුෂ්කරතා තිබුණත් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ද හදාරා සිටි දියණිය මීරිගම ප්‍රදේශයේ තරුණයෙකු සමඟ තම පියාට හොර රහසේ පෙම් සම්බන්ධතායක් ද පවත්වාගෙන ගොස් ඇත.
නමුත් දැනට සති කිහිපයකට කලියෙන් මේ පිළිබඳව පියා දැන ගෙන සිටි නිසා සෑම විටම දියණියට උපදෙස් දෙමින් ඇයව එයින් මුදවා ගැනිමට ඔහු උත්සාහ කර ඇත. පසුගිය දා ඔහු සවස වැඩ හැරි නිවස වෙත පැමිණ ඇති අතර එහි පැමිණෙන විට දියණිය නොසිටි නිසා අනිවාර්යෙන්ම මිරීගම තරුණයා සමග පැන ගොස් ඇති බව දැන ගත් ඔහු දරාගත නොහැකි වේදනාව නිසාම ජිවිතය පවා එපා වි ඇත. තම උතුරා ගිය දරු සෙනෙහස ඔහු තුළ මහ මෙරක් තරම් තිබුණි.
එම ශෝචනිය තත්වයෙන් මිදිමට ඔහුගේ ක්ෂණික විසඳුම වී ඇත්තේ දුම්රියට ගෙල තබා තම ජිවිතය අහිමි කර ගැනිමයි. ඒ අනුව මෙම මරණය සිදු වි ඇති බව පොලිසිය පවසයි.
17 වනදා මෙම පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පැවති මරණ පරික්ෂණ පේරාදෙණිය රෝහලෙදි පැවත්විය. එහිදි සාක්ෂි ලබා දුන් රඹුක්කන සිට මහනුවර බලා පැමිණි දුම්රියේ රියදුරු වන වත්තේගම පදිංච් උදය ප්‍රසාද් ද සිල්වා මෙසේ පැවසිය.
‘‘15 වැනිදා සවස මම දුම්රිය මහනුවර දක්වා ධාවනය කරමින් සිටියා. තරමක් වැහි කළුවර සහිත රාත්‍රී අඳුර තදටම පැවතුනා. සාමන්‍යයෙන් රාත්‍රී 9 පහුවෙලා ඇති කොච්චිය බලන ප්‍රදේශයට එන කොට මීටර් කිහිපයක් දුරින් පුද්ගලයෙකු දුම්රියේ පිල්ලට බෙල්ල තියන් ඉන්නවා ඉදිරිපස දුම්රියේ ලාම්පුවට පෙනුනා. එතකොටම මම හැකි ඉක්මනින් ක්‍රියාත්මක වේලා නාළාව කිහිප විටක් ශබ්ද කරා. ඔහු ඒ වෙනකොටත් සිය ගෙල තියාගෙනම නිසොල්මනේම හිටියා. මම තිරිංග තද කරලා නවත්වන්න උත්සාහ කරද්දි ඒ වෙද්දි ඔහුගේ ගෙල දුම්රියට බිලි වෙලා ඉවරයි. වෙනත් වාහනයක් වාගේ ඉක්මනින් නවත්වන්නත් බැහැනේ ඊට පස්සේ අපි කිහිප දෙනෙක් එකතු වේලා එම පුද්ගලයා අපේ දුම්රියෙන් රැගෙන ගොස් කඩුගන්නාව නැවතුම් පලට භාර දුන්නා‘‘ යැයි දුම්රියේ රියදුරු මහතා සිය කට උත්තරයේදි කිහ.
එහිදි සාක්කි ලබා දුන් මිය ගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරියක් පවසා ඇත්තේ මල්ලිට කොච්චියට බෙල්ල තියන්න වෙන කිසිම හේතුවක් තිබිබේ නැහැ. එකම හේතුව එයාගේ දුව මිරීගම පැත්තේ තරුණයෙකු සමග යාළුවෙලා හොරෙන් ගියපු සිද්ධිය තමයි මුල් වුනේ. ඒ දුව ආරක්ෂා කරන්න උගන්නවන්න වාගේම ඕනෑ එපාකම් සියල්ල මල්ලි විසින් සම්පුර්ණ කලා දැන් ඉතින් මොනවා කරන්නද අපේ සහෝදරයා අපිට නැති වුනා. රෑ 9.10 යේ කොච්චියට බෙල්ල තිබ්බ නිසා කාටවත් මෙයාව බේරා ගන්න බැරි වුනා.
පේරාදේණිය රෝහලේ පැවති මෙම හදිසි මරණ පරික්ෂණය සඳහා සහභාගි වු අධිකරණ වෛද්‍ය නිලධාරි පි. සේරසිංහ මහතා සහ කඩුගන්නාව හදිසි මරණ පරික්ෂක ඩි.බි. විජේකොන් යන මහත්වරුන් මෙම මරණ පරික්ෂණ වාර්තාව ලබා දෙමින් පවසා සිටියේ හිස ප්‍රදේශයට සිදු වු බරපතල හානිය නිසා මරණය සිදු වු බවත් ක්ෂණික තිරණය ගැනිමක් මගින් සිදු කර ගත් හදිසි මරණයක් බවට එහිදි තීරණය විය.
පසුව මිය ගිය පුද්ගලයාගේ වැඩිමහල් සොයුරිය හා ඔහුගේ පුතණුවන් අදාල පුද්ගලයාගේ දේහය එහිදි භාර ගන්නා ලදි.