Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
26
"පොලිස් ඇලජික්කාරයෙක් සැරින් සැරේට කරන වැඩක් මේ.." - රථවාහන වරදකට දණ ගසා වඳින පොලිස් නිලධාරියාගේ ඡායාරූපය පිටුපස ඇති ඇත්ත කතාව හිටපු DIG ගාමිණි සිල්වා කියයි - Photos

- "පොලිස් ඇලජික්කාරයෙක් සැරින් සැරේට කරන වැඩක් මේ.." - රථවාහන වරදකට දණ ගසා වඳින පොලිස් නිලධාරියාගේ ඡායාරූපය පිටුපස ඇති ඇත්ත කතාව හිටපු DIG ගාමිණි සිල්වා කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"මම නම් ඒක ගණන් ගන්නේ නැහැ, මගේ දරුවෝ නම් කලබල වුණා.."

සිවිල් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙකු හට නිල ඇඳුම්ලාගත් පොලිස් නිලධාරියෙකු දණ ගසා වදින ඡායාරූපයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ ඊට ඇදුනු සටහනක්ද සමඟිනුයි. එම සටහනේ දැක්වෙන්නේ සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බවත් ඔහු සිදුකළ රථවාහන වරදකට දණ ගසා වඳින නිලධාරියා නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීමේදී අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සිය නිල බලය අයුතු ලෙස භාවිතා කළ බවයි.


වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතුවන මෙම ඡායාරූපයේ පසුබිම් කතාව සොයා ගන්නට අපට හැකියාවක් ලැබුණා. මේ ඒ ඡායාරූපය පිටුපස ඇති ඇත්ත කතාවයි.

" මේ සිදුවීම වුණේ අවුරුදු 8කට විතර කලින්, ලංකාවේ අපරාධ මෙහෙයුම් අතිවිශිෂ්ඨ ලෙස මෙහෙය වූ නිලධාරියෙක් තමයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා කියන්නේ. උතුරු පළාත් භාරව සිටියදී තමයි එතුමා විශ්‍රාම ගියේ. එතුමා ගෞරවාන්විත සේවාවක් කළ නිලධාරියෙක්. රාජකාරිය හරියට කළ එතුමා පොලිස් නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු ගැන හොයලා බලලා නිලධාරීන් වෙනුවෙන් කතා කළ කෙනෙක්. ඒ වගේ නිලධාරියෙකුට මඩ ගහනවා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි, ඒක හෙන ගහන අපරාධයක්. ඇත්ත නෙමෙයි මේ සමාජ මාධ්‍ය ඔස්සේ කතා කරන්නේ, ඇත්තම කතාව තමයි එතුමා විශ්‍රාම ගිය දවසේ හැම නිලධාරියෙකු වගේම මමත් එතුමාට ගෞරවාන්විත සමුගැනීමක් දුන් එක. එතුමාට මම සමුදුන්නේ දෙපා වැඳලා.. ඒක තමයි කවුරු හරි අරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ දාලා එතුමාට අගෞරව වෙන විදිහට පොස්ට් කරලා තියෙන්නේ, එතුමා නිලධාරීන්ට දඬුවම් දෙන්න තියා හිතන්නේ වත් නැහැ. එතරම්ම නිහතමානී පුද්ගලයෙක්. පොලිස් නිලධාරීන්ගෙන් හොඳ විතරක් ඇහුව්ව නිලධාරියෙක් හිටියා නම් ඒ ගාමිණි මහත්තයා තමයි.."

ඒ කතාව හිරුට කිව්වේ එදා පොලිස් නිල ඇඳුමින් දණ ගසා විශ්‍රාමලත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වාට වැද සමුදුන් වර්තමාන කිලිනොච්චි පොලිසියේ උප පොලිස් පරික්ෂ නිශාන්ත රාජපක්ෂයි.

බොහෝ දෙනෙකු සත්‍ය නොදැන විවේචන එල්ල කළ විශ්‍රාමලත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා සමගත් අපි කතාබහ කළා. බොහෝ දෙනෙකුගෙන් අවලාද ඇසූ ඔහු සිනාමුසුව උත්තර දුන්නේ මෙහෙමයි.

"මම විශ්‍රාම ගියේ 2013 වර්ෂයේ දෙසැම්බර් මාසේ 03දා, විශ්‍රාම අරගෙන අවුරුදු 8ක් වෙනවා. එතකොට ඔය ඡායාරූපයේ ඉන්න පොලිස් නිලධාරියා සාජන් කෙනෙක්. දැන් SI කෙනෙක්. මගෙත් එක්ක අවුරුදු 4ක් ඔහු සේවය කළා. මගේ නිල රථයේ පෙරගමන්කරු ඔහු. මම විශ්‍රාම ගන්නකොට සමුදීම සඳහා තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා තිබ්බා පුජිත් ජයසුන්දර. මාන්කුලම පොලිස් සංචාරක නිවස්නයේ. පුජිත් තමයි මම වෙනුවට ආවේ උතුරු පළාත භාරව. තව නිලධාරීන් බොහෝ දෙනෙක් හිටියා. ඔහු කැප් එක ගලවලා මට වැනදා. ඒ වෙලාවේ මම අත කලිසම් සාක්කු වලට දාගෙන කාත් එක්ක හෝ කතා කරන ගමන් හිටියේ , එයත් එක්ක බයික් එක පිටිපස්සේ ගිය තවත් නිලධාරියෙක් තමයි ඒ ෆොටෝ එක අරගෙන තියෙන්නේ , රාජපක්ෂට වගේම පුජිතට පුරුද්දක් තියෙනවා මතක සටහන් ලෙස ඡායාරූප ගත කරන එක. සමහර දවස්වලට පුජිත් වැඩ ඉවර කරලා පාන්දර එක දෙකට ආවත් ඒ ගත්ත ඇතැම් ෆොටෝස් අප්ලෝඩ් කරනවා කියලා සමහර නිලධාරීන් මාත් එක්ක කියලා විහිළු කරනවා, ඒ විදිහට ගත්ත ෆොටෝ එකක් තමයි රාජපක්ෂ මට වඳින ෆොටෝ එක. ඒක රාජපක්ෂ සමාජ මධයේ ඒ කාලේ අප්ලෝඩ් කරන්න ඇති. 2017 වර්ෂයේ ඒ ෆොටෝ එක ෆේස්බුක් දාලා "වඳියි බට්ටා පොලිස් .." කියලා සටහනක් දාලා කියලා... ඒක දැකලා සමාජ මාධ්‍යයේ විවේචන ගියා. මගේ දරුවෝ පවා කලබල වුනා. නමුත් මම නම් කලබල වුනේ නැහැ.. හිනා වෙලා හිටියා, ඒ ගැන 2017 අජිත් රෝහණත් මට කතා කරලා ඇහුවා සර් අර පොස්ට් එක දැක්කද කියලා, එදා අජිත්ටත් මම කතාව කිව්වා, ඔහු රූපවාහිනි නාලිකාවකට ගිහින් ඒ ගැන කතා කරලා තිබ්බා, එය නැවත මේ දිනවල සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා..පොලිස් ඇලජික්කාරයෙක් කරන වැඩක් මේ සැරින් සැරේට කරන්නේ..මම නම් ඒක ගණන් ගන්නේ නැහැ.."

ඔහු කියන්නේ එහෙම කතාවක්.


No description available.






Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top