Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
16
"එයාගේ බිරිඳ දරුවෝ හතරදෙනා දාලා අනියම් සම්බන්ධයක් තිබුණ කෙනා එක්ක ගිහින්..." - ටී.එම් ජයරත්නගේ බිරිද මාලනි කියයි

- "එයාගේ බිරිඳ දරුවෝ හතරදෙනා දාලා අනියම් සම්බන්ධයක් තිබුණ කෙනා එක්ක ගිහින්..." - ටී.එම් ජයරත්නගේ බිරිද මාලනි කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views

"සරමක් ඇඳගෙන කොන්ඬේ අවුල්වෙලා,ගෙයි බඩුමුට්ටු මුකුත් නෑ. එක කාමරේක දරුවෝ ටික බිම නිදි.."
 
"දරුවෝ නිදා ගන්නේ නැහැ කියලා දොර වහලා පිරිත් කියනවා.."
 
මුල්ම ගීතය මම ගීතයක් කරන්න හිතාගෙන ලියපු එකක් නෙමෙයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධධර්මය ප්‍රශ්න පත්‍රයට මම විනාඩි හතලිස් පහකින් පැයකින් වගේ උත්තර ලියලා ඉවර කළා. විභාගේ මං අධි සම්මාන සහිතව සමත් වුණා. නමුත් කලින් උත්තර ලියලා ඉවර වුණා. හැබැයි විභාග ශාලාවෙන් යන්න


 හැටියකුත් නෑ තව වෙලාව හුඟක් තියෙන නිසා. කරන්න දෙයකුත් නෑ. ගුරුවරුත් බලනවානේ. කරන්න දේකුත් නෑ, නැගිටින්නත් බෑ. කොහොමඋනත් බුදු ගුණ, බුදුරජාණන් වහන්සේ, මේ සියල්ල අතරනේ මම දෝලනය වෙමින් හිටියේ ඒ වෙලාවේ. ඒ වෙලාවේ නිකං ඉන්නවට මම කුරුටු ගෑවා කොළ කැල්ලක ”තිලොවග නාහිමි නෙත් ඇදුරාණනි නමදිමි බැතියෙන් පාද කමල්” කියලා ගීතයක්. පස්සේ ඕක මං ගෙනල්ලා තාත්තට පෙන්නුවා, තාත්තේ මේ බලන්න විභාගේ ඉවරවෙලා ඉතුරු වෙලාවේදී මං ලියපු එක කියලා. තාත්තා කිව්වා අනේ පුතේ කොච්චර හොඳද ඕක බුදු රජාණන් වහන්සේට පූජා කරන්න කියලා. ඇත්තටම ඒ වයසේදී ඒක එච්චර ලොකුවට මට දැනුනේ නෑ. නමුත් මං අර වචන ටික බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන ආසනෙන් තිබ්බා. පහු කාලේදී මහත්තයට සරල ගීවලට බුදුගුණ ගීතයක් ඕනවෙලා ඔය ගීතය ගැයුවා. ඇත්තටම ඒක හොඳ බුදුගුණ ගීතයක් වුණා. ඒක තමයි මගේ අතින් ලියපු පළවෙනි ගී පද මාලාව.
 
ඊට පස්සේ මොකද උනේ?
ගුවන්විදුලියේ නව පද මාලා කියන වැඩසටහනට මහත්තයා ගැයුවා ”සඳ එළියේ තරු එළියේ ගී ගැයුවේ නුඹේ නමින්” කියලා ගීතයක්. ඒකත් ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා ඒ කාලේ. ඔය දෙකෙන් මුලින්ම මං පද රචනාවක් හැටියට කළේ තිලොඅග නාහිමි ගීතය උනත් ගීතයක් හැටියට කෙරුණේ ඔය සඳ එළියේ තරු එළියේ ගීතය.
 
බාල කාලයේ පටන් ඔබ සිහින මැව්වේ ගී පද රචිකාවියක් වෙන්නද?
පොඩි කාලේ ඉඳන් මං ලියනවා. තාත්තා මට ලොකු පොතක් ගෙනත් දුන්නා ලියන්න. මොකද මම තැන තැන කොළවල ලියන නිසා. මං ඕකේ ඉතිං ලියනවා පුංචි පුංචි කවි. ටිකිරි, මිහිර වගේ පත්තරවලට ඒ කාලේ ලිව්වා මං. හැබැයි ගීත රචනා කලාව ගත්තොත් ඇත්තෙන්ම මම ගීත පද රචිකාවියක් වෙන්නේ මගේ දයාබර ස්වාමියාගේ බිරිඳ වූ නිසා. නැත්නම් ඇත්තටම, මට වඩා හොඳින් ලියන අය තවත් ඇති. නමුත් ඒ අයට එන්න මාර්ගයක් නෑ. මගේ පෙර පිනකට වෙන්න ඇති ජනප්‍රිය ගායකයෙක් වුණ මගේ ස්වාමි පුරුෂයා. ඉතිං ඔහු හොඳ ගායකයෙක් වූ නිසා මගේ ගීතයක් ඔහු ලවා ගායනා කරවා ගන්න මට හැකිවුණා. ගී පද රචනාවල් ලියලා මහා නමක් දරන්න මට ඕන වුණේ නැහැ. මොකද මට ලංකාවේ හොඳ ගායකයෙක්ගේ බිරිඳක් හැටියට නමක් තිබුණා. මගේ ගී නිර්මාණයකින් මගේ ස්වාමි පුරුෂයාට අවැඩක් වෙයිදෝ කියන බය නිසා මං වැඩිය ලිව්වේ නෑ. ඇත්තටම සරල ගීවලට අනිවාර්යයෙන් මහත්තයා මගේ ගීතයක් ගන්නවාමයි. ඔය අතර මගේ දක්ෂකම් දැකපු එච්.එම්. ගුණසේකර මහත්මයා මට නව පදමාලා වැඩසටහනට ගීත ලියන්න අවස්ථාවක් දුන්නා. ඒක නිසාත් මගේ නිර්මාණ බිහිවුණා. ඔය හැමදේම අතර මට පුංචි කාලේ උවමනා වුණේ ගුරුවරියක් වෙන්න. ඒත් මං රැකියාවකට යනවට මගේ තාත්තයි මහත්තයි දෙන්නම කැමති වුණේ නැහැ.
 
ඔබේ ජනප්‍රිය වෙච්ච පළවෙනි ගීතය ”අම්මා සඳකි” ගීතය නේද?
කාලයක් තිස්සේ මගේ පපුවේ තිබිච්ච ප්‍රශ්නයක් ඔය. අම්මලා විතරද බුදුවෙන්නේ කියන ප්‍රශ්නය. මොකද මම දියණියක් හැටියටත් දැක්කේ අපේ ගෙදර උනත් වටපිටාවේ ගෙවල් උනත් දරුවෝ ළංවෙලා ඉන්නේ අම්මට. තාත්තලා උදේට වැඩට ගිහිල්ලා හවස්වෙලා එන්නේ. ආදරේ තිබ්බට තාත්තට ළංවෙන්න එදා කාලේ දරුවෝ හරි බයයි. අපට අවවාදයක් දෙන්න වරදක් දැක්කොත් දඬුවම් දෙන්න එහෙම මිසක තාත්තා දවසෙම ඇත්තෙත් නැහැනේ අම්මා වගේ. ටික ටික තේරුම් යනකොට මට දැනෙනවා තාත්තා අපි වෙනුවෙන් නේද මේ උදේට ගිහිල්ලා හැන්දෑවට එන්නේ. රස්සාවකට නේද මේ යන්නේ. තාත්තා ගේන සල්ලිවලින් නේද අම්මා මේ ඔක්කොම කරන්නේ. මට හරි දුකක් දැනෙනවා තාත්තා ගැන. එතකොට මගේ පපුව තුළ නිරායාසයෙන් ලෙන්ගතුකමක් ඇතිවෙනවා. ඒකත් එක්කම මං විවාපත් වුණාම මම දකිනවා මගේ දරුවොත් මගේ පස්සෙන් තමයි. මොකද මගේ ස්වාමිපුරුෂයා සෑහෙන කාර්යබහුල කෙනෙක් වෙලා හිටියේ මගේ දරුවෝ පොඩි කාලේ. ඒගොල්ලෝත් අම්මා අම්මා ගගා දුවයි පුතයි දෙන්නා අත් දෙකේ එල්ලීගෙන තුරුල් වේවි මගේ පස්සෙන්ම තමයි. ඒ කාලේ මහත්තයට රෙකෝඩින්ග්ස් තියෙනවා, අලූත් කැසට් බිහිවෙනවා, ගුවන්විදුලි වැඩසටහන් තියෙනවා, රාත්‍රී කාලවලදී ප්‍රසංග වලට යනවා, වගේම රැකියාවකුත් කරනවා ගුරු සේවය. එතකොට ඔහු හරිම කාර්ය බහුලයි ඒ කාලේ. කෑම ටික කන්න වෙලාවක් නෑ. ඒ කාලේ ඔහුට වඩා දරුවෝ දෙන්නම මගේ ඇසුරේ තමයි හැදෙන්නේ. එතකොට මට දැනෙනවා මං පුංචි කාලේ ලබපු අත්දැකීම මේ දරුවන්ටත් ලැබෙනවා ඇති කියලා මං පුළුවන් තරං ඒගොල්ලන්ට තාත්තගේ අගය කියලා දෙනවා. පුතේ අප්පච්චි කන්නවත් වෙලාවක් නැතුව ඉන්නේ, ඔයගොල්ලෝ නිසා තමයි මේ ඔක්කොම කරන්නේ. අම්මා උයන්නේ අප්පච්චි ගෙනල්ලා දෙන බඩු. පුංචි ලෝකෙට දැනෙන්න මම හෙමින් කියලා දෙනවා අප්පච්චිගේ ඇති වටිනාකම. අප්පච්චි හොඳටම ආදරෙයි. හුරතල් කරනවා තුරුල් කරගෙන ඉන්නවා සෙල්ලං කරනවා. නමුත් දරුවන්ට මං ඒ දේවල් කියලා දුන්නා මම කුඩා කාලේ දැකපු දේ නිසා. ඔය අතර මට පුද්ගලිකව අත්දැකීම් දෙකක් ලැබෙනවා. ඒ දෙක තමයි ප්‍රබලව බලපෑවේ මේ ගීතය ලියන්න.
 
මොකක්ද ඒ සිදුවීම දෙක?
මගේ ස්වාමියාගේ හිතවත්ම යහළුවෙක් හිටියා. මහත්තයා විවාහ වෙන්න කොළඹ ඇවිත්ඒගොල්ලන්ගේ ගෙදර තමයි නැවතිලා හිටියෙත්. එදා ඒ හැමදේම කළේ ඒ යුවල. නිතර අපි ගෙවල්වල යනවා එනවා. ඔය අතරේදී එක කාලයක් ගෙවුනා අපි දෙගොල්ලන් ට යන්න එන්න මුණගැහෙන්න බැරිවුණ. දවසක් හැන්දෑවක අපි පිටකෝට්ටේ පන්සලට ගිහිං එමින් ගමන මං මහත්තයට කිව්වා අපි යන්කො පොඞ්ඩක් බලල එන්න කියලා. පන්සල පිටුපස්සේ තමයි එයාලගේ ගේ තිබුණේ. කුලී ගෙයක උනත් මධ්‍යම පංතියේ හොඳ සැප පහසුකම් සියල්ලෙන් පිරුණු නිවසක් ඔවුන්ට තිබුණේ. පුදුමයි අපි යනකොට ලයිට් එකක්වත් දාලා නෑ. දොරට ගහලා ගහලා කව්රුත් නැති තැන එන්න හැරෙනකොට මෙන්න දොර ඇරුණා. එදා ඒ අපේ හිතවතා හිටපු හැටි දැක්කම පුදුමයි, සරමක් ඇඳගෙන කොන්ඬේ අවුල්වෙලා, ලොකු වෙනසක්. ගෙයි බඩුමුට්ටු මුකුත් නෑ. එක කාමරේක දරුවෝ ටික බිම නිදි. මට හිතාගන්න බෑ. අපේ මහත්තයා ඇහුවා ඇයි මේ කියලා. එතකොටත් අර මාස අටේ දරුවා ඇහැරගෙන අඬනවා. ”චුටි දුව නිදාගන්නේ නෑ, ඇත්තටම ජයේ මට කරන්න දෙයක් නෑ, මං මේ පිරිත් කියනවා දුව නිදිකරන්න” කියලා කිව්වා. මම ඒ පාර දරුවා වඩාගෙන තුරුල් කරන් ඔලූව අතගානකොට දරුවට ඉබේම නින්ද ගියා. බලපුවම එයාගේ බිරිඳ දරුවෝ හතරදෙනා එයාට දාලා, එයාව දාලා ගිහිං වෙන අනියම් සම්බන්ධයක් තිබිලා. ඊටපස්සේ ඔහු මේ දරුවන්ගේ යුතුකම් ඔක්කොම කළා. ඒ පුදුමාකාර තාත්තා ගැන දරුවෝ ගැන ඔවුන්ව එදා දැකපු විදිහට මගේ හිතට ආවේ පුදුමාකාර කම්පනයක්. ඔය සිද්ධිය අතරේ අපේ තවත් අසල්වාසී පුතෙක් එය ගේ තාත්තව ගේ හදනකන් තියාගත්තා මුරකාරයා වගේ වැඩකාරයා වගේ. එයා ටිකෙන් ටික ඉහළට යනකොට තාත්තව හෙමින් ඈතකට ගිහිං ඇරලූවා. ඉන්පස්සේ අර ජීවත්වෙන පියා නැති විදිහට හැමතැනම කතාවක් පැතුරුවා. ඔය අතරේ තාත්තා ආපහු ආවා ඒ ගෙදරට. පස්සේ කාලේ මේ පැත්තට ඇවිල්ලා මට විස්තර කිව්වා. මෙතනින් යන එනකොට මගේ පුතා එහෙම කොන්ඩ සීයේ කියනවා. කොණ්ඩයක් බැඳලා තිබ්බේ ඒ සීයා. ඒ සීයා පුංචි පුංචි කතන්දර කියනවා මේගොල්ලන්ට. දවසක් මාව දැකලා අනේ නෝනේ කියාගෙන ආවා. මං ඇහුවා කොහෙද සීයේ ගිහිල්ලා හිටියේ සීයා කියලා. එතකොට තමයි කිව්වේ පුතා ජීවත්වෙන මට මරණ සහතිකෙකුත් හැදුවනේ නෝනේ කියලා. ඒ වෙලාවේ මම හිතාගන්න බැරි වේදනාවකට පත්වෙලා තමයි මේ ගීතයේ අවසන් කොටස ලියලා අවසන් කළේ. ඔන්න ඔය වගේ කරුණු හේතු ගොඩක් උඩ තමයි මගේ අතින් ඔය ගීතය ලියවුණේ. ඒක අතිසාර්ථක ගීතයක් වුණා. ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහන පටිගත කරලා දින විසි එකක් ඇතුළත වැඩිම වාරයක් ප්‍රචාරය වූ ගීතය හැටියට මේක වාර්තාවක් තිබ්බා. මගේ මුලින්ම ජනප්‍රිය වුණේ මං හිතන්නේ ඒ ගීතය තමයි.
 
මේ ගීතය වෙනත් අයකු  ලියූවක් බවට රාවයක් පැතිරුණා?
කුමාර කවිරාජ මේක ලිව්වා කියලා යූ ටියුබ් එකේ මේ මෑත කාලයේදී රාවයක් ගියා. කුමාර කවිරාජ නැතිවුණා කියලා මං දන්නවා. කුමාර කවිරාජ කියන්නේ අපි හොඳින් දන්නා, අපේ ගෙදර ආව ගිය, ඔය ගීතයට ඉතාම ආදරය කළ කෙනෙක්. එයත් ගීත එවලා තිබුණා අපේ මහත්තයට එයාගේ ගීතක් ගයන්න. නිදිකුම්බා මල්, බාල බොළඳියේ මද්දුම නෑනේ, වැනි එයාගේ ගීත මහත්තයා සරල ගී වලට කිව්වා. මහත්තයාගේ මුල්ම කාලේ සරල ගී වැඩසටහන්වලට ලිව්වේ ඒ කාලේ හිටපු ජනප්‍රියම, හොඳ ගීත රචකයෝ. ඒ අතර කුමාර කවිරාජත් අපිට ලියන්න පටන් ගත්තා ගීතවලට ආදරේ කෙනෙක් හැටියට. මේ ගීතය ගුවන්විදුලියේ කරලා ටික කාලෙකින් ගීතය ගුවන්විදුලියේ නෑ. ඔය ගීතය වෙනුවෙන්ම ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡා කිහිපයකට මං ගියා. ඔය අතරේ මට ආරාධනා කළා ලියක මහිම වැඩසටහනට, මේ ගීතය වෙනුවෙන් කතා කරන්න කියලා. මම ගිහිල්ලා කතා කරන අතර එයා කෙනකුට කිව්වා ගීතය අරං එන්න කියලා. ඔහු අනිත් අතට ඇවිල්ලා කිව්වා ගීතය නැහැ ස්ටුඩියෝ එකේ කියලා. මගේ හිතට මොකක්දෝ වුණා. වැඩසටහන කළ අය කිව්වා අනේ මාලිනි අපි වෙන වෙලාවක ගීතය හම්බුනාම කරමු කියලා. මම මගේ මහත්තයට කියන්නේ මගේ නමවත් ඕනේ නෑ, මට ඕන මහත්තයාගේ හඬින් හොඳ නිර්මාණ ටිකක් කරන්න කියලා. මට කාගේවත් නිර්මාණ කරන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නෙදි කුමාර කවිරාජ ගේ ගෙදරට මං කෙලින්ම කතා කළා. එයා ගේ බිරිඳගෙන් මං ඇහුවා ”කුමාර මල්ලි ඔයාට කවදාහරි ඔයාට කියලා තියෙනවද මේ ගීතය එයා ලිව්වා කියලා. අනේ නෑ මිස් ගගා ඒ මනුස්සයා කිව්වා. මම ලියූ කටු සටහන් මගේ ළඟ ඔක්කොම පණ වගේ තියෙනවා. ඔයාලා ළඟ එහෙම එකක් තියෙනවද. අනේ නැහැ” කියලා ඇය මට කිව්වා. කුමාර කවිරාජ ගේ නමින් තමයි ඔය කතාව අන්තර්ජාලයේ තිබ්බේ. තවත් කව්රුහරි ඉන්නවද දන්නේ නෑ අයිතිය කියන්න. මොකද මේක ලිව්වේ මගේ මේ අත්දෙකෙන්. ඕන කෙනකුට ඕන දෙයක් කියන්න පුළුවන් ඉතිං. ඒකෙ පසුබිම හොඳින්ම දන්නේ මගේ මහත්තයා.
 
රජරට සේවයේ මේ ගීතය වෙනත් ගායකයකුගේ හඬින් ගැයුණු ප්‍රශ්නය මොකක්ද?
ඔය ආන්දෝලනය ආවම රජරට සේවයටත්  පහුගිය කාලේ මං කතා කළා. ඒ වැඩසටහන මෙහෙයවපු නිවේදකට මං කතා කළා. දිවුල්ගනේ මහත්මයා ලවා ඕක ගැයුවයි කිව්වා. මං ඇහුවා එතකොට කොහොමද තිබ්බේ කියලා. කුමාර ගෙනල්ලා මට කොළයක් දුන්නා ඒ පාර අපි එයාගේ නමින් දැම්මයි කිව්වා. මේ කොයි කාලේද කියලා මං ඇහුවාම 85, 86 වගේ කාලේ කිව්වා. ඉතිං එතකොට ගුවන්විදුලියේ සරල ගී කෙරිලා ඉවරයි. ගීතය නොයන කාලේ කුමාර කවිරාජ අපේ ගෙදර ආවා. ඔහු ඔහුට ලැබුණු සම්මානයක් කොළඹ ආව වෙලාවේ අපේ ගෙදරටත් ආවා. එතකොට ඔහු විවාහ වෙලත් නෑ. මම කෑම ලෑස්ති කරන අතරේ ඔහු කිව්වා ”අක්කේ මට අක්කා ලියපුවා ටිකක් දෙන්නකෝ බලන්න කියලා”. එයාගෙත් පොත් ගොඩාක් දුන්නා. අපි හරි ආසයි එයාගේ කවිවලට. හොඳ ලස්සනට කවි ලිව්වා. අපේ මහත්තයාට එවලා තිබ්බා ලස්සන කවි. ඔහු මහත්තයට ලියපු මුල්ම කවි ලියුමේ තිබ්බා ”කෝකිල නාදෙටයි ගායන ලීලයටයි, ඇල්මක් ලැබඳියාවක් හද දෑලේ නටයි, වගේ ලස්සන කවි. එදා ඉඳලා අපි අතර පුදුමාකාර හිතවත්කමක් තිබුණේ. ඔය අතර එයාට හරි දුකයි මේ ගීතය නැතිවෙච්ච එක ගැන. සම්මානේ ගන්න තියෙන්නේ හවස තුනට කියලා අපේ ගෙදර ඇවිල්ලා කාලා, මූණ කට හෝදගෙන එහෙම ගියේ. ඉතිං අර බලන්න ඉල්ලූවනේ මං ලියපුවා, මං මගේ ෆයිල් ටිකයි පොත් ටිකයි ඔක්කොම ගිහිල්ලා දුන්නා. යන්න ලෑස්තිවෙලා කිව්වා අනේ අක්කේ අක්කගේ අත් අකුරින් මට ”අම්මා සඳකි” සිංදුව ලියලාවත් දෙන්නකෝ කියලා. මං ඒ පාර අමුතුවෙන් ලිව්වේ නෑ ෆයිල් එක ඇරලා සිංදුව ලියපු එක කොලයක් එයාට දුන්නා. ඕක අතට ගත්තේ මට වැඳලා, ඇත්තම කියන්න. ඊට පස්සේ රජරට සේවයේ වැඩසටහනක ගායනා කළා කියලා කියනවා මේ ගීතය. කුමාර කවිරාජ ජීවතුන් අතර සිටියදී කිසි දවසක ඔහොම කතාවක් කිව්වෙ නෑ. එයාට අසාධාරණයක් වුණා නං එයා කර බාගෙන ඉන්න කෙනකුත් නෙමෙයි. ඕකේ කතාව ඕක තමයි.
 
නැවත මේ නැතිවුණ ගීතය ලැබුණේ කොහොමද?
දවසක් අපේ ගෙදරට ලියුමක් ආවා හලාවත ප්‍රදේශයේ කෙනකුගෙන්. ඔබතුමා ගේ සොඳුරු අතීතයේ ගීතය සහ අම්මා සඳකි ගීතය, තවත් ගීත සමග අපේ ගේ ඉස්සරහ රෙකෝඞ් බාර් එකේ උදේ හවා දාලා තියෙනවා කියලා. රෙකෝඞ් බාර් එකේ නම, ලිපිනය සහ අයිතිකරුගේ නම දාලා තිබුණා. මහත්තයා ලියුමක් ලිව්වා එතෙන්ට. මේ ක්‍රියාව නවතන්න, ගුවන්විදුලි සංස්ථාවට මේක දෙන්න කියලා. එයා ඒ පාර වෙච්ච පාඩුවට මුදලකුත් දෙන්නං කිව්වම මහත්තයා කිව්වා මුදල් එපා මේක ගුවන්විදුලි සංස්ථාවට දෙන්න කියලා. ටික දවසක් යද්දී ගුවන්විදුලියේ නැවත ගීතය ඇහෙන්න පටන් ගත්තා. පරිත්‍යාගයකි කියලා ගීතය ගුවන්විදුලියට නැවත ලැබිලා තිබුණා.
 
දරා දිරි වඩා” ගීතය ගැනත් අපි කතා කරමු?
පොඩි තුන්ඩුවකින් පාසල් වහපු කාලයක මගේ දුව උසස්පෙළ විභාගය කළේ. ප්‍රතිපල ආවා දවසේ දුව ගිහිල්ලා ප්‍රතිපල බලල ගෙදර ආවා. මට තේරුණා මූණේ හැටියෙන්ම ප්‍රතිපල කොහොමද කියලා. මං මුකුත් ඇහුවේ නෑ. බීම එකක් හදලා තිබුණා ඒක බොන්න කිව්වා, බිව්වෙත් නෑ කාමරේට ගියා. මං ඇහුවා ඇයි පුතේ කියලා. නෑ අම්මා කියලා ඇඳේ වැටිලා අඬනවා හෝ ගාලා. මං ළඟට ගිහිං ඔලූව අත ගාලා තුරුල් කරගෙන ඇයි රත්තරං කියලා ඇහුවා. ප්‍රතිපල කිව්වා. විෂයන් දෙකක් ද කොහෙද සමත් වෙලා තිබුණා මට හරියට මතක නෑ. කොහොමහරි
 
සාර්ථක ප්‍රතිපලයක් නෑ. මං කිව්වා ඉතිං කමක් නෑ පුතේ අපි තව පාරක් විභාගේ ගමුකො. මගේ පුතා දුක් වෙන්න එපා කියලා, එයාගේ හිත හදලා මං ආවා. පස්සේ මට කියනවා අම්මා මට බැන්නා නං මට දුක නෑ කියලා. ඔය සිද්ධිය මත තමයි මං මේ ගීතය ලිව්වේ. ගයන්නේ මහත්තයා. සංගීතය රෝහණ වීරසිංහගේ.
 
ඔබ ලියූ තවත් ගීතයක්  ”ඝනදුරු නසන” ගීතය?
මේ ගීතය පුතා ගයන්නේ. ”ඝනදුරු නසන බැස නොමයන දිනිදාන, මගේ ලෝකයේ ඔබ සක්විති රජිඳාන” කියලා. ඒ දවස්වල පුතා ඉන්දියාවට සංගීතය හදාරන්න යවන්න සූදානමින් හිටියා අපි. මහත්තයා ඒ වෙලාවේ ජපානේ හිටියේ. පුතා යන දවසේ මහත්තයට එන්න තිබුණත්, ෆ්ලයිට් එකේ වෙනසක් වෙලා මහත්තයට එන්න විදිහක් නෑ. මහත්තයා එහෙ ඉඳගෙන හොඳටම අඬනවා. මටත් දුකයි. පුතා කොහොමින් හරි ගියා. මහත්තයා ආවට පස්සේ පුතාගේ කාමරේට ගිහිං පුතා ඇඳන් හිටපු ඇඳුම් බදාගෙන ඇඬුවා. මම තාත්තා කෙනෙක්ගේ උතුරා යන සෙනෙහස එවෙලේ ඔහු තුළින් දැක්කා. ඒක තමයි මං පුතාට ගයන්න කියලා තාත්තා වෙනුවෙන් මේ ගීතය ලිව්වේ.
 
යුගන්ති යශෝධරා
දිවයින 
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top