අද විශේෂ රැස්වීමක්
මහින්ද රාජපක්ෂ හට මෙවර මැතිවරණය සඳහා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමත් සමඟින් මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ පිරිස් දැඩි විරෝධයත් ඔහුවෙත එල්ල කළ අතර ඇතැම් මැති ඇමතිවරුන් පක්ෂය අතහැර වෙනත් පක්ෂ සමඟින්ද සම්බන්ධ වන්නට කටයුතු කරණු ලැබුවා.
කෙසේ නමුත් මේ සියල්ලටට පිළිතුරු නොදී බලා සිටි ජනපතිතුමා නිහැඬිතාව බිඳ ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූ කරුණු නිසාවෙන් මේ වන විට නිදහස් පක්ෂය තුල දෙදරීමක් සිදුව ඇති බවට ආරංචි වෙනවා.
ජනපතිතුමාගේ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතද ඊයේ පවසා සිටියේ තමන් එම ප්‍රකාශයව සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවයි. කෙසේ නමුත් ජනපතිතුමාගේ විශේෂ ප්‍රකාශය නිසාවෙන් නිදහස් පක්ෂය අභ්‍යයන්තරයේ සිදුවන වෙනස්කම් ගැන තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් අද (15) රාත්‍රී 8 ට පැවැත්වීමට නියමිතයි.
ජනාධිපතිවරයා ඊයේ සිදුකළ විශේෂ ප්‍රකාශයත් සමඟ නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව, අද රාත්‍රී 8 ට පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බවයි නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ.