Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
15
මියන්මාරයේ මෙරට තානාපති නලීන් ද සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතූ කියයි - Video

- මියන්මාරයේ මෙරට තානාපති නලීන් ද සිල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතූ කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන නලීන් ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
 
ඔහුගේ එම තීරණයට බලපෑ හේතුව සහිත දීර්ඝ ලියවිල්ලක් ඔහුගේ මුහුණුපොතේ සටහන් කර තිබුණා.
 
වැඩබැරි තානාපති යන සිරස්තලය යටතේ ලියවී තිබුණු එම සටහන පහතින්..


වැඩ බැරි තානාපති
 
ශ්‍රී ලාංකික ධීවරයන් දොළොස් දෙනකු මියන්මා මුහු සීමාවට ඇවිත්. ඔවුන් පිළිගන්නවා තමන් වරදක් කර ඇති බව. දැනට ඔවුන් මියන්මා පොලීසියක රඳවා සිටිනවා. ඔවුන් දැනට අප දැනුවත් ව දෙවරක් අධිකරණය ඉදිරියට පමුණුවා තියනවා. අපට ඔවුන් හමුවීමට නොහැකි වුණා. මියන්මා රටේ අප ඉන්නේ යැන්ගොන් ප්‍රදේශයේ. ධීවරයන් රඳවා ඇත්තේ ඉරවෙඩි කියන ප්‍රදේශයේ. කොවිඩ් නිසා ප්‍රදේශාන්තර ගමන් බිමන් තහනම් කෙරිලා. ඒ මදිවට දේශපාලන ප්‍රශ්නයකුත් මතු වෙලා. අප ඉන්නා තැන සිට ධීවරයන් රඳවා ඇති තැනට කිලෝමීටර දෙසිය පනහක් පමණ තියෙනවා. 
මියන්මාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ධීවරයන් අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් දැන්වූයේ නැහැ. ධීවරයන් පැමිණ ඇත්තේ පෙබරවාරියේ. අපට ධීවරයන් අත් අඩංගුවට ගත් බව දැන ගන්නට ලැබුණේ නිල වශයෙන් නො වෙයි. කෙසේ නමුත් දැනගත් විගස අප ක්‍රියාත්මක වුණා. අදාළ නිලධාරීන්ට හා පොලීසියට කතා කළා. එහෙත් යහපත් ප්‍රතිචාරයක්  ලැබුණේ නැහැ.
 
පසුව නිරන්තර උත්සාහයකින් පසුව එක් දිනක් පොලීසියේ යම් අයකු මගින් අපට ධීවරයන්ට කතා කිරීමට හැකි වුණා. ඔවුන්ගේ සුවදුක් හා නීතිමය තත්වය කතා කළා. තමන් අධිකරණය ඉදිරියට පමුණුවා ඇතත් චෝදනා මොනවා ද කියා ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන්  අපට කිවුවේ දෙන කෑම කන්න බැරි බවයි. 
 
අප මියන්මා විදේශ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ගේ සිට නිලධාරීන් කිහිප දෙනකුට ම කතා කළා. ඔවුන් සමහරකුට මගේ දුරකතන අංකය ලබා දුන්නා. ඒ ධීවරයන්ට හා අප සම්බන්ධ කරවීමට. ඇතැම් නිලධාරීන්ගෙන් අපට පසුව දැන ගැනීමට ලැබුණා ධීවරයන්ට විරුද්ධව මියන්මා නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කරන බව. 
 
එහෙත් එතැනින් එහාට කිසිවක් සිදු වී නැහැ. එකම එක වතාවක දී හැර කිසිම නිලධාරියකු ධීවරයන් අපට සම්බන්ධ කර නැහැ. ධීවරයන්ට තමන්ගේ  ම වූ දුරකතන නැහැ. මා අකාර්යක්‍ෂම අදක්‍ෂ අසමත් තානාපතිවරයකු බව මට වැටහෙනවා. මට නිල නොවන වශයෙන් කටයුතු කිරීමට මියන්මාහි දන්නා අඳුනන අය නැහැ. නිල වශයෙන් කරන්න පුළුවන් දේ සීමිතයි. කිසිම දෙයක් කරන්න බැහැ කියන එක අතිශයොක්තියක් ම නො වෙයි. 
 
මා මේ කරුණෙහි ද අසමත් වී ඇති බව පිළිගන්නවා. සමහරු හිතනවා ඇති තානාපති බලතල තිබියදීත් මට කිසිවක් කරන්න බැරි ඇයි කියා. තානාපති බලතල කියා මහා දෙයක් නැහැ. මා විදේශ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ට කතා කර සියල්ල පැවසුවා. ඔහු තමයි මේ සම්බන්ධයෙන් කතා කළ හැකි උසස් ම නිලධාරියා. ඒ නිල වශයෙන්.
 
මා ලංකාවේ මියන්මා තානාපතිතුමා හරහා යමක් කරවා ගැනීමට හැකි ද කියාත් සොයා බැලුවා. ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් සියලු විස්තර දන්වා තියෙනවා. එහෙත් අපට තවමත් එක්වරකට වඩා ධීවරයන්ට කතා කිරීමට නොහැකි වී තියෙනවා.
 
එහෙත් මේ අතර ලංකාවේ  එක් රූපවාහිනි නාලිකාවක රූහඬ පටයක් ප්‍රදර්ශනය කර තියෙනවා. එහි අර ධීවරයන් කතා කරනවා. තානාපති කාර්යාලයට ධීවරයන් හා සම්බන්ධ වීමට නොහැකි වුවත් දකුණු පළාතේ යම් අයකු ධීවරයන් සමබන්ධ කරගෙන ඇති බව පේනවා. ධීවරයන්  කියන බව ආරංචියි ලංකා තානාපති කාර්යාලය ඔවුන් සමග කතා කෙළේ එක් වරක් පමණක් බවත් ඔවුන්ට ලැබෙන කෑම කන්නට බැරි බවත් ඔවුන් යම්තම් හරි කුස පුරවා ගන්නේ අර දකුණු පළාතේ තැනැත්තා  සපයන විස්කෝතුවලින් බවත්. 
 
තානාපති කාර්යාලයට ධීවරයන්ට එක් වරකට වඩා කතා කිරීමට නොහැකි වුවත් ලංකාවේ දක්‍ෂ පුද්ගලයකු ධීවරයන්ට විස්කෝතු සැපයීමට සමත් වී තිබෙනවා. ඔහු මා මෙන් නොව දක්‍ෂයකු විය යුතුයි. මට මියන්මාහි ඉඳලත් ධීවරයන්ට කතා කිරීමට නොහැකි වුවත්  එකී පුද්ගලයා ලංකාවේ සිට ධීවරයන්ගේ රූහව පට ගෙන්වා ගැනීමටත් ධීවරයන්ට විස්කෝතු සැපයීමටත් සමත් වී තිබෙනවා. තානාපති කාර්යාලවලට අවශ්‍ය මෙවැනි පුද්ගලයන්.
 
ජනාධිපතිතුමා මා මියන්මා තානාපති ලෙස පත් කිරීමෙන් තදබල වරදක් කර තිබෙන බව පේනවා. ජනමාධ්‍යකරුවන් නිතර කියන්නේ අපේ විදේශ තානාපති කාර්යාලවලින් සේවයක් ඉටු නොවන බවයි. මා සම්බන්ධයෙන් නම් එය සියයට දෙසීයක් හරිය කියන්න පුළුවන්. පසුගිය මාසයේ මහා සංඝරත්නය ජනාධිපතිතුමාට අනුශාසනා කෙළේ හැට පිරුණු අය තානාපතිවරුන් ලෙස නොයැවිය යුතු බවයි. එසේ ම උන්වහන්සේට අනුව මියන්මා හා තායිලන්ත රටවලට බෞද්ධ දර්ශනය දන්නා සැදැහැවතුන් තානාපතීන් ලෙස පත් කළ යුතුයි.
 
මේ සියලු කාරණා සලකා බලා   මා තානාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. මෙය අර විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු පැමිණීමේ අනෙක් එක. ඒ කෙසේ වෙතත් ධීවරයන්ගේ ප්‍රශ්නය දෙකෙන් එකක් වන තුරු හා විදේශ ඇමතිවරුන්ගේ බිම්ස්ටෙක් අතථ්‍ය රැස්වීම පැවැත්වෙන තුරු තනතුරේ රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවා.  ඇතැමුන් කියන්න බැරි නැහැ එතරම් කල් ඉන්න අවශ්‍ය නැහැ කියා.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top