Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
15
"ඒ පුද්ගලයා සමඟ සතුටු වෙච්ච එක ගැන, ආහාර අනුභව කරපු එක ගැන මැසේජ් කර තිබුණා..." - සැකයක් ඉතුරුකරමින් අභිරහස් ලෙස අවසන් ගමන් ගිය කොළඹ ජාතික රෝහලේ හෙදියකගේ සැමියා කියන අමුතු කතාව

- "ඒ පුද්ගලයා සමඟ සතුටු වෙච්ච එක ගැන, ආහාර අනුභව කරපු එක ගැන මැසේජ් කර තිබුණා..." - සැකයක් ඉතුරුකරමින් අභිරහස් ලෙස අවසන් ගමන් ගිය කොළඹ ජාතික රෝහලේ හෙදියකගේ සැමියා කියන අමුතු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

මම එයාට ගොඩක් නිදහස දුන්නා....
 
දන්න විදිහට ඇයට බබෙක් හම්බවෙන්න හිටියේ නැහැ...
 
කොළඹ ජාතික රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවය කළ හෙද නිලධාරිනියක් එම රෝහල තුළ හදිසියේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවැති අවස්ථාවේ මියගිය හෙද නිලධාරිනියගේ සැමියා එසේ සාක්ෂි දෙමින් පැවැසීය.
 
 මෙලෙස මියගොස් ඇත්තේ බැලූ‍න්ගල, පන්සල පාරේ පදිංචිව සිටි සිංහලගේ නෙරංජලා මධුවන්ති (28) නමැති හෙද නිලධාරිනියකි.


මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඞ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැති අතර, එහිදී තවදුරටත් කතාකළ මියගිය හෙද නිලධාරිනියගේ සැමියා මෙසේද කීය.
 
 ”‍මියගොස් සිටින්නේ මගේ බිරිඳ. මම ගුරු වෘත්තියේ නියැලෙන කෙනෙක්. අපි විවාහ වෙලා අවුරුදු තුනයි මාස තුනක් වෙනවා. දන්න විදිහට ඇයට බබෙක් හම්බවෙන්න හිටියේ නැහැ.
 
 ”‍අපි ඉන්නෙ මගේ අම්මා තාත්තගේ මහගෙදර. ගෙදර ඉන්නේ මගේ අම්මයි, තාත්තයි, මගේ නංගියි. සතියකට තුන් වරක් වගේ එයා ගෙදර ඇවිල්ලා ගියා. ඇය අනිත් දවස්වල රෝහලේ ක්වාටස්වලයි හිටියේ.
 
 2021/01/09 වැනිදා වෙනකම් ඇය හොඳින් හිටියා. කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ. 09 වැනිදා රාත්‍රී එයාගේ හෑන්ඞ් ෆෝන් එක ඉල්ලා ගත්තා. ෆෝන් එකේ පාස්වර්ඞ් එක දන්න නිසා මම බැලූ‍වා. මම එයාට ගොඩක් නිදහස දුන්නා. යන්න එන්න ඕන තරම් ඉඩකඩ දුන්නා. කිසිම සැකයක් තිබුණේ නැහැ. ගෙදර ඇය හොඳින් හිටියා.
 
 ”‍මම එයාගේ වට්ස්ඇප් මැසේජ් සේරම බැලූ‍වා. සැකේට නෙමෙයි නිකම් බැලූ‍වා. කලිනුත් මම මෙහෙම බැලූ‍වා. මොකුත් වෙනසක් වෙලා නැහැ. ඊට පස්සෙ බලපු වට්ස්ඇප් මැසේජ්වලින් අනියම් ඇසුරක් හමුවුණා. මැසේජ් තිබුණා. ෆොටෝ තිබුණා. ඒ පුද්ගලයා සමඟ සතුටු වෙච්ච එක ගැන, ආහාර අනුභව කරපු එක ගැන මැසේජ් කර තිබුණා. ඊට පසුව මා ඇගෙන් මේ ගැන ඇසුවා ඇයි මෙහෙම දෙයක් කළේ කියලා.
 
 ”‍මැය මගේ පළවැනි ආදරේ. මා මැයත් එක්ක හොඳින් සිටියා. ඇයගෙන් මා ප්‍රශ්න කළාම අනියම් එයා එම අනියම් සම්බන්ධය පිළිගත්තා.
 
 ”‍පසුව දැනගත්තා මේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ වැඩකරන වෛද්‍යවරයෙක් බව. එයාගේ ෆොටෝ එකක් තිබුණා.
 
 ”‍මේවා සේරම එයා පිළිගත්තා. ඊට පසුව මේ ගැන මම ඇගේ දෙමාපියන්ටත් දැනුම් දුන්නා. ඇයට කරදරයක් වෙලා ඉක්මණට එන්න කියලා.
 
 ”‍10 වැනිදා මට රෝහලෙන් කෝල් එකක් ආවා. මෙයාට අසනීපයි කියලා. පසුව මා සවස 6.00 ට විතර රෝහලට ගියා. එහිදී මැය මියගොස් ඇතැයි මා දැනගත්තා. ඇගේ දේහය බැලූ‍වා. දේහය මා ඇගේ දෙමාපියන්ට භාරදුන්නා...”‍
 
 මියගිය හෙද නිලධාරිනියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ධම්මි ලූ‍විස් මහත්මිය විසින් පවත්වනු ලැබුවාය.
 
 මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරියට සොයාගත නොහැකිවීම නිසා හෙද නිලධාරිනියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට පියවර ගනු ලැබුවාය.
 
 මියගිය හෙද නිලධාරිනිය වැටී සිටි ස්ථානය අසල එන්නත් කටුවක් ද තිබී පොලිස් භාරයට ගත් බව පොලීසිය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියට දන්වා සිටියේය.
 
 අදාළ වෛද්‍ය වාර්තා හා සාක්ෂි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතා මෙම හෙද නිලධාරිනියගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් නිකුත් කරමින් වැඩිදුර විභාගය සඳහා 2021/04/19 වැනිදාට කල්තැබීය.
 
 මරදාන පොලීසියේ පොලිස් කොස්තාපල් මර්වින් මහතා (31974) මෙහිදී සාක්ෂි මෙහෙයවීය.
 
දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top