සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ සහ සුරූපි නිළි අනුෂ්කා ශර්මාගේ දියණිය ඉපදී මේ වනවිට මාස දෙකක් ගතවී තිබෙනවා.
එය එම දෙපළ විසින් සමරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
අදාළ උත්සවය සැමරීම වෙනුවෙන් බ්ලුබෙරි රසැති කේක් ගෙඩියක් කපා ඇති බව ද වාර්තා වනවා.
අනුෂ්කා ශර්මා එහි ඡයාරූපයක් Instagram Stories ලෙස එක් කිරීමටයි කටයුතු කළේ.
ඊට අපට මාස දෙකක් යනුවෙන් ද වාක්‍යයක් එකතු කර තිබුණා.
පසුගිය ජනවාරි මස 11 වනදා වමිකා උපත ලැබුවා.