Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
12
“මට හිතාගන්නවත් බැරි දේ, උමං මාර්ගයේ ඇයව ලුහුබැඳපු මිනිසුන් ඇය මියැදෙමින් සිටින ආකාරයත් කැමරාගත කළේ ඇයි කියලා..” - හැරී කුමරු කට අරියි, ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් පසු එළියට ආ ඩයනා කුමරියගේ මරණයේ අභිරහස - Photos

- “මට හිතාගන්නවත් බැරි දේ, උමං මාර්ගයේ ඇයව ලුහුබැඳපු මිනිසුන් ඇය මියැදෙමින් සිටින ආකාරයත් කැමරාගත කළේ ඇයි කියලා..” - හැරී කුමරු කට අරියි, ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් පසු එළියට ආ ඩයනා කුමරියගේ මරණයේ අභිරහස - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

ලොව වැඩිම වාර ගණනක් ඡායාරූපගත කෙරුණු කුමරිය ද ඩයනා කුමරියයි...

“විවාහ උත්සවයට දින කීපයක් තිබියදී කේට් අවුලක් ඇතිකර ගත්තා.
එය මාව අඬා වැටෙන තත්ත්වයකට පත්කිරීමක් වුණා”

සසෙක්ස් ආදිපාදවරයා සහ ආර්යාව විසින් ඔප්රා වින්ෆ්‍රී (Oprah Winfrey) සමඟ පවත්වන ලද මහා සමාජ ආන්දෝලනයකට හේතුවී ඇති සම්මුඛ සාකච්ඡාව බොහෝ කරුණු නිසා වැදගත්කමක් ගනියි.

එම සාකච්ඡාවේ දී ආදිපාදවරයා හෝ ආදිපාදවරිය යන දෙදෙනාගෙන් එක් අයෙක් හෝ අවස්ථා ගණනාවකදී ඩයනා කුමරියගේ නාමය සඳහන් කරනු අසන්නට ලැබෙයි.


මේගන් මාකල් (Meghan Markle) එම සාකච්ඡාවේ දී අදහස් දක්වමින්,රජ පවුලට සම්බන්ධවීමේ පීඩනය පිළිබඳව තමා ඩයනා කුමරියගේ මිතුරියන් සමඟ සාකච්ඡාකරන ලද බව අනාවරණය කළාය.

''මොකද, අභ්‍යන්තරයේ සැබැවින්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න වෙන කාටද තේරුම්ගන්න පුළුවන්?''

බ්‍රිතාන්‍ය රජ පවුලට ඇතුළුවීම මගින් ඩයනා සහ මේගන් යන ගැහැණුන් දෙදෙනාටම පවතින්නේ සමාන අත්දැකීම් බව පෙනීයයි .

ඔප්රා වින්ෆ්‍රී සමඟ සාකච්ඡාවේ දී අදහස් දැක්වූ හැරී කුමරු, තමා සහ මේගන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස පැවරුන කාර්යභාරයෙන් ඉවත්වීමට පෙර ''ඉතිහාසය පුනරාවර්තනය වනු ඇතැයි තමා තුළ බියක් පැවති'' බව සඳහන් කළේය.

එක්සත් රාජධානියේ ඇතැම් 'ටැබ්ලොයිඩ්' පුවත්පත් සිය බිරිඳ සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන වාර්තාකරණ පිළිවෙත ඩයනා කුමරිය සම්බන්ධයෙන් එම පුවත්පත් අනුගමනය කළ ක්‍රියාමාර්ගයට සමාන වූවක් බව හැරී කුමරු විසින් සඳහන් කරන ලද පළමු අවස්ථාව මෙය නොවේ.

ඩයනා කුමරිය ලෝකයේ බෙහෙවින්ම ප්‍රකට කාන්තාවන් අතර එක් චරිතයක් ලෙස සලකනු ලැබුණි.

ඇයගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සහිත පුවත්පත් වාර්තා පළවෙන්නට විය. ඩයනා කුමරියගේ ශුභසාධන සේවාවන් මෙන්ම ඇයගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පුවත්පත්වල සිරස්තල බවට පත්විය. .

ඩයනා කුමරිය ලද සමාජ තත්ත්වය රජ පවුලේ තොරතුරු භාර කතුවරියක වූ කේටි නිකෝල් (Katie Nicholl) විසින් BBC ගුවන්විදුලි වැඩ සටහනක දී මෙසේ විස්තර කරනු ලබුවාය.

''ඩයනා කුමරිය රජ පවුලේ අන් කවර චරිතයකටත් වඩා වෙනස් චරිතයක් බවට පත්වූවා. ජගත් පිළිගැනීමක් සහිත ඩයනා කුමරිය ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් දිනාගත්තා''

එහෙත් කුමරිය ලද සමාජ අවධානය හැමවිටකම ශුභවාදී නොවූ බවත් කේටි නිකෝල් පවසන්නීය.

''මාධ්‍ය මගින් ඩයනා කුමරිය විවේචනය කළා. ඇය ලෝකයේ ප්‍රකටම චරිතය බවට පත්වුණා. 'පැපරාසි' මාධ්‍යකරුවන් විලියම් සහ හැරී කුමරුන්ගේ ජීවිත දෙසට ඇහැගහගෙනයි හිටියේ''

පැපරාසීන් ඩයනා කුමරිය නිතරම ලුහුබඳිමින් සිටි බව රජ පවුලේ තොරතුරු භාර කතුවරිය වන වන කේටි නිකෝල් පවසයි.

මාධ්‍යවේදී ජේම්ස් බෘක්ස් (James Brookes) එම අදහස සමඟ එකඟවෙයි.

''මාධ්‍ය තමා සමඟ සිටිනතෙක් ඩයනා කුමරිය ඔවුන් සමඟ හොඳ සම්බන්ධයක් පවත්වා ගත්තා. පත්තර හිටියේ ඇයගේ පැත්තේ. පසුව කුමරිය පැමිණිලි කෙරුව පත්තර ඇයගේ පෞද්ගලික ජීවිතයට එබිකම් පාන බවට. ඒක මිශ්‍ර සම්බන්ධතාවක්''

පසු අවුරුදුවල ඩයනා කුමරිය පුවත්පත් වෙත පෞද්ගලික සම්මුඛ සාකච්ඡා ලබා දුන් අතර ඇතැමුන් පවසන්නේ එමගින් ප්‍රසිද්ධියක් මෙන්ම අවධානය යොමුවීමට දිරිගැන්වීමක් කෙරුණු බවය.

බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධවීමත් සමඟ මේගන් සිය පෞද්ගලික බ්ලොග් අඩවිය වසා දැම්මාය. ඊට පෙර ඇයගේ සාකච්ඡාවලින් වැඩිහරිය ශුභාසාධක සේවාවන් සඳහා වූ ඒවා විය.

කේටි නිකෝල් කුමක් සඳහන් කළත් හැරී සහ මේගන් ඔවුනොවුන්ගෙන් පරස්පර බව ඇතැමෙක් විශ්වාස කරති.

2020 ජනවාරි මාසයේ ප්‍රකාශයක් කළ හැරී-මේගන් යුවළ ජනමාධ්‍යයේ අවධානයට ලක්වීමෙන් පසු තමන් ප්‍රධාන පෙළේ රාජකීය නිල රාජකාරිවලින් ඉවත් වන බව ප්‍රකාශයට පත්කළහ.

අනතුරුව ඔවුහු කැනඩාවේ පදිංචියට ගියහ. ඔවුන් දෙදෙනාගේ ඊළඟ නවාතැන කැලිෆෝනියාව විය. මෑතදී ප්‍රකාශයක් කළ රාජකීය යුවළ ඔවුන් රජ පවුලේ සක්‍රීය සාමාජිකයන් මට්ටමින් යළි එක්සත් රාජධානියට නොපැමිණෙන බව කියා සිටියහ.

එහෙත් කේටි නිකෝල් මෙසේ සඳහන් කරයි.

''හැරී සහ මේගන් එක්සත් රාජධානියේ ජීවත්වූ කාලයේ ඔවුන්ගේ ජීවිත ගැන දැනගත් දෙයට වඩා වැඩි තොරතුරු ඔවුන් ඇමෙරිකාවට ගියපසු අනාවරණය වුණා.''

රජ පවුලේ නිල රාජකාරිවලින් බැහැරවීමෙන් අනතුරුව හැරී සහ මේගන් යුවළ 'Spotify පොඩ්කාස්ටරයක්' ආරම්භකර ඇති අතර,'නෙට්ෆ්ලික්ස්' (Netflix) සමඟ ගිවිසුමක් අත්සන් කරමින්, ජේම්ස් කෝර්ඩන් ( James Corden) සහ ඔප්රා වින්ෆ්‍රි (Oprah Winfrey) සමඟ සම්මුඛ සාකච්ඡාවන්ට එක්වූහ.

''නිහඬ ජීවිතයක් අපේක්‍ෂාවෙන් රටින් පිටවී ගිය රාජකීය යුවළ තමන්ගේ පුතා ගැන තොරතුරු හෙළිදරව් කරමින් ජේම්ස් කෝර්ඩන් ( James Corden) සහ ඔප්රා වින්ෆ්‍රි (Oprah Winfrey) සමඟ සම්මුඛ සාකච්ඡාවන්ට සහභාගී වුනේ කුමක් නිසාද කියල මහජනයා ප්‍රශ්න කරනවා'' කේටි නිකෝල් වැඩිදුරටත් සඳහන් කරන්නීය.

"බ්‍රිතාන්‍යයෙන් පිටත්ව යාමෙන් පසු ඔවුන් දෙදෙනා මේ රටේ දී සිදුකළ තරමටත් වඩා වැඩියෙන් මිනිසුන් සමඟ ගැවසෙන නිසා ඔවුන් මාධ්‍යයේ ඉලක්කයක් වීමෙන් බේරීමට පළාගිය ගිය බවට කරන ප්‍රකාශය ඇත්ත කතාවක් නොවන බවක් හැඟී යනවා''

හැරී කුමරු ඔප්රා වින්ෆ්‍රි සමඟ සඳහන් කරන්නේ 'Netflix' සහ 'Spotify' ගිවිසුම් කිසිදු ලෙසකින් පූර්ව සැලසුමක කොටසක් නොවන බවය. එහෙත් 2020 මුල්භාගයේ තමාට සපයන මූල්‍ය සැපයුම් රජ පවුල විසින් කප්පාදු කරන ලද බව හැරී පැවසීය.

ලොව වැඩියෙන්ම ඡායාරූපගත කෙරුණු කාන්තාව ඩයනා කුමරියයි.

''ඩයනා කුමරිය ගිය හැම තැනකදීම මාධ්‍යකාරයන් සහ ඡායාරූප ශිල්පීන් අති විශාල කණ්ඩායමක් ඇයගේ හැම ඉරියව්වක් ම සටහන් කර ගෙන වාර්තා කළා''ජේම්ස් බෘක්ස් (James Brookes) පවසයි.

හැරී කුමරු මාධ්‍ය සම්බන්ධයෙන් පවසන දෑ ඩයනා කුමරියගේ මරණය තෙක්ම දිවයන බව ජේම්ස්ගේ විශ්වාසය වෙයි.

''හැරී සහ විලියම් මාධ්‍ය සම්බන්ධයෙන් දරන්නේ හොඳ අදහස් නොවෙයි. ඒකට හේතුව ඔවුන්ගේ මවගේ අකල් මරණය. තමන්ගේ මව පැපරාසීන් විසින් ලුහුබඳින හැටි කුමාරවරුන් දෙන්නා ඔවුන්ගේ ඇස්වලින්ම දැක්කා'' ජේම්ස් සඳහන් කරයි.

ඩයනා කුමරිය පැරිස් නගරයේ සිදු වූ මාරක රිය අනතුරකින් මියගියාය. 1997 අගෝස්තු 31 වෙනිදා තමාට මව අහිමිකළ එම රිය අනතුර වනවිට හැරී කුමරු දොළොස්වෙනි වියේ පසුවිය,

එම රථය පැදවූ හෙන්රි පෝල් බීමත්ව සිටියේය. යතුරුපැදිවල නැගි පැපරාසීන් ඩයනා කුමරිය ගමන්ගත් රිය පසුපස ලුහුබඳිමින් සිටියහ.

පසුව පැවැත්වුණු පරීක්ෂණයක නිගමනය වූයේ රියැදුරාගේ සහ පැපරාසීන්ගේ ''පූර්ණ නොසැලකිල්ලේ'' ප්‍රතිවිපාකයක් වශයෙන් කුමරියට අහේතුකව මරු කැඳවන ලද බවය.

2017 වසරේ වාර්තා චිත්‍රපටයක් සඳහා අදහස් දැක්වූ හැරී කුමරා සිය මවගේ මරණය සහ පැපරාසීන්ගේ භූමිකාව සම්බන්ධයෙන් කරුණු සඳහන් කළේය.

"මට හිතාගන්නවත් බැරි දෙය තමයි, උමං මාර්ගය ඔස්සේ ඇය පිටුපස ලුහුබඳිමින් සිටි මිනිසුන් මෝටර් රථයේ පිටුපස අසුනේ ඇය මියැදෙමින් සිටින ආකාරයත් කැමරාගත කරනු ලැබීම'' හැරී කුමරු එම අවස්ථාවේ සිය අදහස පළකළේය.

'ටැබ්ලොයිඩ්' පුවත්පත් මේගන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද පිළිවෙත ''හිංසාකාරී'' යයි හැරී කුමරු පවසයි.

2019 වසරේ දී හැරී කුමරු කුමක් සඳහන් කළත් ''ඩයනා කුමරියගේ මට්ටමින් පැපරාසීන් මේගන් ලුහුබැඳ නැත'' යන්න කේටිගේ විශ්වාසය වෙයි.

කෙසේවුවද, මේගන් දෝෂදර්ශනයට ලක්කෙරෙන කතන්දර පළකරනු ලැබීම සම්බන්ධයෙන් හැරී කුමරා පීඩාවට පත්වූ බවද කේටි සිතන්නීය.

''සිය බිරිඳ මාතෘකා කරගනිමින් නිරන්තරයෙන්ම අශුභවාදී පුවත් පළකරන්නේ යයි ඔහු විශ්වාස කළ මාධ්‍යවේදීන්ට ඔහුගෙන් පහර එල්ල වුණා.''

"රටේ බදු ගෙවන්නන්ගේ මුදල් සිය නිවස අලුත්වැඩියා කිරීමට වියදම් කිරීමත් ඇතුළුව හැරීගේ සහ මේගන්ගේ වියදම් පිළිබඳ බොහෝ නිෂේධාත්මක ප්‍රවෘත්ති පළවෙමින් තිබුණි.

පවුම් දශලක්ෂ 2.4 ක් වූ එම මුදල රාජකීය යුවළ විසින් පසුව ගෙවා දමනු ලැබ තිබුණි.

සසෙක්ස් හි ආදිපාදවරියගේ ඇඳුම් සඳහා ද ස්ටර්ලිං පවුම් ලක්ෂ ගණනක් වැයකරනු ලැබ ඇත.

හැරී-මේගන් විවාහ මංගල්‍යය සම්බන්ධයෙන් ද තවත් කතන්දර පැතිර තිබුණි. ඉන් එක කටකතාවකින් කියැවුනේ, මේගන් ශාන්ත ජෝර්ජ් දේවස්ථානය සඳහා වායු පවිත්‍රකාරක උපකරණ අවශ්‍යකරන බවක් කියා සිටි බවකි.

කාන්තා හිස් පළඳනාව මුල්කරගත් ගැටුම් ගැනත් කටකතා ඇත. විවාහ මංගල්‍යයේ දී චාලට් කුමරිය සඳහා වූ ඇඳුම් ආයිත්තම් මුල්කර ගනිමින් මේගන් සහ කේට් කුමරිය අතර සිත්රිදීම් ඇතිවූ බවටත් කට කතා පවතී.

සිය විවාහ මඟුලට පෙර ඇඳුම් ආයිත්තම්වල වෙනසක් සිදුකරන ලද බව ඇත්තක් යයි මේගන් ඔප්රා වින්ෆ්‍රි සමඟ සාකච්ඡාවේ දී සඳහන් කළාය.

''විවාහ උත්සවයට දින කීපයක් තිබියදී කේට් මල් කුමාරියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් සිතේ අවුලක් ඇතිකර ගත්තා. එය මාව අඬා වැටෙන තත්ත්වයකට පත්කිරීමක් වුණා'' මේගන් සඳහන් කළාය. එහෙත් පසුව කේට් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලූ බවත් වෙනසක් ඇතිකරමින් මල් සමඟ සටහනක් ද ගෙනා බවත් ඇය පවසන්නීය.

''කේට් යහපත් කාන්තාවක්'' මේගන් පවසයි.

''එසේම සාවද්‍ය කතා නිවැරැදි කිරීමට ඇයට අවශ්‍ය කරනු ඇතැ''යි ද මේගන් පවසන්නීය.

ඩයනා කුමරිය මෙන් නොව මේගන් විවාහයට පෙර කලා ලෝකයේ තරුවක් වී සිටි හෙයින් ඇය සමාජ අවධානය බලාපොරොත්තු විය යුතුව ඇතැයි ඇතැමෙක් අදහස් කරති. එහෙත් කේටි නිකෝල් එම අදහසට එකඟ නැත.

''විවාහයට පෙර මේගන්ට සිනමා තාරකාවක ජීවන ශෛලියක් තිබුණත් එය රජ පවුලට සමකළ හැකි එකක් කියල මම හිතන්නේ නැහැ''

''ඔව් ඇයට 'සෙලිබ්‍රිටි' ජීවිතයක් තිබුණා. නමුත් ඇය ඇන්ජලීනා ජොලී, නිකොල් කිඩ්මන් වගේ ''ඒ'' ශ්‍රේණියේ නිලියක් වුණේ නැහැ. මේගන් රජ පවුලට සම්බන්ධ වුණාට පස්සේ ඇය ලබපු ප්‍රසිද්ධිය ඉන්පෙර කවදාවත් ලබල නැහැ''

ඇය වැඩි දුරටත් මෙසේ සඳහන් කරන්නීය.

''මම හිතනවා - මේගන් රජ පවුලේ සෙසු සාමාජිකයන් තරමටම සියුම් නිරීක්ෂණයට ලක් වුණා කියල''

"මහජනයාගේ මතකය කෙටිකාලීන වූවක්. එහෙත් කේම්බ්‍රිජ් ආර්යාවටත් ටැබ්ලොයිඩ් මාධ්‍ය කෙරෙන් දුෂ්කර කාලයක් පැවතුණා".

දුෂ්කරතාව ඔවුන් ඔවුන් දෙදෙනා කෙරෙහි පැහැදිලි මහජන අවධානයක් තිබීම යයි කේටි නිකෝල් පවසයි. එහෙත් යම් දෙයක් පිළිගනු ලැබීම අතින් රේඛාවක් ඇති බවත් ඇය පෙන්වා දෙයි.

''රජ පවුල ගැන වාර්තාකරනු ලැබීම මාධ්‍යයේ කාර්යයක්. නමුත් මාධ්‍යකරුවන් සාධාරණ වෙන්න ඕන. අපක්ෂපාතී වෙන්න ඕන''

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "බීබීසී සිංහල" වෙබ් අඩවියෙන්...


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top