කාන්තාවක්, තම වයස අවුරුදු එකක් වූ දරුවා සහ තවත් පිරිමි පුද්ගලයෙකු සමඟ බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණය අසළ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියකට පැන ඊයේ (13) රාත්‍රියේදී දිවි නසාගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී 9ට පමණ පානදුර සිට කොළඹ කොටුව දෙසට ධාවනය වූ දුම්රියකට පැන මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මොරටුව - ලුනාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් ඇගේ දරුවා සහ මොරටුව ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
ඔවුන් මෙලෙස දුම්රිය පැන ඇත්තේ කුමන කාරණාවක් නිසාද යන වග තවමත් අනාවරණය වී නැහැ. මේ පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතිනවා.
මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා අතර අනියම් සම්බන්ධතාවයක් පැවැති බවට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළා.