Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
09
“සල්ලි එව්වේ නැත්තම් බලාගමු! දැන්ම තාත්තට හොරෙන් කරන්න වැඩේ..” - කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක, අවුරුදු 15ක් වයස සිසුවියව දැලේ දාගත්ත Facebook පෙම්වතා, ඇගේ කෝටිපති පියාගේ ගිණුම හිස් කළ හැටි

- “සල්ලි එව්වේ නැත්තම් බලාගමු! දැන්ම තාත්තට හොරෙන් කරන්න වැඩේ..” - කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක, අවුරුදු 15ක් වයස සිසුවියව දැලේ දාගත්ත Facebook පෙම්වතා, ඇගේ කෝටිපති පියාගේ ගිණුම හිස් කළ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

රුපියල් දසදහස බැගින් දවස් 11කට රුපියල් එක්ලක්ෂ දහදාහක් ගිණුමෙන් අඩුවෙලා...!

ගම්පහ සුපිරි පාසලක ඉගෙනුම ලබන බව කියමින් ෆේස්බුක් ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක 15 හැවිරිදි සිසුවියක් රවටා ඇගේ නිරුවත් පින්තූර ලබාගෙන ඒවා සමාජ ජාලාවලට යොදන බව කියමින් ඇගේ කෝටිපති ව්‍යාපාරික පියාගේ ගිණුමෙන් මුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් විමර්ශනයක් අරඹා ඇත.


එම විමර්ශනයේ මූලික අරමුණ වී ඇත්තේ මෙම පහළොස් හැවිරිදි පාසල් සිසුවා තම පෙම්වතියගේ පියාගේ ගිණුමෙන් මුදල් ලබා ගත් ආකාරය සොයාගැනීම වුවද එය මෙතෙක් අනාවරණය කර ගැනීමට එම කාර්යාංශයට නොහැකි වී ඇත. ඒ ඔහු එතරම් සූක්ෂ්ම ක්‍රමයකින් මුදල් ලබාගෙන තිබීම බව කියැවේ.

එම කාර්යාංශයේ උසස් නිලධාරියකු කියන ආකාරයට සිදුවීම සැකෙවින් මෙසේය.

කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබන එක්තරා සිසුවියක තම පන්තියේ තවත් මිතුරියකට පවසා ඇත්තේ තමාට පෙම්වතකු සිටින බවත් ඇයටද පෙම්වතකු සොයාගන්නා ලෙසත්ය.

මේ සිසුවියෝ දෙදෙනාම පහළොස් වියේ පසුවෙති.

අවසානයේ තම මිතුරියට ෆේස්බුක් හරහා පෙම්වතකු සොයාදීමට එම සිසුවියට හැකිවී ඇත. එම පෙම්වතාද පහළොස් හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහු තම පෙම්වතියට පවසා ඇත්තේ ඔහු ගම්පහ ප්‍රධාන පෙළේ විද්‍යාලයක ඉගෙනුම ලබන බවය.

කල් යත්ම ෆේස්බුක් ජාලය හරහා චැට් කරමින් මෙම යුවළ ප්‍රේම සබඳතාවකට මුල පුරා ඇති අතර එම සම්බන්ධය උත්සන්න වීමෙන් පසු ගම්පහ පාසලේ පෙම්වතා සිය පෙම්වතියට පවසා ඇත්තේ ඇය නැති අවස්ථාවලදී දැක බලාගැනීමට ඇගේ නිරුවත් පින්තූර ඔහු වෙත එවන ලෙසය. එය කාටවත් නොපෙන්වන බවටද පෙම්වතා ඇයට පොරොන්දු වී ඇත.

ඔහු ගැන විශ්වාස කළ ඇය තම සිරුරේ නග්න ඡායාරූප කිහිපයක් ඔහු වෙත යොමුකර ඇත.

මෙලෙස දෙදෙනා පෙම් බස් ‍ෙදාඩද්දී ඔහු සිය පෙම්වතියගෙන් දැනගෙන ඇත්තේ ඇගේ පියා කෝටිපති ව්‍යාපාරිකයකු බවය.

පසුව දිනක් පෙම්වතා ඇයට යෝජනා කර ඇත්තේ පියාගේ කේ‍රඩිට්කාඩ් පතේ ඡායාරූපයක් තමා වෙත එවන ලෙසය. ඒත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් නොයෙකුත් දේ කියමින් එලෙස ඡායාරූපයක පිටපතක් හෝ එවන ලෙස ඔහු කීවත් එය පියාට හසුවීමට ඉඩ ඇති බැවින් ඇය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

එහිදී ඔහු ඇයට පවසා ඇත්තේ පියාගේ කේ‍රඩිට් කාඩ් පතේ පින්තුරයක් නොඑවන්නේ නම් ඇගේ නිරුවත් පින්තූර ෆේස්බුක් ජාලයට යොමු කරන බවකි. මින් බියට පත් පෙම්වතිය පියා නින්දට ගිය විටදී ඔහු සතු එක් ගිණුමක් සහිත කාඩ්පතක ඡායා පිටපතක් ඔහු වෙත යවා ඇත.

කාලය මෙසේ ගෙවී යද්දී දිනක් පෙම්වතියගේ පියා තම ගිණුමෙන් මුදල් අවශ්‍යතාවක් සම්බන්ධයෙන් විපරම් කරද්දී තමාගේ එක් බැංකු ගිණුමකින් දිනකට රුපියල් දසදහස බැගින් අඩුවන බවක් පෙනී ගොස් තිබේ.

මෙය ඔහුට මහත් ප්‍රශ්නයක් විය. ඒ වනවිට දිනකට රුපියල් දසදහස බැගින් දවස් 11කට රුපියල් එක්ලක්ෂ දහදාහක් බැංකු ගිණුමෙන් අඩු වී තිබේ. ඔහු වහා සිය බැංකුවට ගොස් මේ පිළිබඳව කළ විමසීමකදී බැංකුව ඔහුට පවසා ඇත්තේ එම මුදල් එක්තරා නාළිකාවකට බැර වන බවය.

තමා එවැන්නක් නොදන්නා බවත් එලෙස සැටලයිට් රූපවාහිනී නාළිකාවක් සමඟ තමාගේ සබඳතාවක් නැති බවත් ඔහු බැංකු නිලධාරීන් ඉදිරියේ පැවැසීමෙන් පසු එම සැටලයිට් රූපවාහිනී නාළිකාවට ගොස් ඒ පිළිබඳ විමසන ලෙස බැංකුව ඔහුට දන්වා තිබේ.

පසුව එම නාළිකාවෙන් කළ විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ තම නාළිකාව ප්‍රයෝජනයට ගනිමින් කරන ක්‍රීඩාවක් සඳහා දිනකට රුපියල් දස දහසක් ඔහුගේ බැංකු ගිණුමෙන් ආයතනයට ලැබෙන බවය. පසුව මෙම ව්‍යාපාරිකයා මේ බව සොයන්නට පටන්ගෙන ඇති අතර පසුව ඔහුගේ සැකය එල්ල වී ඇත්තේ දියණිය වෙතය.

දියණියට නොදැනෙන්නට ඇගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ විට ඇය කිසියම් තරුණයකු සමඟ සම්බන්ධ වී යැවූ පින්තුර හා චැට් කිරීම් සියල්ල හෙළි කරගැනීමට සමත් වී ඇත. ඔහු මේ බව දන්වමින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කර තිබේ.

පසුව ඔහුගේ දියණියද කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඇය පවසා ඇත්තේ ෆේස්බුක් හරහා හඳුනාගත් ගම්පහ විද්‍යාලයක ඉගෙනුම ලබන තම ෆේස්බුක් පෙම්වතාගේ ඉල්ලීම පරිදි පියාගේ කේ‍රඩිට් කාඩ්පතේ ඡායාරූපයක් ඔහුට යැවූ බවය. එසේ නොවූයේ නම් ඔහු තම නිරුවත් පින්තුර අන්තර්ජාලයට එක්කරන බව කී නිසා ඇතිවූ බිය හේතුකොටගෙන එය ඔහු වෙත යැවූ බවද ඇය කීවාය.

පසුව සිද්ධියට සම්බන්ධ පහළොස් හැවිරිදි පෙම්වතා ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඔහු ෆේස්බුක් හරහා ගේම් සෙල්ලම් කිරීමට තදින් ඇබ්බැහි වූ අයකු බවය.

ඒ සඳහා ඔහුට දිනකට රුපියල් දහ දාහක් පමණ වැය කර ඇත. එම මුදල උපයාගැනීම ඔහු සිදුකර ඇත්තේ ඇගේ පෙම්වතිය බිය ගන්වා ඇගේ නිරුවත් පින්තූරද ලබාගෙන පියාගේ ගිණුමට තට්ටු කිරීමෙනි.

පසුව අනාවරණය වී ඇත්තේ මොහු ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන සිසුවකු නොව දුර පළාතක පිරිවෙනක අධ්‍යාපනය ලබන සිසුවකු බවය.

ඔහුගේ පියාද කැඳවා ඒ බව දැනුම් දී ඇති අතර, එහිදී පියා පවසා ඇත්තේ තමා ඉතාමත් දුප්පත් අයකු බවත්, පුතාට ණයතුරුස් මත ජංගම දුරකථනයක් රැගෙන දුන්නේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීමට අවශ්‍ය බව කී නිසා බවද හෙතෙම පොලිස් නිලධාරීන්ට පවසා තිබේ. එහෙත් මෙම සිසුවා කෝටිපති ව්‍යාපාරික පියාගේ ගිණුමේ මුදල් අදාළ නාළිකාව වෙත යොමු කළ ක්‍රමය තවමත් සොයාගැනීමට හැකි වී නැත.

සැකකාර 15 හැවිරිදි සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට යොමුකර තිබේ. සිසුවිය මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකර ඇත.

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශා කුමාරි මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන පවත්වති.

කීර්ති මෙන්ඩිස්
උපුටා ගැනීම "මව්බිම" පුවත්පත...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top