Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
08
මාවක් ඔයේ ගිල් වූ සෙබළාගේ ඝාතනයට කෝප්‍රල් හා තවත් සෙබළකු අත්අඩංගුවට

- මාවක් ඔයේ ගිල් වූ සෙබළාගේ ඝාතනයට කෝප්‍රල් හා තවත් සෙබළකු අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

යතුරුපැදියක ගැට ගසා හොරණ මාවක් ඔයේ ගිල්වා මරා දැමූ හිටපු කොමාන්ඩෝ සෙබළකුගේ ඝාතනයක් පිළිබඳ විමර්ශන සිදුකළ හොරණ මූලස්ථාන පොලිසිය ඊට සම්බන්ධ වූ යුද හමුදා කොමාන්ඩෝ කෝප්‍රල්වරයකු හා හිටපු කොමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගෙන එම ඝාතන සුලමුලද අනාවරණය කරගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් යුද හමුදා කොමාන්ඩෝ කෝප්‍රල්වරයා ගණේමුල්ල කොමාන්ඩෝ කඳවුරේ රාජකාරි කළ අතර අනෙක් සැකකරුද කොමාන්ඩෝ සෙබළකු ලෙස මූලික පුහුණුව ලැබූ අයකු බව හොරණ පොලිසිය කීය.


සිද්ධියෙන් මරණයට පත්වූයේ හිටපු කොමාන්ඩෝ සෙබළකු වන කොටිකාවත්ත, කොහිලවත්ත ලිපිනයේ පදිංචි තල්පේ ලියනගේ සසංක සඳරුවන් හෙවත් සඳා නම් වූ අයෙකි.
 
හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතා පවසන අන්දමට සිද්ධිය මෙසේය.
 
ඉකුත් ජනවාරි මස 31 වැනි දින මිතුරකුගෙන් ලැබුණු දුරකථන පණිවුඩයකට අනුව සසංක සඳරුවන් සිය යතුරුපැදියෙන් නිවෙසින් පිටව ගොස් ඇත. ඉන් අනතුරුව ඔහු යළි නිවෙසට නොපැමිණි අතර සැමියා පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව ඔහු සොයාගත නොහැකි වීම නිසා සසංකගේ බිරිය මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
 
එහෙත් එම පැමිණිල්ල විභාග කළ වැල්ලම්පිටිය පොලිසියට සසංක ගැන තොරතුරක් සොයාගැනීමට නොහැකි වී ඇත.
 
පසුව ඉකුත් පෙබරවාරි මස 11 වැනිදා හොරණ, මීපලාන ප්‍රදේශයේ පිහිටි මාවක් ඔයට මාළු බෑමට ගිය අයකුට මළසිරුරක් පාවෙමින් තිබෙන අයුරු දැක ඒ සම්බන්ධයෙන් හොරණ පොලිසිය දැනුවත් කර තිබේ.
 
පසුව පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතාගේ උපදෙස් අනුව ඒ පිළිබඳ විමර්ශන ඇරැඹූ හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමද මාවක් ඔය පිරික්සීමේදී දැකගත හැකි වූයේ එම මළසිරුර යතුරුපැදියක ගැට ගසා දියේ ගිල්වා ඇති බවය. පායන කාලය හේතුවෙන් මාවක් ඔයේ ජලය සිඳී යෑමත් සමඟ ගිල්වා දැමූ මළසිරුර සහිත යතුරුපැදිය දියෙන් මතුපිටට පැමිණ තිබිණි. යතුරුපැදියේ සිටි පුද්ගලයා හඳුනාගත නොහැකි වූයේ ඔහුගේ සිරුර ජලයට දියවී ඇටකටු පමණක් මතු වීම නිසාය.
 
පසුව මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කිරීමටද හොරණ පොලිසිය කටයුතු කළේය. යතුරුපැදියේ ඉදිරිපස හා පසුපස අංක තහඩු නොමැති වීම හේතුවෙන් චැසි අංකය හා එන්ජින් අංකය ඔස්සේ විමර්ශන ඇරැඹීය.
 
එම විමර්ශනයේදී අනාවරණය කරගත් දුරකථන අංකයක් අනුව මියගිය පුද්ගලයා සොයා කොහිලවත්ත ප්‍රදේශයේ නිවෙසකට ගිය නිලධාරීන්ට එම පුද්ගලයාගේ බිරිය හමුවී ඇති අතර ඇගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ යතුරුපැදියකින් නිවෙසින් පිටවූ තම සැමියා මෙතෙක් නොපැමිණි බවත් අතුරුදන් වී සිටින බවත්ය.
 
පසුව මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ යතුරුපැදිය හා සිරුර ඇයට පෙන්වීමෙන් පසු සිරුරේ තිබූ ඇඳුමකින් හා ඉණට බඳින පටියකින් ඇය එම සිරුර තම සැමියාගේ බව අනාවරණය කරගෙන තිබේ. යතුරුපැදියද තම සැමියා විසින් පරිහරණය කරන ලද්දක් බවද ඇය පොලිසියට කීවාය.
 
පසුව මේ පිළිබඳ විමර්ශන ඇරැඹි හොරණ මූලස්ථාන පොලිසිය තවදුරටත් ඇගෙන් කරුණු විමසද්දී ඇය පැවැසුවේ ඉකුත් ජනවාරි මස 31 වැනි දින තම සැමියාට මිතුරකු දුන් ඇමතුමක් සමඟ ඔහු නිවෙසින් පිටව ගිය බවය.
 
පසුව 31 වැනි දින මියගිය සසංකට ලැබුණු දුරකථන ඇමතුම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සසංක නිවෙසින් පිටව ගිය පසු ලැබුණු ඇමතුම්ද සන්සන්දනය කර බැලීමෙන් පසු පොලිස් ඇස එක්තරා පුද්ගලයකු වෙත යොමු වී ඇත.
 
ඔහු ගණේමුල්ල යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයකු බව අනාවරණය කර ගත් පොලිසිය මුලින් ඔහුගේ බිරිය පොලිසියට කැඳවා කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ මියගිය තැනැත්තා එම බිරිය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යෑමට උත්සාහ දරා ඇති බවය.
 
ඇය නිතර නිතර මේ බව තම සැමියාට දැනුම් දී තිබේ. පසුව සැමියා මේ බව මිතුරන්ටද දන්වා ඇත. පොලිසිය පවසන අන්දමට මේ සියලුදෙනාම මිතුරන්ය. කොමාන්ඩෝ කෝප්‍රල්වරයා මියගිය සසංකට බෙහෙවින් උදවු උපකාර කර ඇති බවත් පසුව මේ පිළිබඳ විමසීමකදී දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වී ඇති බවත් පොලිසිය කීය.
 
මේ අනුව තම මිතුරාගෙන් තමාට හෝ බිරියට අනතුරක් සිදුවෙතැයි සැක කළ කෝප්‍රල්වරයා සැලසුම් සහගත ලෙස සසංක නිවෙසින් පිටට කැඳවා එකට මත්වතුර බී ඔහුට පොලු පහරදී මරා තවත් මිතුරකු සමඟ සසංකගේ මළසිරුර ඔහු පැමිණි යතුරුපැදියේම ගැට ගසා ජලයෙන් පිරී තිබූ මාවක් ඔයේ ගිල්වා තිබේ.
 
පසුව කළ විමර්ශනයේදී සැකකාර කොමාන්ඩෝ කෝප්‍රල්වරයා නිවාඩු ලබා නිවෙසට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනෙක් හිටපු කමාන්ඩෝ සෙබළා අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිවිණි.
 
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පසු මියගිය සඳරුවන්ට අයත් ජංගම දුරකථනය, ඔහුගේ අත් බෑගය හා හිස්වැසුම සොයා පුස්සැල ඔයත් ගොන්නාහේන ඇළත් සෝදිසි කරන්නට නිලධාරීහු කටයුතු කළහ.
 
පසුව ගෝනාහේන ඇළේ තිබියදී සසංකගේ ගමන් මල්ලත් හිස් වැසුමත් ඔහුගේ යතුරුපැදියේ අංක තහඩු දෙකත් සොයාගැනීමට පොලිස් කිමිඳුම්කරුවන්ට හැකිවිණි. 
 
මරා දැමුණු සසංකගේ විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර ලැබී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇත.
 
පැය 48ක රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් දෙදෙනා ඊයේ (07දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යෙදිණි.
 
බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ධම්මික හා පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තිස්ස කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අබේසිරි ප්‍රමුඛ සැරයන්වරුන් වන ලලිත් (35477), සුබසිංහ (60604), කොස්තාපල් ක්‍රිෂාන්ත (88923), අධිකරණ කටයුතු භාර උප පොලිස් පරීක්ෂක රංජිත් ගමගේ හා කොස්තාපල් ගීකියනගේ යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණවලට එක්ව සිටියහ.
 
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top