පොලිස් නිලධාරියෙකු සමඟ ෆේස් බුක් ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකින් විවාහ වූ තරුණියක් පසු කාලීනව එල්ලවූ වදහිංසා හේතුවෙන් සිය දිවි නසා ගෙන ඇති පුවතක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ආර්. එල් චන්ද්‍ර ප්‍රභා ජනාදරී නම් 26 හැවිරිදි මෙම තරුණිය පසුගිය වසරේ මාර්තු මාසයේදී ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරියෙකු හා විවාහ වී ඇත්තේ ෆේස් බුක් ඔස්සේ ඇති කර ගත් ප්‍රේම සබඳතාවකට අනුවයි.
අදාළ පොලිස් නිලධාරියා විකෘති ආශාවන්ගෙන් පෙළුණු පුද්ගලයෙකු බවටයි මෙම මව චෝදනා කරන්නේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කල ද ඒ සදහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ.
කෙසේ වෙතත් අදාළ චෝදනාව එල්ල වන දැනට කන්කසන්තුර පොලිසියට අනුයුක්තව සේවය කරන අදාළ පොලිස් නිලධාරීයාව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප සම්බන්ධකර ගත්තා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළ අදාළ පොලිස් නිලධාරියා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.
මේ අතර යතුරු පැදියක ගැට ගසා මාවක් ඔයේ ගිල්වා තිබියදී පසුගියදා සොයාගත් මළසිරුර කොහිලවත්ත අංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි සසංක සඳරුවන් යන අයගේ බවට මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.
සිද්ධියට අදාළ දුරකථන වාර්තා විශ්ලේෂනයකින් පසු කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්ත යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.