හිරු සි.අයි.ඒ.හරහා හෙළි කළ විකෘති කාමාශාවන් සදහා කුඩා දරුවන් ඇබ්බැහිකර ගන්නා සංවිධානාත්මක කල්ලියේ තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
අධිකරණය නියෝග කළේ සැකකරුවන් මාර්තු මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
ඊයේ අප හිරු සී.අයි.ඒ. හරහා හෙළි කලේ, කලක පටන් කුඩා දරුවන් තම විකෘති කාමාශාවන් සංසිදවා ගැනීමට යොදා ගන්නා ගනේමුල්ල - බොල්ලත ප්‍රදේශයේ කල්ලියක් පිළිබදවයි.
5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දරුවා සහ තවත් දරුවෙකු අවුරුදු 60 පමණ මෙම සැකකරු විසින් එම ප්‍රදේශයේම 36 හැවිරිදි කාන්තාවක් සමගත් ලිංගික ක්‍රියා සිදුකිරීමට පොළඹවා තිබෙනවා.
දරුවන්ගේ දෙමාපියන් පවා පොලිසියට පැමිණිල්ක් හෝ යොමු නොකර මෙම අපරාධය වසන් කිරීමට සැරසෙද්දී හිරු සී.අයි.ඒ.ළමා අපයෝජකයන් පිළිබදව පොලිසිය දැනුවත් කළා.
ඒ අනුවයි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත ඊයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
දරුවන් ලිංගික කටයුතු සදහා පොළඹවා ගත් කාන්තාවගේ නිවස සෝදිසි කිරීමේදී දරුවන්ට පෙන්වන ලද අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී.පට ද සොයා ගැනුනා.
අදාල කාන්තාව හා සරත් නැමැති ළමා අපයෝජන සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ පුත්‍රයා ද පොලිස් අත්අඩංගුවට ගැනුනා.
එමෙන්ම පොලිසිය පැවසුවේ අපයෝජනයට ලක් වු දරුවන් වෛද්‍ය වාර්තා ලබාගැනීම සදහා රෝහල් ගත කළ බවයි.