බහරේන් රාජ්‍යයේ ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිට පහළට වැටී පසුගිය සෙනසුරාදා මිය ගිය ශ්‍රී ලාංකික තරුණියක් සම්බන්ධයෙන් පුවතක් මේ වන විට වාර්තා වනවා. විදෙස් මාධ්‍යවල පවා මේ පිලිබඳව තොරතුරු වාර්තා වන අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටි තරුණියෙකුයි.
බහරේන්හි බ්‍රිතාන්‍ය පාසලක පිහිනුම් ගුරුවරියක් ලෙස සේවය කර ඇති ඇය පසුගිය සෙනසුරාදා බහරේන්හි ප්‍රසිද්ධ ඇමරිකානු නාවික හමුදා ගොඩනැගිල්ලක සාදයකට සහභාගීවී තිබෙනවා.
කෙසේ නමුත් පැය කිහිපයකට පසුව එකවරම ඇය ගොඩනැගිල්ලෙන් ඇදවැටී ඇති අතර මිතුර මිතුරියන්ද ඒ බව දැනගෙන වහාම පහළ තට්ටුව වෙත දිවගොස් තිබෙනවා. ඇයව බේරාගන්නටද අයෙකු උත්සාහ කොට ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වන අතර තරුණිය ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශනද ලැබී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපවෙත තොරතුරු වාර්තා වුණා.
කිසියම් සිදුවීමක් ඉහළ මහලේ සිදුවී ඇති බවට පොලිසිය සැක කරන අතර ඇයව කවුරුන් හෝ තල්ලු කරන්නට ඇද්දැයිද යන වග පිළිබඳව ඔවුන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් එරට නිලධාරීන් පරීක්ෂණ පවත්වමින් තිබෙනවා.