ෆේස්බුක් ඔස්සේ මිතුරු වී සීදූවේදී පැහැරගත් ටියුෂන් ගුරුවරයාගේ ඝාතනයට කාන්තාවක් අත්අඩංගුවට
නිකවැරටිය - කොටවෙහෙර - ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක ඝාතනය කර තිබියදී සොයාගැනුනු උපකාරක පන්ති ගුරුවරයාගේ මරණයට සම්බන්ධ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඝාතනයට අදාළව මීට පෙර අත්අඩංගුවට ගැනුනු ප්‍රධාන සැකකරුගේ අනුදැනුම මත අදාළ ගුරුවරයා සීදූව ප්‍රදේශයේ මුතුවාඩිය පාලම අසළට ගෙන්වාගෙන ඇත්තේ මෙම කාන්තාව විසින්.
ෆේස්බුක් ඔස්සේ මිතුරු වී තමන් අදාළ උපකාරක පන්ති ගුරුවරයා අදාළ ස්ථානයට ගෙන්වා ගත් බවත් ඒ සඳහා සිද්ධියේ ප්‍රධාන සැකකරු රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදීමට පොරොන්දු වූ බවත් අත්අඩංගුවේ පසුවන කාන්තාව පාපොච්චාරණය කර තිබෙනවා.
ඝාතනයට ලක්වූ ගුරුවරයාගේ බිරිඳගේ මව මාතර නගරයේ දේපළ හිමි කාන්තාවක් වන අතර, ඇය ද මීට පෙර ඝාතනය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් විමර්ශනයක් සිදුකරමින් සිටින බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
එම සිද්ධියෙන් පසු ඇගේ දියණිය විසින් ඝාතනයට ලක්වූ මෙම උපකාරක පන්ති ගුරුවරයාට අදාළ දේපළ පවරා ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අදාළ ව්‍යාපාර ලබා ගැනීමේ අරමුණෙන් මෙම ගුරුවරයා ද ඝාතනය කරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා කියා සිටියේ.
මේ අතර, දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම චින්තක නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ අත්අඩංගුවට ගත් මොහු ඊසි කෑෂ් ක්‍රමයට සහ බැංකු ගිණුම්වලින් මුදල් ලබාගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 30ක් සහ එම ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් ද සොයාගෙන තිබෙනවා.
මේ අතර වාරියපොල - වැල්ලැගල පුරාණ රජමහා විහාරයේ පිටුපස ගල්තලාවක් මත පිහිටි ගසක පුද්ගලයෙකු ගෙල වැළලාගෙන තිබෙනවා.
මීට සති කිහිපයකට පෙර මෙම මරණය සිදු වී ඇති අතර මේ වන විට සිරුර අධික ලෙස දිරා පත්ව තිබෙනවා.
එමෙන්ම සිරුරේ දණහිසින් පහළ කොටස සතුන් විසින් කා දමා ඇති බවයි ප්‍රදේශවාසින් සඳහන් කළේ.