රාජිත, දුමින්ද දිසානායක හා අර්ජුනත් ගිහින්අර්ජුන එජාපයට යන බවටත් කටකතා
මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයට සිය සුපුරුදු ලකුණින් ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර අවසන්.
එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජනතාව නියෝජනය කරන තවත් සුළු පක්ෂ කිහිපයක් සන්ධාන ගතව තරඟ වදිනවා. කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ තරඟ වදින පක්ෂ හා අපේක්ෂකයන් පිළිබඳව අවසන් තීරණයක් නැහැ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කළ ද ඊට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් සිය විරෝධය පළ කරනවා.
ඔවුන් වෙනත් පෙරමුණකින් මැතිවරණයට ඉදිරිපත් වන බවට මත පළවන අතර, කොළඹ නිදහස් චතුරස්‍රය අසළ පිහිටි හිටපු ජනාධිපතිනියගේ නිල නිවසේ සාකච්ඡාවක් ද පැවැත්වුණා.
මාධ්‍යයට විවර නොවූ මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රිවරුන් වන රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක හා අර්ජුන රණතුංග යන මහත්වරුන් එක්ව සිටි බව හිටපු ජනාධිපතිනියට සමීප ආරංචි මාර්ග සදහන් කළා.
බී.බී.සී. සිංහල සේවය වාර්තා කළේ, ඉදිරි මහ මැතිවරණයට මහින්ද විරෝධී වෙනත් පෙරමුණකින් තරග වැදීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසූ බවයි.