පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගැනීමට පැමිණි 37 හැවිරිදි කාන්තාවක්ව බලහත්කාරයෙන් ත්‍රී රෝද රථයක නංවාගෙන ගොස් වැවක් තුළදී ඇයව දුෂණය කළ බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
අතවරයට ලත්ව ඇත්තේ ආණමඩුව,ආඬිගම - වෙට්ටමුරුක්කුව පදිංචි කාන්තාවකි. පසුගිය 15 වැනිදා රාත්‍රී 7.00 ට පමණ තමන්ට මෙම අපරාධය සිදුවූ බව ඇය ආණමඩුව පොලීසියට කර ඇති ප්‍රකාශයේ සදහන් වේ.
හදවත් රෝගයකින් පෙළෙන තමන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 15 වැනිදා ආඬිගම නගරයේ සිටින පුද්ගලික වෛද්‍යවරයෙකු හමුවීමට පැමිණි බවත්,එම අවස්ථාවේදී තමන්ව බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය දෙදෙනෙකු මෙම අපරාධය සිදු කළ බවත් ඇය පොලීසිය හමුවේ පවසා ඇත.
පසුව 17 වැනිදා තම හදවත් රෝගයට ප්‍රතිකාර ගැනීම සදහා හලාවත මහා රෝහලට ඇතුළත් වී 19 වැනිදා පිටත්ව පැමිණි බවත්,තම ස්වාමි පුරුෂයාගේ බල කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අතවරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන බව 21 වැනිදා ආණමඩුව පොලීසියට පැමිණ ඇති ඇය සදහන් කර ඇත.
තමන් දුෂණය කළ පුද්ගලයින් නොහදුනන බවද ඇය පොලීසිය හමුවේ පවසා ඇත. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.