මියගිය දරුවා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්ය නැති බව එම මවුපියන් පැවැසීම හේතුවෙන් පානදුර මූලික රෝහලේ පාලන අධිකාරිය බිලිදාගේ මළ සිරුර මුදා හැරීම සඳහා මෘත ශරීරාගාරයට අවසර ලබාදී තිබිණි.
ඒ අනුව බිලිඳාගේ පියා මෘත ශරීරාගාරයට සිය බිලිදාගේ මළ සිරුර භාර ගැනීම සඳහා ගිය අවස්ථාවේදී එහි සේවකයකු පෙට්ටියක දමා තිබූ මළ සිරුර ලබාදී තිබූ බව පොලිසිය කියයි.
මානසිකව ව්යාකූල තත්ත්වයට පත්ව සිටීම හේතුවෙන් එම පියා පෙට්ටිය විවෘත කර මළ සිරුර බලා නැති අතර පානදුර, මිනුවන්පිටිය සුසාන භූමියට මළ සිරුර රැගෙන ගොස් මිහිදන් කර ඇතැයි පොලිසිය කියයි.
පොල්ගස්ඕවිට, පාලගම ප්රදේශයේ පදිංචි මවකට ඉකුත් 29 වැනිදා බිලිඳියක උපත ලබා ඇති අතර ඇය පැය කිහිපයකට පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ඊයේ (3දා) පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාර සේවකයා මළ සිරුර සොයා බැලීමේදී එම මළ සිරුරු නොමැති බවත් ඒ වෙනුවට වෙනත් බිලිඳකුගේ මළ සිරුරක් තිබෙන බවට අනාවරණය වී ඇත.
පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී මළ සිරුරු දෙක එකිනෙක මාරුවී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
එම මළ සිරුරු මාරු වීම සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේ වෛද්ය අධිකාරි කේතුමතී රෝහලේ වෛද්ය අධිකාරි හා විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරිවරයාගේ අස්සනින් යුත් ලිපියක් පානදුර දකුණ පොලිසිය වෙත ලැබී ඇතැයිද ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි විමර්ශන සිදුකරන බව ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේ වෛද්ය අධිකාරි ඉන්ද්රානි ගොඩකන්ද මහත්මියගෙන් විමසීමේදී ඇය මෙසේ පැවැසුවාය.
''මොකුත් වෙලා නෑ. ඕගොල්ලො මේ කුණුගොඩවල්නේ අවුස්සන්නේ. මොකක්වත් නෑ මම නං එහෙම ප්රශ්නයක් නම් දන්නෑ. කවුද ඔයාට කිව්වේ කතාව ඔයිට ඉස්සර එකක් දාලා මට ඉන්න හම්බවුණේ නෑ.'' (එසේ කියා ඇය දුරකථනය විසන්ධි කළාය.)
පානදුර කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, පොලිස් අධිකාරි උදය අමරතුංග මහත්තුරුන්ගේ උපදෙස් මත පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ද සිල්වා මහත්වරු පරීක්ෂණ පවත්වති.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..