බොලිවුඩ් තරුවක් වන සංජේ දත් තමාට පිළිකාවක් වැළඳී ඇති බව පසුගියදා මාධ්‍ය අනාවරණය කළා.
61 හැවිරිදි සන්ජේ දත් මේ වන විට චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙන අතර මේ පිලිබදව ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ, මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් නොවැම්බර් මාසයේ ආරම්භ කරන බවයි.
මෑතකදී ඔහුගේ කොණ්ඩා මෝස්තර ශිල්පී ආලීම් හකීම්ගේ රූපලාවණ්‍යාගාරයේ පටිගත කරන ලද වීඩියෝ පටයේ දී සංජේදත් තම වම් ඇහිබැම සිට හිස දෙපස දක්වා දිවෙන කැළලකට කැමරාව යොමු කළේය. එහිදි ඔහු සඳහන් කළේ,
"මෙය මගේ ජීවිතයේ මෑතදී ඇති වූ කැළලකි. නමුත් මම එය පරාජය කරමි. මම ඉක්මනින් මෙම පිළිකාවෙන් මිදෙන්නෙමි" යනුවෙන් ඔහු පැවසීය.