Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
22
"විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව තමයි මම, තාත්තගේ නම කියලා මට අනන්‍යතාවයක් හදාගන්න අවශ්‍ය වුණේ නැහැ.." - යොහානිද සිල්වා

- "විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව තමයි මම, තාත්තගේ නම කියලා මට අනන්‍යතාවයක් හදාගන්න අවශ්‍ය වුණේ නැහැ.." - යොහානිද සිල්වාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

187 Views
මේ දිනවල ඇය හරි ජනප්‍රිය චරිතයක්. නමින් යොහානිද සිල්වා. ඇත්තටම ඇය කවුද?. ඇයට ගොඩක් දෙනෙක් දන්නේ භාතිය සමග සිරිසඟබොදි ගීතය ගායනා කරපු දඟකාර කටකාර තරුණිය විදිහට. හැබැයි මෙයාගේ තාත්තා ඔයාල හොඳට දන්න දැවැන්ත රණකාමියෙක්.

එවකට ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීමේදී මානූෂීය මෙහෙයුමේ 57 වැනි සේනාංකය භාරව කටයුතු කළේ. යොහානි ගේ තාත්තා. විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව ඇය. මේ ඇය ගැන තොරතුරුයි

යොහානි මේ දිනවල හරි ජනප්‍රිය චරිතයක්. එතකොට ඔබට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
මේ දවස්වල හොඳයි. මගේම ගීත දෙකක් එළිදැක්වූවා. ඉතිං ලැබෙන ප්‍රතිචාර ඉහළයි.

යොහානි ගායනයට පිවිසුණේ ?
මම පුංචි කාලේ සංගීතය හැදෑරුවා. හැබැයි ඒ දිනවල ගීත ගායනා කළේ නෑ. සරසවි අධ්‍යාපනය ලබන කාලේ තමයි පොඞ්ඩ පොඞ්ඩ ගායනයට පිවිසුණේ. 2016 මගේ යූ ටියුබ් නාලිකාව ආරම්භ කළා. ඊට පසුව තමයි ගායනයට පිවිසුණේ.

භාතිය සන්තුෂ් ඩ‍්‍රයිව් ඉන් කොන්සර්ට් ප්‍රසංගයේ ගායනා කළ සිරිසඟ බොදි ගීතය ගැන කතා නොකරම බැහැනේ ?
ඩ‍්‍රයිව් ඉන් කොන්සර්ට් එකට කලින් මම සහභාගි වුණේ රෙඞ්බුල් කොන්සර්ට් එකට. ඒකෙදි තමයි පළමු වරට ඔය ගීතය ගායනා කළේ. හරි ජනප්‍රිය වුණා.

පාසැල් ගියේ ?
මම සාමාන්‍ය පෙළ දක්වා කොළඹ විශාඛා විද්‍යාලයට තමයි ගියේ. ඊට පස්සේ මම උසස් පෙළ හදාරන්න එංගලන්තය බලා පිටපත්ව ගියා.

පවුලේ විස්තර ?
අම්මයි, තාත්තයි, නංගියි.

ඔබේ ආයේ ගීතය ගැන යමක් පැවසුවොත් ?
ආයේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ මමමයි. ඩිරංජන් සෙනවිරත්න තමයි පද රචනය සිදුකළේ. පසන් තමයි මික්ස් ඇන්ඞ් මාස්ටරින් කරලා ගීතය නිර්මාණය කළේ.

යොහානි රැප් ගායනයට තමයි කැමැති. එහෙමද?
මම පුංචි කාලේ ඉඳන් හිපොප් සංගීතයට තමයි වැඩි නැඹුරුවක් දැක්වූයේ. ඒක නිසා රැප් සංගීතයට පොඩි ආසාවක් තියෙනවා.

යොහානි ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ කොහොමද?
ප්‍රසිද්ධ වේදිකාවට මම මුලින්ම සහභාගි වෙන්න අවස්ථාව උදාවුණේ රෙඞ්බුල් ප්‍රසංගයෙන්.

ප්‍රසංග වේදිකාවට ලැබෙන ආරාධනා මොනවගේ ද?
ආරාධනා ගොඩක් ලැබෙනවා.

යොහානි ටිකක් වෙනස්ම විදිහට තමයි තරුණ තරුණියන් අතර ජනප්‍රිය ?
ඇත්තටම මම විලාසිතාවලට කැමැතියි. සමාජ මාධ්‍යවලට යන විදිහ හා මම සහභාගි වෙන අවස්ථා අනුව තමයි විලාසිතා සිදුකරන්නේ.

සිරිසඟබොදි ගීතය ගැන භාතිය මොනවද කිව්වේ ?
මට භාතිය ආරාධනා කළහම කිව්වේ සිරිසඟබොදි කරමු කියලා. නමුත් මම දැනගෙන හිටියේ නැහැ මේ තරම් ඒ වැඬේ ජනප්‍රිය වෙයි කියලා. ඇත්තටම ඒ අවස්ථාව නිසා මම ලොකු අභියෝගයක් ජයගත්තා සේම හොඳ පුහුණුවකුත් ලැබුණා.

දැන් භාතිය සන්තුෂ් එක්ක වැඩ කරනවාද?
ඔවුන්ගේ ප්‍රසංගවලට ආරාධනා කළොත් මම ඊට සහභාගි වෙනවා.

යොහානිගේ ගීත එකතුවක් කරන්න අදහසක් නැතිද?
ඔව්. අදහසක් තියෙනවා. මේ වසරේ තව ගීත හයක් එළිදක්වන්න සූදානමක් තියෙනවා. ලබන වසරේ ගීත එකතුවක් එළිදක්වන්න සූදානමක් තියෙනවා.

රැප් සංගීතය නිසා බැණුම් අහන්න සිද්ධ වුණ අවස්ථා තියෙනවාද?
අම්මෝ. ගොඩක් තියෙනවා. ගොඩක් මිනිස්සු බැනලා තියෙනවා.

ඒ වෙලාවට හිතෙන්නේ නැතිද ගායන විලාසය වෙනස් කරන්න ඕනෑ කියලා ?
මට හදාගන්න පුළුවන් වැරැද්දක් නම් හදාගන්න බලනවා.

යොහානි ද සිල්වා කියන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව ?
ඔව්. මම විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව.

ඔබේ ගායන වැඩවලට තාත්තාගෙන් විරුද්ධත්වයක් නැතිද?
විරුද්ධත්වයක් නැහැ. මම මුලින්ම මගේ වෘත්තිය හැටියට කරගෙන ආවේ ගිණුම්කරණය. එක්වරම ඒක අතහැරලා ලංකාවට ආවහම මුලදී පුංචි විරුද්ධත්වයක් තිබුණා ඇයි එහෙම කළේ කියලා. දැන් තාත්තා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා.

විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වාගේ දුව වීම ගැන මොකද හිතෙන්නේ ?
ගොඩක් ආඩම්බරයි.

තාත්තා නිසා දුවට තියෙන පිළිගැනීම ?
ඇත්තටම දැන් තමයි ගොඩක් දෙනෙක් අපේ තාත්තා කවුද කියලා දැනගන්නේ. මම ඒ කතාව කාටවත් කියලා නෑ.

හැබැයි භාතිය මේ රහස වේදිකාවේදී හෙළිකළා නේද?
ඔව්. භාතිය තමයි මේ කතාව මුලින්ම ප්‍රසිද්ධ වේදිකාව උඩදී කිව්වේ. දැන් ඉතිං දිගින් දිගටම හැමෝම එ ගැන අහනවා.

මේ කතාව එළියට ආවට පස්සෙ ඔබට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
මෑත කාලයේ තමයි ඒ වගේ දේවල් අහන්න ලැබුණේ. මම ඇත්තටම තාත්තා ගැන සතුටුයි. තාත්තා ගැන ගොඩක් ආඩම්බරයි. මිනිස්සු කතා කරනවා.

ඇයි මේ කතාව කේෂ්ත්‍රයට එනකොට කිව්වේ නැත්තේ ?
මට තාත්තා ගැන කියලා ගායනයට එන්න වුවමනාවක් තිබුණේ නැහැ.

තාත්තාගේ නම භාවිතා කරලා ඔබට වැඩි ඉඩක් ගන්නේ තිබුණානේද?
එහෙම අදහස් මගේ හිතේ තිබුණේ නැහැ. මම සංගීතය කරන්නේ කැමැති නිසා. මම මගේ හැකියාවන්වලින් ඉදිරියට එන්න තමයි උත්සාහ කළේ. මට ලොකුවට ජනප්‍රිය වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ.

තාත්තා රැප් සංගීතය කරපා කියන්නේ නැතිද?
නැහැ. නැහැ. එහෙම කියන්නේ නැහැ. තාත්තාගෙන් සංගීතයට සීමාවන් වැටිලා නැහැ. තාත්තා තමයි මට පළවැනි ගිටාර් එක අරගෙන දුන්නේ. තාත්තා වෙනුවෙන් ගීතයක් කළා. ඒක දෙසැම්බර් මාසයේ එළිදක්වනවා.

දිනේෂ් විතාන
දිවයින - මීවිත





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top