වයස අවුරුදු 6ක පිරිමි ළමයෙකු තවත් ළමුන් කිහිප දෙනෙක් සමඟින් ක්‍රීඩාවක නිරතවන අතර ඝාතනය ලක්වූ සෝචනීය පුවතක් පිළිබඳව මෙක්සිකෝවෙන් වාර්තා කරනවා. කෙසේ නමුත් මෙම ඝාතනය සිදුවී ඇත්තේ කුඩා වයසේ ළමුන් තිදෙනෙකු අතින් වීම විශේෂත්වයක්. ඔවුන් වයස 12, 13, හා 15 පසුවන්නන්.
ගල් වලින් හා කටු සහිත පොල්ලකින් මෙලෙස වයස අවුරුදු 6 දරුවාට ළමුන් පහර දී තිබෙනවා. පසුව වෙනත් කෝටුවක් ගෙන ඔහුගේ ගෙල සිරකිරීම මගිනුයි ඝාතනය සිදුකර ඇත්තේ.
මෙසේ වයස අවුරුදු 6 දරුවා ඝාතනය කළ යුතුයැයි පවසා ඇත්තේ වයස 15 පිරිමි ළමයා විසින් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔවුන්ට කුඩා දරුවා ඝාතනය කිරීමට අදහසක් පහලවී ඇත්තේ සියළු දෙනා එක්ව කල ක්‍රීඩාවේ එක් පියවරක් ලෙසයි.
මියගිය සිරුර වළලා දැමීමටද මොවුන් කටයුතු කර තිබෙනවා. පසුව එක් දරුවෙකු විසින් සිය මවට මෙම ඝාතනය සම්බන්ධයෙන් පැවසීමෙන් අනතුරුව ඇය මේ පිළිබඳව පොලිසියට පවසා තිබෙනවා. මොවුන්ගේ නිවෙස් එක හා ආසන්නයේ පිහිටා ඇති අතර නිතර මෙසේ එක්රැස් වී ක්‍රීඩාවේ නිරතවෙන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.