සංගීත සංදර්ශණයක් නැරඹීමට ගොස් සිටි පාසල් සිසුවියක්ව බලහත්කාරයෙන් කැදවාගෙන ගොස් දූෂණය කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
පසුගිය 09 වැනිදා අළුයම 2.30 ට පමණ හලාවත - මුගුණුවටවන ප්‍රදේශයට ආසන්න ගම්මානයකදී මෙම අපරාධය සිදුවී ඇත. අතවරයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 15 යි මාස 08 ක් වන පාසල් සිසුවියකි. ඇය ප්‍රදේශයේ පාසලක 10 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටී.
පසුගිය 08 වැනිදා තම ගම්මානයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ඇය ගොස් ඇත. එම අවස්ථාවේදී හමුවී ඇති සැකකරු ඇයව සංගීත සංදර්ශණය පැවති ස්ථානයට ආසන්නයෙන් ඇති පාළු ස්ථානයකට කැදවාගෙන ගොස් අතවර කර ඇති බව පොලීසිය කියයි.
දැරිවියට අතවර කර ඇත්තේ ඇයගේ පියාගේ වැඩිමහල් සහෝදරයාගේ දරුවෙකු විසින් බවත්, 36 හැවිරිදි එම සැකකරු පෙදරේරුවෙකු බවද පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.
පසුගිය වසරේ අවස්ථා ගනනාවකදීම ඉරිදා දිනවල සැකකරු විසින් මෙම දැරිවියට අතවර කර ඇති බවද මූලික විමර්ශණ වලින් හෙලිවී ඇත. අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.