පිටකොට්ටේ බැද්දගානේ දී රොෂාන් ලසන්ත ගෝමස් මරා දැමීමට සම්බන්ධ පස්දෙනාටම අද (30) මරණ දඬුවම නියම කර තිබෙනවා.
මෙම ඝාතනය සිදු වූයේ දැනට වසර 15කට පෙරදීයි.
රොෂාන් ලසන්ත ගෝමස් නිදි පැදුරෙන් එළියට ගෙන පොලුවලින් ගසා මරා දැමූ බවට ඔවුන්ට චෝදනා එල්ල කර තිබුණා.
කොළඹ මහාධිකරණ විනිසුරුවරිය මරණ දඬුවම නියම කළේ ලක්ෂ්මන් රෝහිත සිල්වා, ශාන්ත විරාජ්, ප්‍රියන්ත විජේකුමාර සිල්වා, සරත් කුමාර සහ අබ්දුල් රහුමාන් අසීමන්ටයි.