ලොවම කම්පාවට පත්කරමින් පසුගියදා නේපාලයේ සිදුවූ භූ කම්පනයෙන් ජීවිත 5000කට වඩා ලොව අහිමි වූ අතර තවත් විශාල ප්‍රමාණයකට උන් හිටි තැන් අහිමිවූනා.
තමන්ගේ නෑසිය මිතුරන් ගොඩනැගිලිවලට යටවෙද්දී ජීවිතය ගලවාගන්නට දිවගිය අය අතර අත් අල්ලාගෙන එකට මියැදෙන්නට සිතූ අයද ඒ අතර සිටියා. සියල්ල අවසාන වී ගොඩනැගිලි අතරේ සිරවූ එක් ජීවිතයක් හෝ ගලවාගන්නට මෙහෙයම් දියත් කිරීමට නේපාල හමුදා මෙන්ම ලොව නන්දෙසින් සේවාවන් ඉදිරිපත් වුනා.
මේ අතර භූ කම්පනයෙන් පැය 22ක් ගෙවී ගියත් සිය මෙහෙයුම් නතර නොකළ නේපාල ගලවා ගැනීමේ හමුදාවන්ට සුන්බුන් අතරින් කුඩා ළමයෙකුගේ දුර්වල කටහඬක් ඇසෙන්නට වුනා.
සියල්ල නතර කර හඬ දෙසට දිවගිය හමුදාවන්ට දැකගන්නට හැකිවී ඇත්තේ ඇඟ පුරා දූවිලි තැවරුණු වයස මාස 4ක් පමණ වන කුඩා දරුවෙකුයි. වහාම ක්‍රියාත්මක වූ ඔවුන් දරුවා බේරාගන්නට කටයුතු කළ අතර මේ වන විට ඔහුව සුවයෙන් සිටින බවයි වාර්තාවන්නේ.