සිය බිරිඳට මානසික වධ හිංසා සිදුකිරීම නිසාවෙන් ඇය දිවිනසාගත් පුවතක් ඉන්දියාවේ දිල්ලියෙන් වාර්තා වනවා. ඇය මෙසේ දිවි නසාගැනීමට ප්‍රථම ලිපියක්ද ලියා ඇයගේ ෆේස්බුක් ගිණුමේද පළකර තිබෙනවා.
වෛද්‍යවරියක් වන ඇය විවාහයෙන් පසු තමන්ගේ ස්වාමිපුරුෂයා සමලිංගික බව දැනගත් පසු මහත් කම්පනයට පත්ව තිබෙනවා. එයද ඇය දිවිනසා ගැනීමට කාරණයක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබඳව ඇය ලිපියේදී සඳහන් කර තිබෙනවා.
31 හැවිරිදි අදාළ වෛද්‍යවරියගේ මළ සිරුර දිල්ලිහී හෝටල් කාමරයක තිබී හමූවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු වන ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.
පුරුෂයා සමලිංගික බව දැනගත් පසු ඔහුගේ තත්වය මෙම වෛද්‍යවරිය තේරුම්ගත් නමුත් ඔහු විසින් දෑවැද්ද පිළිබඳ ප්‍රශ්න කරමින් නිතර මානසික පීඩා එල්ල කළ බවත් ඇයගේ ලිපියේ සඳහන්.
ඇය දිවිනසාගත් දිනයේත් මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වූ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එමෙන්ම ඇයගේ ෆේස්බුක් ගිණුමේ පලකළ පණිවුඩයේ දැක්වෙන්නේ තම සැමියාට ඇය ආදරය කරන බවත් ඔහු එය තේරුම් නොගන්නා බවත්ය.
.jpg)