බලංගොඩ - පඹහින්න ප්‍රදේශයේ පැවැති බක් මහ උළෙලකදී කඳු මුදුනේ සවි කළ කොඩිය ගැනීම නම් තරඟයට අවසරයකින් තොරව සහභාගි වූ පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔහුගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) පැවැත්වෙන බවයි.
පඹහින්න අත්පන්දු ක්‍රීඩාංගණයේ පැවැති මෙම බක් මහ උළෙලේ කඳු මුදුනේ සවි කළ කොඩිය ගැනීමේ තරඟය විශේෂ තරඟ ඉසව්වක් වුණා.
තරුණයන් සදහා වෙන් කර තිබූ එම තරඟයේදී සිදුකළ යුතුව තිබුණේ අසන්නව පිහිටි පරෙයිගල කදු මුදුනේ සවි කර තිබූ කොඩියක් කඩිනමින් යළි අවුරුදු උත්සවය පැවැති ක්‍රීඩාංගණයට රැගෙන ඒමයි. ඒ අනුව ඊට තරුණයන් 4 දෙනෙකු ඉදිරිපත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, සංවිධායක මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව 50 හැවිරිදි පඹහින්න ප්‍රදේශයේම පදිංචි මිය ගිය පුද්ගලයා කොඩිය ගැනීඹ සදහා කදු මුදුනට ගොස් ඇති අතර හදිසියේ ඔහු මිය ගොස් තිබෙනවා. එය සංවිධායක මණ්ඩලය ද දැනගෙන ඇත්තේ තරුණයන් සිව් දෙනාගෙන් එක් අයෙකු කදු මුදුනට ළඟාවීමෙන් අනතුරුවයි. මෙම හදිසි මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ.