පනාගොඩ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවති පළමු පෙළ තුන් දින තරගයකදී සිදුවූ අපූර්ව සිදුවීමක් පිලිබඳව මේ වන විට වාර්තා වනවා. ඒ පළමු ඉනිමේදී ලකුණු 31කට දැවී ගිය කණ්ඩායමක් එම තරගයෙන් ජය ගත් පුවතකුයි.
අප්‍රේල් 10,11 සහ 12 යන දිනවල පැවැත්වූ මෙම තරඟයේදී ක්‍රීඩාකර ඇත්තේ ගාල්ල ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායමයි.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 31කට දැවී ගොස් තිබෙනවා. මෙහිදී කිසිදු පිතිකරුවෙක් ලකුණු 10ක් හෝ රැස්කර නොතිබීම විශේෂත්වයක්.
ඔවුන්ගේ ඉණිමට පිළිතුරු ලෙස ගුවන් හමුදා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 215ක් රැස් කර තිබෙනවා. පළමු ඉණිමේ අසාර්ථක වූ ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේදී ලකුණු 295ක් රැස් කළ අතර ගුවන් හමුදා කණ්ඩායමේ දෙවන ඉණිම ලකුණු 107කට සීමාවී තිබෙනවා.
එනිසාවෙන් ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත් වී ඇත්තේ කිසිවෙකු නොසිතූ අයුරිනුයි.
තරඟයේ ලකුණු පුවරුව පහතින්....
