ඡන්දදායකයන් ලක්ෂයකට වඩා ඇති මැතිවරණ කොට්ඨාශවල සීමා යළි නිර්ණය කිරීමටත් ඡන්දදායකයින් 50,000කට අඩු ඡන්ද කොට්ඨාස ඒකාබද්ධ කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඡන්දදායකයන් ලක්ෂයකට වඩා ඇති මැද කොළඹ, හෝමාගම, මොරටුව සහ කඩුවෙල යන මැතිවරණ කොට්ඨාශවල සීමා යළි නිර්ණය කිරීමට තීරණය කර තිබෙන අතර එවැනි කොට්ඨාස පහක් යාපනය දිස්ත්‍රික්කයේ ඇතැයි ද රජය පවසනවා.
එසේම වර්ග කිලෝමීටර 1000කට අධික භූමි ප්‍රමාණයක් සහිත ඡන්ද කොට්ඨාසවල සීමා නිර්ණය කිරීමට නියමිතව ඇති අතර නැඟෙනහිර, අනුරාධපුර, තිස්සමහාරාමය, අම්පාර ඇතුළු ඡන්ද කොට්ඨාස කීපයක් ද එම වාර්තාව මඟින් හඳුනාගෙන ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
එසේම බහු ආසන සහිත ඡන්ද කොට්ඨාස කීපයක් අලුතින් නිර්මාණය කිරීමට යෝජනා වී ඇති අතර දැනට පවතින සමස්ත ආසන සංඛ්‍යාව 160ක් වන අතර එය විශාල ලෙස ඉහළ හෝ පහළ නොදමනු ඇතැයි වාර්තා වෙනවා.
මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා වූ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිතයි.