අද (14) අලුයම 1.00 ට පමණ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.
තුවාල ලබා රෝහල් ගත කර සිටින අය සිය බිරිඳ සමග නිවස තුළ කැවුම් පිසිමින් සිටියදී වෙඩි වැදීමට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළා.
තම ස්වාමි පුරුෂයා සමග කිසිවෙකු අමනාපයක් නොමැති බවත්,වන සතෙකු ඉලක්ක කර කිසියම් අයෙකු විසින් තබන ලද වෙඩි පහරක් ඔහුට වදින්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි තුවාල ලබා ඇති අයගේ බිරිඳ පොලීසිය හමුවේ පවසා තිබෙනවා.