ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද 'ඇල්කොලයිසර්' නමැති යන්ත්‍රයක් යොදා ගනිමින් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රථවාහන පොලිසිය තීරණය කොට තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේ බීමත් රියැදුරන් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවන බව 'ඇල්කොයිසර්' යන්ත්‍ර කීපයක් දැනටමත් මෙරටට ගෙන්වා ප්‍රධාන පොලිස් ස්ථාන කීපයකට ලබාදී ඇති බවයි.
මේ යන්ත්‍රයට බීමත් රියැදුරන් ළංකොට එකේ සිට 24 දක්වා ගණන් කරන ලෙස නියම කිරීමේදී එම යන්ත්‍රයේ නිල් පැහැති තීරයේ රතු පැහැති සංඥාවක් විහිදෙන්නේ බීමත්ව සිටින බව පෙන්වීමට බවත් එහි කොළපැහැති එළියෙන් බීමතින් තොරව සිටින බව පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළා.
බීමත්ව සිටින බව එම යන්ත්‍රයෙන් සනාථ වීමෙන් පසු එහි ඇති ප්ලාස්ටික් බටයක් බීමත් රියැදුරාට පිම්බීමට දීමේදී එහි දිවෙන මීටරයකින් ඔහු බීමත්ව සිටින ප්‍රමාණය පෙන්වනු ලබනවා.
තමන් බීමත්ව සිටින ප්‍රමාණය එම යන්ත්‍රයෙන් නිකුත් කරන පත්‍රිකාවක සටහන් වන අතර එය බීමත් රියැදුරු අතට පත්කොට පොලිසිය ඔහුට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.