පසුගිය රජය සමයේ අධ්‍යාපන, සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව හත ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් නිකුත් කරනු ලැබූ හතේ අපේ පොත පාසල් සිසුන්ට ලබා නොදෙන ලෙසට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සියළුම විදුහල්පතිවරුන්ට සහ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානාධිපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. ජයන්ත වික්‍රමනායක සඳහන් කළේ මේ වන විටත් එම පොත සිසුන් අතට පත්වී ඇත්නම් නැවත එය ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි.
එලෙස දරුවන්ගෙන් එකතු කර ගන්නා සහ සිසුන්ට ලබා නොදී පාසලේ රදවාගෙන ඇති සියළුම පොත් පාසලට පැමිණෙන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලොරි රථවලට ලබාදීමට කටයුතු කරන ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ.
පෙරේදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් චෝදනා කළේ හතේ අපේ පොත මගින් ළමා මනස දූෂණය වන බවයි.
එම අනාවරණයත් සමගයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.