මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් අති විශිෂ්ට ලෙස ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් දස දෙනා අතර සිසු සිසුවියන් හත් දෙනකුම බස්නාහිර පළාතේ වීම විශේෂත්වයක් වී තිබෙනවා.
කොළඹ නාලන්දා විද්‍යාලයේ 2014 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 375ක් පෙනී සිට ඇති අතර ඉන් ‘ඒ’ නවයේ සාමාර්ථ 78ක් සහ ‘ඒ’ අටේ සාමාර්ථ 67ක් ගෙන සියලු සිසුන් උසස් පෙළ හැදෑරීමට සමත් වුණා.
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් වන ආනන්ද විද්‍යාලයෙන් 2014 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 522ක් පෙනී සිටි බවත් ඉන් සිසුන් 161 දෙනකුට ඒ නවයේ සාමාර්ථ ඇති බවත්වාර්තා වනවා. ‘ඒ’ අටේ සාමාර්ථ 94ක්ද ලබා ගැනීමට ද එම විද්‍යාලයට හැකි වුණා.
කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 607 දෙනකු විභාගය සඳහා පෙනී සිට ඇති අතර ඉන් සිසුන් 163 දෙනකු ‘ඒ’ නවයේ සාමාර්ථ ලබා ගත්තා.එම විද්‍යාලයේ ‘ඒ’ සාමාර්ථ 8ක් ලබාගත් සිසුන් ගණන 93ක්.
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් වන විශාඛා විද්‍යාලයේ සිසුවියන් 368 දෙනකු විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් ‘ඒ’ 9 සාමාර්ථ 202ක් සහ ‘ඒ’ 08 සාමාර්ථ 48ක් ලබා ගැනීමට සමත් වුණා.