කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයාගේ මෘත ශරීරය අද අළුයම සොයාගෙන තිබෙනවා.
අතුරුදන්වූ සේවකයා සෙවීමේ මෙහෙයුම් සඳහා කැළණිය ඇතුලූ අවට පොලිස් ස්ථාන 5 ක නිලධාරීන් සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ විශේෂ බලකායේ සෙබලූන්ද එක්ව සිටියා. මීට අමතරව පරිප්පු ඉවත්කිරීම සඳහා බැකෝ යන්ත්‍ර දෙකක්ද යොදවා තිබූ බවයි එහි සේවකයන් ප්‍රකාශ කළේ.
කම්හලේ පරිප්පු ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා යාමෙන් පෙරේදා රාත්‍රියේ සිට මෙලෙස අතුරුදන්ව සිටියේ මොණරාගල පදිංචි හර්ෂණ තිලකරත්න නමැති 24 හැවිරිදි තරුණයෙක්.
කන්ටේනර් බහාලූම් තුළින් රැගෙන එන පරිප්පු පොම්පයක් ආධාරයෙන් කම්හලේ මෙම ටැංකියට ඇසුරුම් කරනවා. අඩි 20 ක දිගින් යුත් බහාලූම් 40 කට වැඩි සංඛ්‍යාවක රැගෙන එන පරිප්පු එහි ගබඩා කළ හැකි බවයි සේවකයන් පවසන්නේ. මෙම අනතුර සිදුවන විට බහාලූම් 60 ක පමණ පරිප්පු එහි ගබඩා කර තිබූ බව සේවකයන් ප්‍රකාශ කළා.
මෙරටට රැගෙන එන පරිප්පු ඇටවල පොතු ඉවත්කිරීම මෙම කර්මාන්තශාලාව තුළ සිදු කෙරෙන අතර අනතුරුව ඒවා ඉන්දියාවට සහ පාකිස්ථානයට ප්‍රතිඅපනයනය කෙරෙනවා.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.
මීට පෙර පුුවත
මෙතනින්