Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
21
"ඇඳුම් සේරම ගලවලා තුවක්කුවක් අරගෙන වැවකට බැහැලා වතුර දිගේ දිව්වා, කෙල්ලොත් හිටියා.." - හේමසිරි ලියනගේ

- "ඇඳුම් සේරම ගලවලා තුවක්කුවක් අරගෙන වැවකට බැහැලා වතුර දිගේ දිව්වා, කෙල්ලොත් හිටියා.." - හේමසිරි ලියනගේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

"මම නිරුවතින් ගෙවල් පැත්තේ ඇවිද්දොත් මම පිස්සෙක් කියයි...."
"මගේ බිරිය වගේම මගේ ළමයි හරිම ආසාවෙන් මගේ නිර්මාණ දෙස බලනවා.."
 
තුඃ විතරක් මේ කාලකණ්ණියා වෙසක් පෝය දවසෙත් සතෙකුට ගිණි බින්ඳනේ” ‘සංසාරේ දඩයක්කාරයා’ මේ දිනවල අප දකින සිනමා පටයක්. එහි නිර්මාණකරු ප්‍රසන්න ජයකොඩි. ඉහත කී දෙබස පිටවන්නේ එහි භික්ෂුවකගේ චරිතයට ජීවය දෙන හේමසිරි ගේ මුවිනි. රූපය නොදැක කටහඬ ඇසීමෙන් පමණක් ඒ හේමසිරි ලියනගේ නම් වූ විශිෂ්ට රංගන ශිල්පියා බව හඳුනා ගැනීමට ඔහුගේ කටහඬ ප්‍රමාණවත්ය. ඒ ආවේණික කටහඬ ඔහුට පමණය. නූතන ව්‍යවහාරයේ කියන අන්දමින් ලොවෙත් නැත; ලොවි ගහෙත් නැත.


‘සංසාරේ දඩයක්කාරයා’ චිත්‍රපටයේ හේමසිරි නිරූපණය කරන්නේ භික්ෂුවකගේ චරිතයකි. මීට පෙර භික්ෂු චරිත දෙකක් සඳහා ඔහු නිර්මාණ දෙකකට සම්බන්ධ වී යම් තීරණයකට එළඹ සිටියේය. ඒ නැවත භික්ෂු චරිතයක් රඟ නොපාන බවය. එහෙත් ප්‍රසන්න ජයකොඩි ඔහුට මෙම චරිතයට ආරාධනා කළ විට ඔහු ආරාධනාව ප්‍රතික්ෂේප නොකළේය.
 
“ප්‍රසන්න ජයකොඩි වැනි නිර්මාණශීලී අධ්‍යක්ෂවරයකු සාමාන්‍යයෙන් තිර පිටපතක් ලියන‍කොට ඒ චරිතය සඳහා යොදාගන්නා නළුවා ඔහුගේ හිතේ මැවෙනවා. ඔහුගේ මෙම නිර්මාණයේ තිර පිටපත ලියද්දි මා ගැන මතකය තියාගෙන තමයි ලියලා තියෙන්නේ... ඒ හින්දා මම ප්‍රසන්නට කිව්වා ඔයාගේ නිර්මාණයේ භික්ෂු චරිතය මම කරනවා කියලා.”
 
හේමසිරි පැවසුවේය. ඔහු කිසි කලෙක චරිත හඹාගෙන නොගිය බව පවසයි. එනිසාම හේමසිරි ලියනගේ චරිතයකට තෝරා ගන්නා අධ්‍යක්ෂවරු ඉතා අල්පය.
 
මේ සීමිත අධ්‍යක්ෂවරු කිහිපදෙනා හේමසිරිගේ වචනයෙන් කිවහොත් ‘වැඩ්ඩෝය.’ ඔවුන් ලියන තිරපිටපතේ යම් චරිතයක් වීද, එය හේමසිරිගේ ‘මොඩලයට’ ඔහුව මතකයේ තබාගෙන පිටපත නිර්මාණය වන්නේය.
 
“ ‘සංසාරයේ දඩයක්කාරයා’ චිත්‍රප‍ටයේ වනගත භික්ෂු චරිතය මම ඉතාමත් ආසාවෙන් කරපු රංගනයක්. ප්‍රසන්න එහි තිරපිටපත ලස්සනට ලියලා තිබුණා. මම ඉතා සැහැල්ලුවෙන් ඇඟට නොදැනී තමයි මෙම රංගනයට දායක වුණේ.”
 
‘මේ මගේ සඳයි’, ‘ගුරු ගෙදර’, ‘සළෙළු වරම’, ‘මචං’, ‘බවදුක’, ‘බව කර්ම’, ‘චන්න කින්නරී’, ‘සංක්‍රාන්ති’, ‘සප්ත කන්‍යා’, ‘මධුර චාරිකා’, ‘සුළඟ එනු පිණිස’ මේ ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට ගණනාවකින් කිහිපයකි. ඔහුගේ රංගන ක්‍රියාදාමයේ මතභේදකාරී චරිත කිහිපයකටම ඔහු සම්මාදන් වූවේය. නිරුවත පෙන්විය යුතු තැන ඔහු කිසිඳු පැකිලීමකින් තොරව එයට දායක වූවේය. මම ඒගැන ඔහුගෙන් විමසද්දී මේ ඔහුගේ පිළිතුර විය.
 
“මම නිරුවතින් ගෙවල් පැත්තේ ඇවිද්දොත් මම පිස්සෙක් කියයි. ඒක මහා විහිළුවක්. තවත් එකක් හේමසිරි අධ්‍යක්ෂවරු කියන හැම චරිතයකම නිරුවත පෙන්නන්නේ නැහැ. හොඳ තිරපිටපතක ඒ කතා වස්තුවට සාධාරණයක් වෙනව නම් විතරයි මම ඒ අවස්ථාවට සූදානම් වන්නේ. අනික මගේ නිරුවත් ශරීරයේ බලන්න ලස්සනක් තියෙනවද? උදාහරණයක් වශයෙන් මේ කතාව අහන්නකෝ... විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිස’ චිත්‍රපටයේ මට තිබුණා ඇඳුම් සේරම ගලවලා තුවක්කුවක් අරගෙන වැවකට බැහැලා මැද්දට වතුර දිගේ ඇවිදගෙන යන දර්ශනයකට පෙනී සිටින්නට. මෙම රූගත කරන තැන හිටියා ප්‍රංශයෙන් ආපු ගැහැනු ළමුන් සහ තවත් පිරිසක්. ප්‍රංශයේ ‘යුනිට්’ එකක් තමයි මෙම චිත්‍රපටයේ ‘සවුන්ඩ්ස්’ කරේ. විමුක්ති මට පැත්තකට අඬ ගහලා කිව්වා අන්කල් ෂූට් එකට හැම එකක්ම රෙඩි. මෙතන ඉන්න කට්ටියට යන්න කියන්නද කියලා. මම කිව්වා ඔන්න ඔහේ හිටපුවාවේ. මම මේ කරන්නේ නිර්මාණයක්. පිස්සු නොහොබිනා වැඩක් නෙමෙයිනේ කියලා.
 
තවත් එකක් මම මගේ නිර්මාණ තෝරාගෙන කරන්නේ. මගේ බිරිය වගේම මගේ ළමයි හරිම ආසාවෙන් මගේ නිර්මාණ දෙස බලනවා. එයාලා හරිම කැමැතියි මගේ රංගන වින්‍යාසයට.
 
සිනමා කර්මාන්තයේ වර්තමාන තත්ත්වය ගැනත් හේමසිරිගෙන් අදහස් විමසන්නට මට හිතුණේ ඔහු දරන ආකල්පය බොහෝවිට වැදගත්වෙයි කියලයි.
 
“දැනට අවුරුදු 30 කට එහා ඉඳලා සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් නරඹන ප්‍රේක්ෂකයෝ ටිකෙන් ටික අඩුවුණා. මෙම කර්මාන්තයේ නියැළී ඉන්න අය හරිම අමාරුවෙන් තමයි මේකේ ඇලී ගැලී සිටින්නේ. ඉන්දියාව වගේ නෙමෙයි. අපේ රටේ චිත්‍රපට නැරැඹීමේ සංස්කෘතිය දියුණු වෙලා නැහැ. ඒ හින්දා ප්‍රේක්ෂකයෝ අල්පයි. හැබැයි දැන් මෑතක ඉඳලා තරුණ නිර්මාණකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. මේ අය වටා තරුණ ප්‍රේක්ෂක පිරිසක් බිහිවෙමින් පවතිනවා. ඒක නූතන සිනමා කර්මාන්තයට සුබ නිමිත්තක්. ඉස්සර 70 - 80 දශකයේ සිනමා හෝල්වල චිත්‍රපට නරඹන්න දිගු පෝලිම් දැක්කා. මිනිස්සු ගහ මරාගන්නවා. අද එහෙම සංස්කෘතියක් නැහැ. යුද්ධය, අධ්‍යාපන ක්‍රමය සහ වෙනත් හේතූන් මත මෙම කර්මාන්තය තරමක් අක්‍රිය වෙලා. සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් නරඹනවා වගේ ආස්වාදයක් ගෙදර ටෙලිවිෂනයෙන් බලලා ගන්න බැහැ. පොඩි කාලේ අපි චිත්‍රපටයක් බලලා පහුවදා පාසල් ගියාම ඒ චිත්‍රපටය ගැන පාසල් මිතුරන් එක්ක කතා වෙනවා. එතනින් කතිකාවතක් ඇති වෙනවා. වාද විවාද ඇතිවෙනවා. නවකතාවක්, කෙටි කතාවක් කියෙව්වත් ඔය සිද්ධියම පාසල තුළ සිදුවෙනවා. ඒ කාලේ සිනමා නිර්මාණවල අපිට ගැඹුරට හිතන්න කතා වස්තුවක් තිබුණා. අද කාලේ පාසල් ළමුන්ට තියෙන්නේ කතාන්දර වැනි චිත්‍රපට බලන්න පමණයි. පාසල් ගිහින් ඒ ගැන කතා කරන්නවත් දෙයක් ඉතිරිවෙලා නැහැ.
 
හේමසිරි ලියනගේ ජීවිතය පටන් ගන්නේ ගුරු වෘත්තියෙන්. ඔහුගේ ආදරණීය බිරිය කුසුමා ලියනගේ උපාධිධාරී ගුරුවරියකි. විවිධ ක්ෂේත්‍රයන්හි නම රැන්දු පුතුන් හතර දෙනෙකු මෙලොවට දායාද කරන්නට මේ ගුරු යුවළට හැකිවීම දැයේ මහා පිනකි. ලොකු පුතා සෞම්‍ය. ඔහු මහාචාර්යවරයෙකි. දෙවෙනි පුතා සමන් සුගන්දි කලාවට සම්බන්ධව කටයුතුවල නිරතවී ඇති අතර තුන්වැනි පුතා ආලෝක එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙකි. හතරවැන්නා කවුරුත් දන්නා නව පරපුරේ ගායක ඉන්ද්‍රචාප සුබවර්ණයි. ඉන්ද්‍රචාප දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකි.
 
ටෙනිසන් එදිරිසිංහ
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top