යොවුන් පරපුරේ නැගී එන නිළියක් වුනු රිතූ ආකර්ෂා කියන්නේ තරුණ පරපුරේ කා අතරත් හිත දිනාගත්ත නිළියක්නේ. ඔය අතරේ මේ ළඟදී දවසක රිතූට පොඩි අකරතැබ්බයක් වෙලා තියෙනවා. ඒ අතර මඟදී රිතූව පොලිසියෙන් අල්ලලා.
කොහොම වුනත් රිතූව පොලිසියට අරන් ගිහින් ඇයට දඩගැහුවා කියලා මේ දවස්වල යන කටකතා වල කිසිම සත්‍යතාවක් නෑ කියලා තමයි රිතූ කීවේ.
රිතූ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න ගමන් වාහනය ධාවනය කරගෙන ගියපු නිසා තමයි මේ විදියට ඇයව පොලිසියෙන් නතර කරලා තියෙන්නේ. කොහොම වුනත් නතර කරපු පොලිස් නිලධාරියා ඇයගේ රසිකයෙක් නිසා රිතූට යන්න දුන්නලු.
ඔය කතාව අතරේ රිතුගේ සිහින කුමාරයා ගැනත් අපි ඇහුවා. එයානම් කියන්නේ රිතික් රෝෂන් තමයිලු ඇය වැඩියෙන්ම ආදරය කරන චරිතය. කවදාහරි හොයාගන්නෙත් රිතික් වගේ ඇඟ තියෙන කොල්ලෙක් කියලත් රිතූ අපිත් එක්ක කීවා.
ඇය අපිත් එක්ක දැක්වූ අදහස් පහතින්...