විහිලු තහලු, විනෝද සමය තුළින් ගුවන්විදුලියෙන් රටක් හිනැස්සූ තුන් කට්ටුව ලෙස සැලකණු සැමුවෙල්, ඇනෙස්ලි, බර්ටි යන අය අතරින් අදටද ජිවත්ව සිටින්නේ බර්ටි ගුණතිලක පමණ යි.
දේශපාලකයින්, බලධාරින් අතින් සිදුවන වැරදි ඔවුන් විහිලුවකින් ඉතා උපහාසාත්මකව ව්‍යංගයෙන් කීමට දක්ෂයින් වුණා. මෙම වැඩසටහන් සංවිධානයෙන්, රචනයෙන් මෙන්ම නිවේදන කිරීමෙන්ද මොවුන්ට ඉතා සමීපව කටයුතු කළ ප්‍රධාන චරිතය වී ඇත්තේ ඇල්ෆ්‍රඩ් පෙරේරා යි. ඔහු තවමත් ජිවත්ව සිටින බව කියැවෙනවා.
විනෝද සමයේ බොහෝ කථාංග රචනා කර ඇත්තේ බර්ටි විසිනුයි. ඒ අතර අපූරු මාළුවා, සන්තෝෂය, අතේ අමාරුව, අපූරු ආදරය, මදුරුමැදරි රැස්වීම, මූ මට ගහනවා, මට මූ ගහනවා වැනි කථාංග ඔහුගේ නිර්මාණ බව සඳහන්.
පනස් වසරකට වැඩි කාලයක් සිරිලක කලා ක්ෂෙත්‍රයේ නොමැකෙන මතක රැන්දුව බර්ටි ගුණතිලක අද හුදකලා දිවියක් ගත කරමින් සිය සැදෑ සමය ගෙවමින් ගොඩකවෙල වේරහැර ගමේ පදිංචිව සිටිනවා.
බර්ටි දරුවන් 4 දෙනෙකුගේ පියෙක්. ඒ පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු වශයෙනුයි.
බර්ටි නුවර අම්පිටිය ප්‍රදේශයේ උපතලද අයෙක්. ඔහු ගොඩකවෙල ප්‍රදේශයේ පාසලක විශේෂ උත්සවයකට ආරාධනා ලැබීමෙන් ඊට සහභාගී වීමට ආ අවස්ථාවක එම පාසලේ ගුරුවරියක හා යාළුවීමෙන් විවාහ වී එම ගුරුවරියගේ ගම වන වේරහැර ගමේ පදිංචියට පැමිණ තිබෙනවා.
දරුවන් 4 දෙනාගෙන් එක් දියණියන් වන ජිවානි ගුණතිලක මේ වන විටද විවාහ නොවී මහගෙදරට වී පියා බලා කියා ගනිමින් සිටිනවා.
බර්ටි මහතා කලක පටන් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන අතර ඒ හා මතුවන සෙසු රෝගී තත්ත්වයන් නිසා දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා. කන් ඇසීම අඩු අතර පාදවල අධික ලෙස තුවාල මතුවී තිබෙනවා. මතක ශක්තිය හීන වී ගොසිනුයි.
කලාවෙන් ඉතිරි කළ හෝ වතුපිටිවලින් ලැබෙන ආදායමක් හෝ ඔවුන්ට නැහැ.
සෙනෙස්ටාර් පදනම හා ටවර්හෝල් පදනම මඟින් ලැබෙන සුළු මුදල බේත් වලටවත් ප්‍රමාණවත් නොවන බව සඳහන්.
යන්තම් මතකය අවදිකරමින් ඔහු කියා සිටියේ කලාකරුවෙකු වීම ගැන තමා දුක් වන බවයි. VIDEO