දෙමළ නළු විජේ සේතුපති ශ්‍රී ලංකාවේ හිටපු දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ගේ ජිවීත කතාව ඇතුලත් ‘800’ නම් චිත්‍රපටයේ රඟපෑමට සූදානම් බව වෙබ් අඩවියක පළ වූ වාර්තාවක දැක්වෙනවා.
මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක පන්දුයවන්නා බවට පත්වන්නේ දෙවන ස්ථානය හිමිකරු වන ෂේන් වෝන්ට වඩා කඩුලු 92 වැඩින්ය . මුරලිදරන් එක්දින තරගවලදී කඩුලු 534 ක් හා විස්සයි 20 තරග 12 කදී කඩුලු 13 ක් දවාගෙන ඇති අතර එමඟින් ඔහු ජාත්‍යන්තර කඩුලු 1,247 ක් දවාගෙන තිබෙනවා.
1972 දී මහනුවරදී උපත ලැබූ මුරලිදරන් 1992 සිට 2011 දක්වා කාලය තුළ ටෙස්ට් 133 ක්, එක්දින තරග 350 ක් සහ විස්සයි 20 තරග 12 කට ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ සුවිශේෂී පන්දු යැවීමේ ක්‍රියාව සඳහා වරින් වර නීතිමය අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය . එසේ වුවද ඔහු පසුව ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්විය. ඔහු 1996 දී ලෝක කුසලානය දිනාගත් ලංකා කණ්ඩායමේද ප්‍රධාන සාමාජිකයෙක්.
“අපි 2019 දෙසැම්බරයේ රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා . මෙය ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, එංගලන්තයේ සහ ලෝකයේ වෙනත් රටවල රූගත කිරීමට නියමිත විශාල වියදම් සහිත චිත්‍රපටයක්” යැයි වෙබ් අඩවිය වාර්තාව උපුටා දක්වමින් ප්‍රකාශ කර සිටි . නමුත් චිත්‍රපටය පිළිබඳව නිල නිවේදනයක් මේ වනතුරු නිකුත් කරලා නැහැ.
මේ අතර සේතුපති මේ වන විට ‘සංගා තමීෂාන්’ සහ ‘කඩයිසි විවාසයි’ ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සමඟ කාර්යබහුල වී සිටිනවා.