2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ පැවති ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් තරඟය ශ්‍රී ලංකා කණ්ඩාටමට ජයග්‍රහණය කරන්න හැකි වුණා. මෙම තරඟයේ සිය මංගල එක්දින ශතකය ලබා ගන්නට යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට හැකි වුණා.
ඒ මෙන්ම තවත් විශේෂ දෙයක් වූණේ වසර එක හමාරක පමණ කාලයක් පන්දු නොයවා පිතිකරණය පමණක් යෙදුණු මැතිවුස් ඊයේ තරඟයේ පන්දු යැවීමට කටයුතු කළා.
ඇන්ජලෝ තරඟයේ යැවූ පළමු පන්දුවෙන්ම විකට්ටුවක් ලබා ගත් අතර එය තරඟයේ අවශ්‍යම මොහොතක ලබා ගත් විකට්ටුවක් වුණා. වසර එක හමාරක කාළයක් තිස්සේ පන්දු යැවීමෙන් වැළකී සිටි ඇන්ජලෝ මැතිවුස් තරඟයෙන් අනතුරුව තිබූ මාධ්‍ය හමුවේදී පවසා සිටියේ.
"මම මාස 8කින් බෝල් කරලා තිබ්බේ නැහැ .අපිට බැරිවුනා 40වන ඕවරයෙන් පස්සේ දඟ පන්දු යවන්නෙක් දාන්න.ඉතින් මම දැක්කා දිමුත් කවුරු හරි හොයනවා. මම කිව්වා මම ඕවර්ස් දෙකක් දාල දෙන්නම් කියල.මම කිව්වා දිමුත්ට අපි බලමු මාලින්ගගෙනුයි ,උදානගෙනුයි පූරන්ව අවුට් කර ගන්න නැත්තන් මම 48යි 50යි දාලා දෙන්නම් කියලා."
වැඩි දුරටත් ඇන්ජලෝ මැතිවුස් පවසා සිටියේ "අවිශ්ක ඉතාම පරිනත ක්‍රීඩකයෙක් වගේ හොඳට සෙල්ලම් කළා." යනුවෙනුයි.
එමෙන්ම ඉදිරියට පැවැත්වෙන තරඟවලදී මැතිවුස් පන්දු යවන්නෙක් හැටියටත් සිය හැකියාව වර්ධනය කරගන්නට බලාපොරොත්තුවන බවද පැවසුවා.