Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
07
රාවණා ගුවන් යානා 24 හා ගුවන්තොටුපොළවල් භාවිතා කළ බවට ඉන්දියානුවන්ගේ ප්‍රකාශයක්

- රාවණා ගුවන් යානා 24 හා ගුවන්තොටුපොළවල් භාවිතා කළ බවට ඉන්දියානුවන්ගේ ප්‍රකාශයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ඉන්දියාවේ පැවති ප්‍රමුඛ පෙළේ විද්‍යා සමුළුවකදී එරට විද්‍යාඥයින් පිරිසක් විද්‍යාත්මක සොයා ගැනීම් කිහිපයක් පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේදී අදහස් පළ කළ ඇතැම් විද්වත්හු අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් ද ප්‍රතික්ෂේප කර තිබිණි.


ඔවුන් පැවසුවේ, අතීතයේ වාසය කළ හින්දු ජනයා පියවි සෛල (stem cell) පර්යේෂණ ද සොයාගෙන තිබූ බවය.

හින්දු මිථ්‍යා විශ්වාස සහ ආගමික කරුණු මත පදනම් වූ න්‍යායයන් ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේ න්‍යාය පත්‍රයට වැඩි වශයෙන් ඇතුළත් වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

එහෙත්, විද්වතුන් පවසන්නේ, මෙවර සමුළුවේදී සාමාන්‍ය මට්ටමට වඩා එම න්‍යායයන් කතාබහට ලක්වූ බවය.

දකුණු ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අංශ ප්‍රධානියෙකු පැරණි හින්දු ලියවිල්ලක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැවසුවේ, පියවි සෛල පිළිබඳව ඉන්දියාවේදී මීට වසර දහස් ගණනකට පෙර සොයා ගැනීම් කර තිබූ බවය.

හින්දු ආගමික වීර කාව්‍යයක් වන රාමායණයේ සඳහන් වන රාවණා නමැති රජුට ගුවන් යානා වර්ග 24 ක් අයත්ව තිබූ බවත්, ඒවා ගොඩ බැස්වීමට ශ්‍රී ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවත් ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උප කුලපති ජී නාගේෂ්වර් රාඕ (G Nageshwar Rao) පැවසුවේය.

තමිල්නාඩු ප්‍රාන්තයේ තවත් විශ්වවිද්‍යාලයක විද්‍යාඥයෙකු පැවසුවේ, අයිසැක් නිවුටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් වැරදි බවත්, ගුරුත්වාකර්ෂණ තරංග "නරේන්ද්‍ර මෝදි තරංග" යනුවෙන් නම් කළ යුතු බවත් ය.

ආචාර්ය කේ ජේ ක්‍රිෂ්ණන් (Dr KJ Krishnan) පවසා ඇත්තේ, "ගුරුත්ව විකර්ෂණ බලවේග තේරුම් ගැනීමට" අයිසැක් නිවුටන් අසමත් වූ අතර අයින්ස්ටයින්ගේ නියමයන් "නොමග යවනසුලු" ඒවා බවය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විද්‍යා විචාරකයින් පවසන්නේ, ඉපැරණි ලියවිලි කියවා විනෝද වීමට සුදුසු වුව ද, ඒවා විද්‍යාත්මක ලියවිලි ලෙස සැලකීම විකාරයක් බවය.

සමුළුවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් "දැඩි අවධානය" යොමු කර ඇතැයි ඉන්දීය විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමය (The Indian Scientific Congress Association) සඳහන් කර තිබේ.

"ඔවුන්ගේ අදහස්වලට අපි එකඟ නැහැ. අපේ අදහස් සහ එම මතයයන් අතර කිසිදු සම්බන්ධයක් නැහැ. මේක අවාසනාවන්ත තත්ත්වයක්," ඉන්දීය විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රේමේන්දු පී මාථූර් (Premendu P Mathur) AFP පුවත් සේවයට පවසා තිබේ.

"වගකීමක් ඇති පුද්ගලයින් පිරිසක් කර ඇති මේ ප්‍රකාශ ගැන දැඩි අවධානයක් යොමු කර තිබෙනවා."

ගුවන් යානා සම්බන්ධයෙන් පළමු වරට රාමායණය කෘතියේ සඳහන් වී ඇතැයි ඉන්දීය කනිෂ්ඨ අධ්‍යාපන අමාත්‍ය සත්‍යපාල් සිං (Satyapal Singh) පසුගිය වසරේ පැවති ඉන්ජිනේරු සම්මාන උළෙලකදී ද සඳහන් කළේය.

ඔහු එහිදී පැවසුවේ, රයිට් සහෝදරයින් විසින් ගුවන් යානයක් නිපදවීමට වසර 8 කට පෙර ශිවාකර් බාබුජී තල්පාදේ (Shivakar Babuji Talpade) නමැති ඉන්දියානුවෙකු ගුවන් යානයක් නිපදවා ඇති බවය.

රාවණා පිළිබඳව වාර්තා වන්නේ, ඉන්දීය වීර කාව්‍යයක් වන රාමායණය තුළය. එම රාමායණ කතාවට අනුව රාවණා රාමාගේ බිරිඳ පැහැරගෙන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.‍

එහිදී, 'දඬුමොණරය' නමැති අහසින් ගමන් කළ හැකි ගුවන් යානයක් පිළිබඳව සඳහන් වී තිබේ.

මෙම රාවණා සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව පවසන්නේ, "රාවණා යනු ඉතා බුද්ධිමත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු" බවය.

කෙසේ වෙතත්, ඔහු අන්‍යයෙකුට අයත් බිරිඳක් පැහැරගෙන යාම හේතුවෙන් ඔහුගේ පිළිරුවකට ගිනි තබමින් අයහපත් මනුෂ්‍ය ස්වභාවය සංකේතවත්ව විනාශ කිරීමක් ද ඉන්දියාවේ චාරිත්‍රමය වශයෙන් වසරක් පාසා සිදු කෙරේ.

පසුගිය වසරේ එම චාරිත්‍රය ඉටු කරන අවස්ථාවේදී විශාල පිරිසක් දුම්රියේ ගැටී මිය යාම අදාළ සම්ප්‍රදායට එරෙහි පුද්ගලයන් "ශාපයක්" ලෙස ද හැඳින් වුහ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව තුළ ද රාවණා සම්බන්ධයෙන් විවිධ මත පවතී. ඇතැම් පිරිස් රාවණාට අතිශය ගරු කරන අතර සීගිරි බලකොටුව පළමුවෙන් නිර්මාණය කරන ලද්දේ, රාවණා විසින් බවට ද මත පළ කරන පිරිසක් ද වෙති.

රාවණා ඇල්ල, රාවණා ලෙන් විහාරය ආදී රාවණා යන නාමයට සම්බන්ධ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ ඇල්ල ප්‍රදේශය ආශ්‍රිතව තවමත් පවතී.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top