Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
25
"ඒ කාලේ මම ඉස්කෝලේ යනවා. ක්ලාස් තියෙන දවස්වලට ක්ලාස් කට් කරලා හරි මම යනවා එයාව හම්බවෙන්න..." - රොමේෂ්ගේ බිරිද කියයි

- "ඒ කාලේ මම ඉස්කෝලේ යනවා. ක්ලාස් තියෙන දවස්වලට ක්ලාස් කට් කරලා හරි මම යනවා එයාව හම්බවෙන්න..." - රොමේෂ්ගේ බිරිද කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"එයා දැන් ඒවාට හරියට ඇබ්බැහි වෙලා, මම ඒකට කැමතිම නැහැ.."

"දෙන්නම එකතු වෙලා මාව බයිට් කරනවා.."

රොමේෂ් සුගතපාල කියන්නේ මේ දිනවල සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ ගායන ජීවිතය ගැන නම් අපි තොරතුරු දන්නවා. හැබැයි ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු දැන හැකියාව ලැබෙන්නේ රොමේෂ්ගේ බිරිය ඔමාලි එක්කයි. මේ කතාබහ ඇය සමගයි.


රොමේෂ් කියන පෙම්වතා?
ඒ කාලේ හරිම දඟ චරිතයක්. කොහොම හරි මාව හම්බවෙන්නම තමයි ට්‍රයි කරන්නේ. ඒ කාලේ මම ඉස්කෝලේ යනවා. ක්ලාස් තියෙන දවස්වලට ක්ලාස් කට් කරලා හරි මම යනවා රොමේෂ් හම්බවෙන්න. ඒ කාලේ එයා මං ගැන හරියට හොයලා බැලුවා.

සැමියා විදියට?
දඟ ගතිය තාම තියෙනවා. හැබැයි වගකීම් දරන්න පුරුදු වුණා. පුතා වෙනුවෙන් ඒ වගේම මං වෙනුවෙන්. මම දුකෙන් ඉන්නවා කියලා දැනුණොත් එයා මාව කොහේ හරි එක්ක යනවා. පුතත් හරිම දඟයි. තාත්තයි පුතයි දෙන්නම එකතු වෙලා මාව බයිට් කරනවා.

තාත්තා කෙනෙක් විදියට?
පුතාගේ දේවල් ඔක්කොම එයා කරනවා. උදේට පුතාව මොන්ටිසෝරි යවන්න ලෑස්ති කරන්නත් උදවු වෙනවා. ගෙදර වැඩවලටත් ඒ වගේම උදවු කරනවා.

ගෙදර ඉන්නකොට?
ගෙදර ඉන්න වෙලාවට හිනා වෙලාම තමයි ඉන්නේ. මාව තරහ ගස්සනවා හැම තිස්සෙම. ඒ වගේම මාව අවුස්සනවා.

රොමේෂ්ට වගකීම් දරන්න තියෙන හැකියාව?
පුතාව හම්බ වුණාට පස්සේ රොමේෂ් ගොඩක් වගකීම් සහගත වුණා. ගෙදරදී වුණත් එහෙමයි. ඒ වගේම මවුපියන්ටත් වෙන්න ඕන යුතුකම් හරියට කරනවා. ගමේ යනවා ඒගොල්ලන්ව බලන්න. එයාලව මඟහරින්නේ නැහැ.

ඔබ රොමේෂ්ගේ කැමැතිම ගතිගුණ?
හැමෝටම උදවු කරනවා. ඒකට මම කැමැතියි. මොකද මිනිස්සුන්ට එහෙම උදවු කරන කෙනෙක් මම දැකලාම නෑ. වචනෙකින් වත් කෙනෙක්ගේ හිත රිද්දන්නේ නෑ.
රොමේෂ් ප්‍රශ්නෙක ඉන්න වෙලවක වුණත් කවුරු හරි කෝල් කළොත් ඒකට හොඳට කතා කරනවා. මගේ වුණත් හිත රිද්දන්නේ නෑ.

රොමේෂ් කරන දේවල්වලින් ඔබ අකැමැතිම දේ?
රොමේෂ් නිතරම ෆිල්ම්ස් බලනවා. ඒකට තමයි මම කැමැති නැත්තේ.

රොමේෂ්ට කේන්ති ගියාම?
කේන්ති ගියාම කෑ ගහනවා. පිට දේකට කේන්ති ගියාම එයාම විසඳුමක් හොයා ගන්නවා. හැබැයි කේන්තිය වැඩි වෙලාවක් තියෙන්නේ නෑ.

රොමේෂ්ට දුකක් හිතුණම?
දුක හිතුණාම ඒක හොයාගන්න පුළුවන්. හේතුව මට කියනවා.

සතුටු හිතුණාම?
ඒ වෙලාවට රොමේෂ්ට එළියට යන්න ඕන. කන්න ඕන. මාවයි පුතාවයි හොටෙල් එකකට එක්ක යනවා. අපි දෙන්න එක්ක තමයි ඒ වෙලාවට ඉන්න ඕන.

නිවාඩුවක් ලැබුණාම?
නිවාඩුවක් ලැබුණාම නුවර යනවා. එහෙ ගිහින් දවස් දෙක තුනක් ඉන්නවා.

වැඩිපුරම යන්න කැමැති තැන්?
රට යන්න කැමැතියි. නුවරඑළිය, නුවර වගේ පැතිවලටත් යන්න කැමැතියි.

රොමේෂ් කන්න කැමැති දේවල්?
පරිප්පු කන්න තමයි කැමැති. හැබැයි මම පරිප්පු කන්න ආස නෑ. ඒක නිසා මම වැඩිය පරිප්පු හදන්නේ නෑ.

රොමේෂ් දුන්න අමතක නොවන තෑග්ග?
මට ඉස්සෙල්ලාම දීපු රින්ග් එක තමයි අමතක නොවෙනම තෑග්ග. රොමේෂ් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න කලින් 2003දී වගේ තමයි මට ඒ රින්ග් එක දුන්නේ. රොමේෂ්ට රු. 500ක් හම්බ වෙලා ඒකෙන් 450ක් විතරම ගිහිල්ලා මුද්ද ගන්න. දැනටත් රට ගියොත් ඔළුවේ ඉඳන් කකුලට වෙනකන්ම මට තෑගි ගේනවා.

රොමේෂ් ඇබ්බැහි වුණු දේවල්?
හින්දි ෆිල්ම්ස්, ඉංග්ලිෂ් ෆිල්ම්ස් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒවා බලනවා ගොඩක්.

මියුසික් නිසා රොමේෂ්ට මඟහැරුණු දේවල්?
රොමේෂ් ක්‍රිකට් ගහන්න ආසයි. හැබැයි මියුසික් නිසා ප්‍රැක්ටිස්වලට යන්න වෙලාව නැති වෙලා තියෙනවා.

අපි නොදන්න රහස්?
හරිම විහිළුවෙන් ඉන්න කෙනෙක්. ටී.වී. ප්‍රෝගෑම්ස්වලට ගියාම ඒ වගේ නෑනේ. සීරියස් ඉන්නේ. හැබැයි ගෙදරදී එහෙම නෑ. හරිම විහිළු කරන්නේ.

උදාරා ඉන්දීවරී ජිනදාස




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top